Home > Articles posted by Admin (Page 107)
FEATURE
on May 15, 2023
296 views 0 secs

ජනාධිපතිවරයා විසින් ආණ්ඩුකාරවරු තිදෙනෙකු එම ධුරවලින් ඉවත්කර තිබේ. උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් ආණ්ඩුකාරවරුන් මෙලෙස ජනාධිපතිවරයා විසින් ඉවත්කර ඇති අතර එළඹෙන 17 වනදා එම ධුර සඳහා ආණ්ඩුකාර නව ආණ්ඩුකාරවරු පත්කරනු ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා.

FEATURE
on May 15, 2023
316 views 0 secs

නොරොච්චෝලේ බලාගාරයේ 03 වන ඒකකය දින 100ක කාලයක් සඳහා වසා තැබෙන බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. එළඹෙන ජුනි මස 13 වනදා සිට දින මෙලෙස බලාගාරයේ 03 වන ඒකකය වසා තැබෙන අතර අදාළ කාලසීමාව තුළදී කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදුනොකරන බවද අමාත්‍යවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. නියමිත ප්‍රධාන අලුත්වැඩියා […]

FEATURE
on May 15, 2023
296 views 0 secs

ලෝක වෙළෙඳපොළෙහි බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 73.84 ක් දක්වා පහත වැටී ඇති අතර Wඓඨ් බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.79 දක්වාද අඩුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. පසුගිය සති 4 පුරාවට බොර තෙල් මිල පහළ යමින් පවතින බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර සිටියා.

FEATURE
on May 15, 2023
311 views 0 secs

අද (15) සිට අන්තර් පළාත් බස් රථ නිශ්චිත නැවතුම්පොළවල පමණක් නැවැත්වීමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. මෙම්ම වැඩසටහන පළමුවෙන්ම කොළඹ සිට ගාල්ල දක්වා මාර්ගයේ ක්‍රියාත්මක කරන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කර සිටියා. ඒ අනුව අද සිට අන්තර් පළාත් බස් රථ නැවැත්විය හැක්කේ කහපාට […]

FEATURE
on May 15, 2023
274 views 0 secs

රේල් බස් රථයක් පීලි පැනීම හේතුවෙන් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය පොල්ගහවෙල දක්වා සීමාකර තිබේ. පොතුහැර හා තලවත්තේගෙදර අතරදී එම රේල් බස් රථය මතට ගසක් කඩා වැටී මෙලෙස එම රේල් බස් රථය පීලිපැන ඇති බව වාර්තා වේ. 2022 වසරේ නොවැම්බර් මාසයේදීද මෙම ස්ථානය ආසන්නයේ මාර්ගයට වැටී තිබූ ගසක ගැටීමෙන් රේල් බස් රථයක් පීලිපැනීමකට ලක්විය.

FEATURE
on May 15, 2023
311 views 0 secs

රිච්ටර් මාපකයේ ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් , ජපානයේ කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබදව භූකම්පනයක් හටගෙන තිබේ. පසුකම්පනය සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා ඇති අතර සුනාමි අනතුරු ඇඟවීම් නිවේදන මෙතෙක් නිකුත් කර නොමැති බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

FEATURE
on May 12, 2023
277 views 0 secs

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව එක්සත් ජනපද ඩොලරයේ මිල අද (12) පහත වැටීමක් සිදුව තිබෙනවා. ඒ අනුව අද ඩොලරයක ගැනුම් මිල රු.306.38 ක් ලෙසත්, විකුණුම් මිල රු.320.03 ක් ලෙසත් ශ්‍රී ලංකා මහ බැංකුවවේ නිල වෙබ් අඩවිය නිවේදනය කර තිබිණි.

FEATURE
on May 12, 2023
278 views 0 secs

මැයි 29 වනදා සාමාන්‍ය පෙළ විභාගය ආරම්භවීම හේතුවෙන් මැයි මස 27 වනදා සිට ජුනි 11 දක්වා පාසල් නිවාඩුව ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියා.

FEATURE
on May 12, 2023
297 views 0 secs

කලින් දිනයක් සහ වේලාවක් වෙන්කර ගැනීමෙන් පසු පමණක් විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන්නැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.ඉදිරි සති දෙක තුළ ඉතා පහසුවෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන බව එහි පාලක ජෙනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on May 12, 2023
264 views 0 secs

ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් 1ක මිල රුපියල් 200කින් අඩු කර තිබෙන බව වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි. මැයි 15 වනදා සිට ක්‍රියාත්මක වන මෙම සහනය ජනතාවට ලැබෙනු ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියා.