Home > Articles posted by Admin (Page 104)
FEATURE
on Jun 3, 2023
214 views 0 secs

ගෘහස්ථ ගෑස් මිල හෙට (04) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම ප්‍රකාශ කර සිටියා.ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 300ට වඩා වැඩි මිලකින් පහළ දමන අතර ඊට සාපෙක්ෂව කිලෝග්‍රෑම් 5 සහ කිලෝග්‍රෑම් 2.5 අඩු කෙරෙනු ඇති බව එහි සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කලා. හෙට දිනයේදී ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් […]

FEATURE
on Jun 3, 2023
221 views 0 secs

ඉන්දියාවේ මගී දුම්රිය දෙකක් සහ භාණ්ඩ දුම්රියක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ බලසෝර් නගරයේ දී සිදු වී මෙම අනතුරින් පුද්ගලයින් 260කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර සිද්ධියෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 900කට අධික බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. මෙම මාරාන්තික දුම්රිය අනතුර ඊයේ රාත්‍රී 7ට පමණ […]

FEATURE
on Jun 1, 2023
195 views 0 secs

මීගමුව ප්‍රාදේශීය ලේකම්වරයා ඔහුගේ නිල නිවසේ ගෙල වැලලාගෙන මියගොස් සිටියදී සොයගෙන ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටියා. ඔහු 42 හැවිරිදි විවාහක පුද්ගලයෙක් වන අතර මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පොලිසිය සිදු කරමින් පවතී.

FEATURE
on May 31, 2023
200 views 0 secs

කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ දුරකතන අංක යථා තත්ත්වයට පත් කර ඇති අතර එම දෙපාර්තමේන්තුවේ දුරකතන අංකයන් පහතින්. 011242222201124222230112686087110

FEATURE
on May 31, 2023
197 views 0 secs

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.නව සංශෝධනයන්ට අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 15කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 318 කි. නව සංශෝධනයන්ට අනුව ඔක්ටෙන් 95 පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 20 කින් ඉහළ දමා ඇත. එහි නව මිල රුපියල් 385කි.

FEATURE
on May 30, 2023
207 views 0 secs

අද (30) සිට වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් යළිත් කුරුණෑගල ශික්ෂණ රෝහලේ නාරි හා ප්‍රසව වාට්ටුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරිවරයා ලෙස වැඩ ආරම්භ කර තිබෙනවා. ඒ ඔහු නැවත කුරුණෑගල ශික්ෂණ රෝහල වෙතට අනුයුක්ත කරන ලෙස දන්වා රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ සෞඛ්‍ය සේවා කමිටුව විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක්ද යොමු කිරීම්‍රන් අනතුරුවයි. වෛද්‍ය ෂාෆිට එරෙහි විනය ක්‍රියාමාර්ග අවසන් කර […]

FEATURE
on May 30, 2023
197 views 0 secs

ජාත්‍යන්තර වෙළෙඳපොළෙහි බොර තෙල් මිල පහළ ගොස් ඇති අතර එක්සත් ජනපදයේ ණය සීමාව සම්බන්ධයෙන් ඇතිව තිබූ මතගැටුම සමනයවීම ඊට ප්‍රධාන හේතුව ලෙස සඳහන් වෙයි. බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 75.71 දක්වාද, වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 71.48 දක්වාද අඩුවී තිබූ අතර සමස්තයක් වශයෙන් බොර තෙල් මිල 2%කින් පමණ පහළගොස් ඇති බව මාධ්‍ය වාර්තා […]

FEATURE
on May 30, 2023
207 views 0 secs

ජුනි 01 දා සිට ආනයනික පළතුරුවල බැර ලෝහ පරීක්ෂා කිරීම අනිවාර්ය කර තිබේ.මෙරටට ආනයනය කරන ඇතැම් පළතුරුවල බැර ලෝහයක් වන ඊයම් අන්තර්ගත බව සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්විණි.2021 – 2022 අතර කාලය තුළ සෞඛ්‍ය අමාත්‍යංශයේ ආහාර පාලන ඒකකය කළ ජාතික ආහාර හා සුරක්ෂිතතා සමීක්ෂණයේදී ඒ බව අනාවරණ වී ඇත මෙම තත්ත්වය මහජන සෞඛ්‍යට හානිකර […]

FEATURE
on May 30, 2023
216 views 1 sec

හදිසි ගින්නක් සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීම සඳහා 011-2686087 යන දුරකථන අංකය භාවිත කරන ලෙසට කොළඹ ගිනි නිවීමේ ඒකකය දැනුම් දී සිටියා. මීට පෙර ක්‍රියාත්මක වූ 011-2422222 හෝ 110 අංකය නැවත දැනුම්දෙනතුරු ක්‍රියාත්මක නොවන බවද එම ඒකකය දැනුම් දී සිටියා.

FEATURE
on May 27, 2023
212 views 4 secs

2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කර තිබෙන අතර එම ප්‍රතිඵල www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවිවලට පිවිසීමෙන් ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්කරුවන් 80,272 දෙනෙකු ඉල්ලුම් කර තිබූ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය. නැවත සමීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ […]