ලෝක වෙළදපොළෙහි පවතින ඉන්ධන අර්බුදය සමග මෙරට ඉන්ධන තොග කළමණාකරණය කරගැනීම වඩාත් වැදගත් බව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහල මට්ටමක පැවතියද රජය ඉතා සුළු මුදලකින් පමණක් ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කල බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ අනුරාධපුර පැවති උත්සවයකට සහභාගී වෙමිනි.
ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද (01) දිවයිනට පැමිණීමට නියමිතයි. හෙට දින (02)කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශණය අමාත්‍යවරිය විසින් සිදි කිරීමට නියමිතයි. දේශණයෙන් අනතුරුව අමාත්‍යවරිය, ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී, ඉන් අනතුරුව යාපනය හා මහනුවර ප්‍රදේශ වලද සංචාරයන්ට එක් වීමට නියමිත බව සදහන් […]
කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ග කිහිපයක නඩත්තු කටයුතු හේතුවෙන් එම දුම්රිය මාර්ගය තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ. මෙම මාර්ග වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස දුම්රිය මූලස්ථානය දැනුම් දී සිටියා. ඒ අනුව කැලණිවැලි දුම්රිය මාර්ගයේ ස්ටැන්ලි තිලකරත්න පාර දුම්රිය හරස් මාර්ගය, ඩී. එම් කොළඹගේ මාවත දුම්රිය හරස් මාර්ගය […]
සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම හමාස් සංවිධානයට යටත් වීමක් බව පෙන්වා දෙන ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ගාසා තීරය තුළ සටන් විරාමය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර සිටියා. එමෙන්ම මෙය යුද්ධය සදහා කාලය වන බව බයිබලය උපුටා දක්වමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එක්සත් ජාතීන්ගේ අධාර ආයතනය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී මෙලෙස මානුෂීය සටන් විරාමයක් […]
ලබන වසරේ ජනවාරි 1 වැනි දා සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 18%ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊට අමතරව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, මෙතෙක් වැට් බදු පනවා නොමැති භාණ්ඩ සඳහා වැට් බදු පැනවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ප්‍රකාශ කර […]
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ යෝජනා ලබන සතියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන අතර මෙම සතිය තුළ ඒ අවශ්‍ය නිශ්කාෂණය ලබාදීම සඳහා කටයුතු කරන බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බව, විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. සමනල වැව, වික්ටෝරියා, රන්දෙණිගල වැනි ප්‍රධාන ජලාශ තිබෙන සීමාවලට නිසි වර්ෂාපතනයක් නොලැඹෙන බවත් ජලාශවල තිබෙන ධාරිතාවෙන් මේ වනවිට භාවිතා […]
නිල්වලා ගඟ ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට වැසි ලැබීම හේතුවෙන්, කොටපොල, පිටබැද්දර, පස්ගොඩ, අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, තිහගොඩ, මාතර සහ දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට සැළකිය යුතු මට්ටමේ ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා සඳහන් කළේ, ජනතාව ඒ පිළිබඳ දැඩි විමසිල්ලෙන් […]
අද (23) පෙරවරුවේ කැබිනට් අමාත්‍ය ධුර 03ක් සඳහා පත් කෙරුණු අමාත්‍යවරු ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්හ. ඒ අනුව කෙහෙළිය රඹුක්වැල්ල මහතා පරිසර අමාත්‍යවරයා ලෙස ද, මහින්ද අමරවීර මහතා ඔහු හොඹවන කෘෂිකර්ම අමාත්‍ය ධුරයට අමතරව වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස ද, වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස ද පත් කර තිබේ. […]
ගාසා රෝහලට එල්ල වූ මාරාන්තික ප්‍රහාරයෙන් පසු ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල තවදුරටත් කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. ඒ අනුව මේ වන විට BRENT වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 92.11 ක් වන අතර MURBAN වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 95.19 ක් වනවා.
හෙට (19) සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස භාණ්ඩ වර්ග 5 ක මිල පහළ දැමීමට තීරණය කර තිබේ. එයට අනුව ආනයනික ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 35කින් පහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 650කි. එමෙන්ම දේශීය ටින් මාළු (ග්‍රෑම් 425) මිල රුපියල් 5කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 545කි. […]
