Home > Articles posted by Admin (Page 101)
FEATURE
on Jul 31, 2023
266 views 0 secs

කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජුලි මාසයේ මතුපිට උද්ධමනය සියයට 6.3ක් දක්වා පහත බැස ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව පවසයි. ජුනි මාසයේ දී මෙරට උද්ධමනය සඳහන් වුයේ 12%ක් ලෙසය. එමෙන්ම පෙර මාසයේ 4.1%ක් ලෙස වාර්තා ආහාර කාණ්ඩය සඳහා වන උද්ධමනය ද -1.4% දක්වා පහත වැටී තිබේ. ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ද ජුනි මාසයේ […]

FEATURE
on Jul 31, 2023
289 views 0 secs

ජායිපූර් සිට මුම්බායි දක්වා ධාවනය කරමින් තිබූ දුම්රියක උදෑසන 5.30ට පමණ සිදුකළ වෙඩිතැබීමකින් සිව් දෙනෙක් ජීවිතක්ෂයට පත්වී ඇති බව එරට මාධ්‍ය සඳහන් කර සිටියා. ඉන්දීය දුම්රිය ආරක්ෂක බළකා කොස්තාපල්වරයෙක් එම වෙඩිතැබීම සිදුකර ඇති අතර එම පුද්ගලයා, උසස් නිලධාරියෙක්ව සහ දුම්රිය මගීන් තිදෙනෙක්ව ඝාතනය කර ඇති බවත් ඊට හේතුව මෙතෙක් හෙළිවී නොමැති බවත් පොලීසිය ප්‍රකාශ කර […]

FEATURE
on Jul 31, 2023
279 views 1 sec

වයඹදිග පාකිස්ථානයේ ජමියට් උලමා-ඊ-ඉස්ලාම් පක්ෂය සංවිධාන කළ දේශපාලන රැළියක් අතරතුර එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 44ක් දක්වා ඉහළට ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන් තුවාල ලබා ඇති සංඛ්‍යාව 100කට අධික වන බව විදෙස් මාධ්‍ය පෙන්වා වාර්තා කල අතර ප්‍රහාරයෙන් ප්‍රාදේශීය දේශපාලන නායකයෙකු වන, අන්වර් උල් හක් මියගොස් ඇති බවද වාර්තා වේ. තුවාල ලැබූවන්ගෙන් […]

FEATURE
on Jul 31, 2023
258 views 0 secs

ඉදිරි මාස දෙක ඇතුළත ඉන්ධන කෝටා ක්‍රමය අහෝසි කිරීමට සාකච්ඡා කරමින් සිටින බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. ජනාධිපතිවරයාත්, මුදල් අමාත්‍යාංශයත්, කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවයිජන හමුවක් අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේ. එමෙන්ම ඊයේ දවස වනවිට ලංකා ඛනිජ තෙල් සංස්ථාව මගින් පාලනය වන ඉන්ධන පිරවුම්හල් 101 ක පෙට්‍රල් 92 […]

FEATURE
on Jul 26, 2023
254 views 0 secs

රජයේ මිනින්දෝරු නිලධාරීන් අද (26) දිනයේ ලෙඩ නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුනා. රජයේ මිනින්දෝරු සංගමයේ සභාපති දුමින්ද උඳුගොඩ මහතා සඳහන් කළේ, ඉඩම් අමාත්‍යවරයාගේ අත්තනෝමතික ක්‍රියා කළාපයට විරෝධය පළ කරමින් එම ක්‍රියාමාර්ගය ආරම්භ කළ බවයි.

FEATURE
on Jul 25, 2023
262 views 0 secs

අද (25) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තරයක් සඳහා පනවා තිබූ පාලන මිල ඉවත්කිරීමට තීරණය කර තිබෙනවා. ඊට අදාළ ගැසට් නිවේදනය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් කිරීමට නියමිත බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

FEATURE
on Jul 20, 2023
255 views 0 secs

ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම විසින් සිය ලාභාංශ ලෙස රුපියල් බිලියන 1.5 ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ලබාදෙන බව ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් ප්‍රකාශ කර සිටියා. ජනතාව වෙනුවෙන් ගෑස් සිලින්ඩරයක මිල අඩු කරන අතරම, ආයතනයද ශක්තිමත් කර සාධාරණ සුළු ලාභයක් ඉපැයූ බව ඔහු සඳහන් කළේ. අද (20) දිනයේ සිය මව් සමාගම වන ශ්‍රී ලංකා රක්ෂණ […]

FEATURE
on Jul 20, 2023
297 views 0 secs

ෆිෆා ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගය ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 3 දෙනෙකු මියගොස් තිබේ. ප්‍රහාරයෙන් තවත් පුද්ගලයින් 06 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාර හමුවේ මියගොස් ඇතැයි වාර්තා වේ. නවසීලන්තයේ ඕක්ලන්ඩ්හී පාපන්දු ක්‍රීඩිකාවන් බහුතරයකගේ නිවාස පිහිටි ප්‍රදේශයක මෙම […]

FEATURE
on Jul 20, 2023
264 views 0 secs

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ජනාධිපතිවරයා සමඟ ඉන්දීය නිල සංචාරයට එක්ව සිටින බැවින් අද (20) සිට බල පැවැත්වෙන පරිදි වැඩබලන ජනාධිපති ලේකම් ලෙස චාන්දනී විජේවර්ධන මහත්මිය පත් කර තිබේ. ජනාධිපති ලේකම් ධුරයෙහි වැඩ බැලීමට කාන්තාවක් පත් කෙරුණු ඉතිහාසයේ ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වන අතර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක් වන චාන්දනී විජේවර්ධන මහත්මිය මේ වන විට […]

FEATURE
on Jul 20, 2023
251 views 0 secs

දෙදින නිල සංචාරයක් සඳහා අද (20) ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ සිදුකරන පළමු නිල සංචාරය මෙය වන අතර මෙම සංචාරය අතරතුරදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවී […]