Home > Articles posted by Admin (Page 97)
FEATURE
on Nov 10, 2023
249 views 2 secs

චීන ජනාධිපති ෂී ජින්පින් ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතය. ඒ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ ඇරයුමක් අනුවයි. චීන ජනපතිවරයා ආසියානු – පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුවේ රාජ්‍ය නායක රැස්වීමට ද එක් වීමට නියමිත බව වාර්තා වන අතර 15 වැනිදා ඔහු සහ බයිඩන් අතර ද්විපාර්ශ්වික නායක හමුවක් පවත්වනු ඇති බව චීන […]

FEATURE
on Nov 10, 2023
376 views 1 sec

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවූ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීම් බරපතළ ලෙස උල්ලංඝණය කරමින් සිටින බව අද (10) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස් වූ මණ්ඩලයේදී තීරණය කර ඇති බව සඳහන් වේ. විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට […]

FEATURE
on Nov 10, 2023
255 views 0 secs

ලබන 13 වැනි සඳුදා සියලු දමිළ පාසල්වලට නිවාඩු ලබා දී තිබේ. ඒ එළඹෙන 12 වැනිදාට යෙදෙන දීපාවලි උත්සවය නිමිත්තෙනි. මෙලෙස නිවාඩු ලබා දෙන දමිළ පාසල් 18 වැනි සෙනසුරාදා පැවැත්විය යුතු බවද, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

FEATURE
on Nov 9, 2023
249 views 0 secs

ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව පරිසර අමාත්‍යංශය පවසනවා. ක්‍රමවේද 3 ක් යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන අතර ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කිරීම, ප්ලාස්ටික් හේතුවෙන් පරිසරයට සිදුවන විනාශය අවම කිරීම ප්‍රධාන ක්‍රියාවලිය බව එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියා

FEATURE
on Nov 9, 2023
298 views 0 secs

ලෝකප්‍රකට ඇපල් සමාගමේ සම නිර්මාතෘ, ස්ටීව් වස්නියැක් අසනීප වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙක්සිකෝවේ පැවැත්වෙන ලෝක ව්‍යාපාරික සමුළුවට සහභාගී වෙමින් සිටියදී ඔහු මෙලෙස අසනීප වී ඇති බව වාර්තා වේ. ස්ටීව් වස්නියැක් මහතා මේ වනවිට 73 හැවිරිදි වියේ පසුවෙන අතර ස්ටීව් ජොබ්ස් සමග එක්ව ඔහු 1976 දී ඇපල් සමාගම නිර්මාණය කරන ලදී.

FEATURE
on Nov 1, 2023
248 views 0 secs

ලෝක වෙළදපොළෙහි පවතින ඉන්ධන අර්බුදය සමග මෙරට ඉන්ධන තොග කළමණාකරණය කරගැනීම වඩාත් වැදගත් බව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියා.ලෝක වෙළදපොළේ ඉන්ධන මිල ඉහල මට්ටමක පැවතියද රජය ඉතා සුළු මුදලකින් පමණක් ඉන්ධන මිල ඉහළ නැංවීමට කටයුතු කල බවද අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. අමාත්‍යවරයා මෙම අදහස් පළ කලේ අනුරාධපුර පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

FEATURE
on Nov 1, 2023
234 views 0 secs

ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය නිල සංචාරයක් සඳහා අද (01) දිවයිනට පැමිණීමට නියමිතයි. හෙට දින (02)කොළඹදී පැවැත්වීමට නියමිත ඉන්දු ශ්‍රී ලංකා ව්‍යාපාරික සමුළුවේ ප්‍රධාන දේශණය අමාත්‍යවරිය විසින් සිදි කිරීමට නියමිතයි. දේශණයෙන් අනතුරුව අමාත්‍යවරිය, ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි සංකීර්ණයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වී, ඉන් අනතුරුව යාපනය හා මහනුවර ප්‍රදේශ වලද සංචාරයන්ට එක් වීමට නියමිත බව සදහන් […]

FEATURE
on Oct 31, 2023
249 views 0 secs

කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ග කිහිපයක නඩත්තු කටයුතු හේතුවෙන් එම දුම්රිය මාර්ගය තාවකාලිකව වසාදැමීමට තීරණය කර තිබේ. මෙම මාර්ග වසා තැබෙන කාලය තුළ වාහන ගමනාගමනය සඳහා විකල්ප මාර්ග භාවිත කරන ලෙස දුම්රිය මූලස්ථානය දැනුම් දී සිටියා. ඒ අනුව කැලණිවැලි දුම්රිය මාර්ගයේ ස්ටැන්ලි තිලකරත්න පාර දුම්රිය හරස් මාර්ගය, ඩී. එම් කොළඹගේ මාවත දුම්රිය හරස් මාර්ගය […]

FEATURE
on Oct 31, 2023
252 views 0 secs

සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම හමාස් සංවිධානයට යටත් වීමක් බව පෙන්වා දෙන ඊශ්‍රායෙල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු, ගාසා තීරය තුළ සටන් විරාමය ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කර සිටියා. එමෙන්ම මෙය යුද්ධය සදහා කාලය වන බව බයිබලය උපුටා දක්වමින් අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ. එක්සත් ජාතීන්ගේ අධාර ආයතනය, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ හදිසි රැස්වීමකදී මෙලෙස මානුෂීය සටන් විරාමයක් […]

FEATURE
on Oct 31, 2023
242 views 0 secs

ලබන වසරේ ජනවාරි 1 වැනි දා සිට එකතු කළ අගය මත බද්ද හෙවත් වැට් බද්ද 18%ක් දක්වා ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ඊට අමතරව අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, මෙතෙක් වැට් බදු පනවා නොමැති භාණ්ඩ සඳහා වැට් බදු පැනවීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ප්‍රකාශ කර […]