Home > Articles posted by Admin (Page 96)
FEATURE
on Nov 17, 2023
216 views 1 sec

2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙන අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබ ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

FEATURE
on Nov 16, 2023
228 views 0 secs

අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලි‍ෆෝනියාවේදී චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබේ. ලෝක බලවතුන් අතර මෙම හමුවීම වසරකට පමණ පසුව සිදුවීම විශේෂත්වයකි. මෙම හමුවේදී ලෝක යුද ගැටුම්, ආර්ථික උච්ඡාවචනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන අර්බුද පිළිබඳව නායකයින් දෙදෙනාගේ අවධානය යොමු වූ අතර එම අංශයන් සම්බන්ධව දෙරට අතර තිබූ මතගැටුම් ලිහිල් කිරීමට මෙම සාකච්ඡාව […]

FEATURE
on Nov 16, 2023
218 views 0 secs

ජනපති රනි වික්‍රමසිංහ මහත අද මාලදිවයින බලා පිටත්වගොස්තිබේ. පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු මහතාගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස මාලදිවයින බලා පිටත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Nov 13, 2023
218 views 0 secs

අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. ඔහු ඇතුළු තවත් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 10 වැනිදා රුපියල් ලක්ෂ 100 ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදි අත්අඩංගුවට ගත්තේ ය. දැවිතෙල් පිරිපහදු කිරිමේ ව්‍යාපෘතියක් […]

FEATURE
on Nov 13, 2023
231 views 0 secs

2024 අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1% ක් ලෙස සටහන්වී තිබෙනවා. 2024 සඳහා ආදායම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති අතර වියදම ලෙස රුපියල් බිලියන 6,978 ක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ. මෙම අයවැය පරතරය රුපියල් බිලියන 2,851 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1% ක් ලෙස දැක්වේ.

FEATURE
on Nov 13, 2023
229 views 0 secs

මෙවර 2024 අයවැය යෝජනා හරහා ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීම පිණිස ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ. මෙම ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500ක මුදලක් වෙන්කර ඇති අතර 2034 වනවිටදී ඉංග්‍රීසි සාක්ෂරතාව සැමට ලබාදීම මෙහි අරමුණ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා

FEATURE
on Nov 11, 2023
230 views 0 secs

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කරන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම 2023 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි ආරම්භ වන බවත්, විභාග කාල සටහන ලබන වසරේ සාමාන්‍ය තත්ත්වයට පත් වීමට නියමිතව තිබුණ ද එය තවත් වසරකින් කල් යනු ඇති බවත් අමාත්‍යවරයා […]

FEATURE
on Nov 10, 2023
221 views 0 secs

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුළු තවත් තිදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ. මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

FEATURE
on Nov 10, 2023
248 views 3 secs

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ජංගම දුරකථ​න සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගකයින් තමන් භාවිතා කරන සිම්පත් තමන්ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත්වී ඇති සිම්පත් පිළිබඳව තමන් දැනුවත්ව සිටිය යුතු […]

FEATURE
on Nov 10, 2023
235 views 1 sec

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2023-11-06 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ජේ.කරවිට මහතා අපරාධ දිසාවේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු ලෙස ස්ථාන මාරු කර ඇත. […]