Home > Articles posted by Admin (Page 104)
FEATURE
on Jun 5, 2023
305 views 0 secs

චීනයේ, සිචුවාන් පළාතේ පතලක් තුළ සිදු වූ නායයෑමකින් පුද්ගලයින් 19 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. එහි සිටි පිරිස ගලවා ගැනීම සඳහා 180 දෙනෙකු පමණ අනියුක්ත කර ඇතැයි සඳහන් ය. අධික වර්ෂාවත් සමග මෙම නායයෑම සිදු වී ඇති අතර අතර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

FEATURE
on Jun 5, 2023
297 views 0 secs

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළයාම හේතුවෙන් ඖෂධ මිල අඩුකරන බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි ඖෂධවල මිල ජුනි 15 වනදා සිට පහළ දැමීමට අවශ්‍ය පියවර ගන්නා බවත් එහිදී ඖෂධවල මිල 16%කින් අඩු කිරීමට නියමිත බවත් අමාත්‍යවරයා පෙන්වා දුනි.

FEATURE
on Jun 5, 2023
292 views 0 secs

ඉදිරි සති කිහිපය ඇතුළත ඉහළ ගොස් ඇති කුකුළු මස් මිල පහත යනු ඇති බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා. කෙසේ වුවද සීත කළ කුකුළු මස් මිල ඉහළ දමා නොමැති බවත්,මාළු මිල ඉහළ යාම හේතුවෙන් පසුගිය සති කිහිපය තුළ කුකුළු මස් සඳහා විශාල ඉල්ලුමක් පැවති අතර, ඒ හේතුවෙන් මෙලෙස මිල ඉහළ ගොස් ඇති බවත් එහි […]

FEATURE
on Jun 5, 2023
303 views 0 secs

ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත් කරන විනිමය අනුපාතිකය අනුව අද (05) ඇමරිකානු ඩොලරයේ මිල සුළු වෙනස් වීමක් සිදුව තිබෙනවා. එයට අද ඩොලරයක ගැනුම් මිල රු.285.61 ක් ලෙස හා විකුණුම් මිල රු.298.85 ක් ලෙසයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටියේ.

FEATURE
on Jun 5, 2023
511 views 0 secs

නවීන ඩ්‍රෝන තාක්ෂණය මෙරට කෘෂිකර්ම ක්ෂේත්‍රයේ දියුණුව සඳහා යොදා ගත හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පවසයි.වෘත්තීය පුහුණු අධිකාරිය (VTA) විසින් දියත් කරන ලද ඩ්‍රෝන නියමුවන් පුහුණු කිරීමේ වැඩසටහනක උත්සවයකට සහභාගී වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටි අතර, කාලය ඉතිරි කර ගැනීමට, කෘෂිකාර්මික අංශයේ නාස්තිය අවම කිරීමට සහ නිෂ්පාදනය වැඩි කිරීමට ඩ්‍රෝන […]

FEATURE
on Jun 3, 2023
310 views 0 secs

ගෘහස්ථ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කර සිටියා.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ට වඩා වැඩි මිලකින් පහළ දමන අතර ඊට සාපෙක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.5 අඩු කෙරෙනු ඇති බව එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කලා. හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් […]

FEATURE
on Jun 3, 2023
324 views 0 secs

ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ දුම්රියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ බලසෝර් නගරයේ දී සිදු වී මෙම අනතුරින් පුද්ගලයින් 260කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 900කට අධික බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම මාරාන්තික දුම්රිය අනතුර ඊයේ රාත්‍රී 7ට පමණ […]

FEATURE
on Jun 1, 2023
285 views 0 secs

මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා ඔහුගේ නිල නිවසේ ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටියා. ඔහු 42 හැවිරිදි විවාහක පුද්ගලයෙක් වන අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය සිදු කරමින් පවතී.

FEATURE
on May 31, 2023
306 views 0 secs

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ දුරකතන අංක යථා තත්ත්වයට පත් කර ඇති අතර එම දෙපාර්තමේන්තුවේ දුරකතන අංකයන් පහතින්. 011242222201124222230112686087110

FEATURE
on May 31, 2023
283 views 0 secs

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.නව සංශෝධනයන්ට අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 318 කි. නව සංශෝධනයන්ට අනුව ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 385කි.