Home > Articles posted by Admin (Page 99)
FEATURE
on Sep 25, 2023
152 views 2 secs

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ කටයුතු තාවකාලිකව නැවත්වීමට පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි. ඒ බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙනි. ප්‍රවාහන අමාත්‍යාංශයේ ලේකම් කේ සී එන් පෙරේරා මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කල අතර එළඹෙන 27 වනදා සිට ඔක්තෝබර් 02 වනදා දක්වා වාහන ආදායම් […]

FEATURE
on Sep 25, 2023
142 views 0 secs

ඉන්දියාව විදුලි දුම්රිය ධාවනය සඳහා යොමු වීමත් සමග භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20කට ආසන්න සංඛ්‍යාවක් මෙරටට ලබාදීමට එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. එම දුම්රිය එන්ජින් මෙරටට යෝග්‍ය වන්නේ ද සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඉදිරියේ දී තාක්ෂණික කණ්ඩායම ඉන්දියාව වෙත යැවීමට තීරණය කර ඇති අතර ඉන් අනතුරුව එම දුම්රිය එන්ජින් මෙරටට […]

FEATURE
on Sep 25, 2023
143 views 0 secs

රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක අද (25) ඇපමත මුදා හැර තිබේ.

FEATURE
on Sep 25, 2023
168 views 0 secs

ජාතික නීති සතිය අදින් (25) ආරම්භ වන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.ශ්‍රී ලංකා නීතිඥ සංගමය පිහිටුවා ලබන වර්ෂයේ දී වසර 50 ක් සපිරීම වෙනුවෙන් මෙම සතිය ප්‍රකාශයට පත්කර තිබෙන අතර අද සිට ඔක්තෝබර් මස 01 වැනිදා දක්වා මෙම නීති සතිය ක්‍රියාත්මකයි. මෙහිදී නොමිලේ නීතිමය උපදෙස් ලබාදී මහජනතාවට බලපාන නීතිමය ගැටලුවලට විසඳුම් ලබාදෙන බවයි නීතිඥ […]

FEATURE
on Sep 25, 2023
330 views 0 secs

චීනයේ පැවැත්වෙන 19 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (25) පැවැත්වෙනවා. ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හා ඉන්දීය කාන්තා කණ්ඩායම අතර මෙම අවසන් මහා තරගය මේ වනවිට චීනයේ හැන්ග්ෂු හී ආරම්භ කර ඇති අතර තරගයේ කාසියේ වාසිය දිනාගත් ඉන්දීය කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කර ඇතිබව වාර්තා වේ.

FEATURE
on Sep 24, 2023
164 views 0 secs

මිහින්තලේ, සීප්පුකුලම ප්‍රදේශයේදී ඊයේ (23) රාත්‍රියේ පැවැති සාදයක් අතර තුර ඇතිවු පහර දීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. එහිදී තුවාල ලැබූ පුද්ගලයා තම්මැන්නාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවීමෙන් පසුව මිය ගොස් ඇති බව වාර්තා වේ. එලෙස මියගොස් ඇත්තේ මිහින්තලය, සීප්පුකුලම ප්‍රදේශයේම පදිංචි 52 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක් වන අතර සිද්ධියට සම්බන්ධ […]

FEATURE
on Sep 24, 2023
152 views 0 secs

කොළඹ වරාය නගර වෙරළ තීරයේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් හමු වී ඇති බව වාර්තා වේ. ඊයේ (23) දහවල් කාලයේ කොළඹ වරාය පොලීසියට ලද තොරතුරුක් මත ඒ පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත. මියගොස් සිටින පුද්ගලයා ගේ අනන්‍යතාව මෙතෙක් තහවුරු වී නොමැති අතර මෙම පුද්ගලයා අවුරුදු 40ත් 45ත් අතර වයසක පසු වන පුද්ගලයකු වන අතර, උස […]

FEATURE
on Sep 16, 2023
180 views 0 secs

ලන්ඩනයේ මාල්බරෝ හවුස් හි පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්ව සිටින බව වාර්තා වේ. 10 වන වරට පැවැත්වෙන මෙම සමුළුව සැප්තැම්බර් 11 වන දින සිට 15 වන දින දක්වා මෙම සමුළුව පැවැත්වේ. පකිස්ථාන රජයේ ප්‍රධානත්වයෙන් පැවැට්ග්වෙන මෙම පොදුරාජ්‍ය මණ්ඩලීය තරුණ අමාත්‍යවරුන්ගේ සමුළුව තරුණ ප්‍රතිපත්ති සහ […]

FEATURE
on Sep 13, 2023
158 views 0 secs

ලබන වසරේ සිට දිනපතා ස්වයංක්‍රීයව ඉන්ධන මිල සංශෝධනය වීමේ ක්‍රමවේදයක් සකස් කිරීමට සැලසුම් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කර සිටියා. මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලෙවිකරුවන්ගේ සංගමය දැනුවත් කළ බව අමාත්‍යවරයා සඳහන් කර ඇති අතර පිරවුම්හල්වල ඉන්ධන සැපයීම සහ තොග ලබා ගැනීම, නව උපාංග භාවිතයෙන් ස්වයංක්‍රීයකරණය කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා […]

FEATURE
on Sep 13, 2023
151 views 0 secs

අද පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව සිය වැඩ වර්ජනය අවසන් කිරීමට ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් වෘත්තීය සමිතිය තීරණය කර තිබේ. එම සාකඡ්චාවේදී ඔවුන්ගේ ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාරයක් ලැබීම හේතුවෙන් තම වර්ජනය අවසන් කළ බව ඔවුන් පවසයි. හෙට දහවල් වනවිට දුම්රිය ධාවනය සාමන්‍ය පරිදි සිදුවනු ඇති බව ලොකෝමෝටිව් ඔපරේටින්ග්ස් ඉංජිනියර්ස් දුම්රිය රියදුරු වෘත්තීය සමිතිය වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.