Home > Articles posted by Admin (Page 96)
FEATURE
on Nov 13, 2023
155 views 0 secs

මෙවර 2024 අයවැය යෝජනා හරහා ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීම පිණිස ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීමේ අවශ්‍යතාව පෙන්වා දී තිබේ. මෙම ඉංග්‍රීසි සාක්ෂරතාවය පුළුල් කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් මිලියන 500ක මුදලක් වෙන්කර ඇති අතර 2034 වනවිටදී ඉංග්‍රීසි සාක්ෂරතාව සැමට ලබාදීම මෙහි අරමුණ බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා

FEATURE
on Nov 11, 2023
149 views 0 secs

2022 අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඉදිරි සති දෙක තුළ නිකුත් කරන බව, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කර සිටියා. එමෙන්ම 2023 සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මැයි ආරම්භ වන බවත්, විභාග කාල සටහන ලබන වසරේ සාමාන්‍ය තත්ත්වයට පත් වීමට නියමිතව තිබුණ ද එය තවත් වසරකින් කල් යනු ඇති බවත් අමාත්‍යවරයා […]

FEATURE
on Nov 10, 2023
155 views 0 secs

මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති, සුපුන් ශෂේන්ද්‍ර පතිරගේ ඇතුළු තවත් තිදෙනෙක් අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතිබව වාර්තා වේ. මධ්‍යම පරිසර අධිකාරියේ ව්‍යාපෘතියක් සඳහා රුපියල් කෝටියක අල්ලස් මුදලක් ලබාගැනීමට යෑමේ දී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

FEATURE
on Nov 10, 2023
171 views 3 secs

විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ජංගම දුරකථ​න සිම්පත් යාවත්කාලීන කිරීමේ ක්‍රියාවලිය යටතේ සිම්පත් නැවත ලියාපදිංචි කිරීමේ ජංගම සේවාවක් දීප ව්‍යාප්තව සිදු කිරීමට පියවර ගෙන තිබෙනවා. ජංගම දුරකථන භාවිතා කරන පාරිභෝගකයින් තමන් භාවිතා කරන සිම්පත් තමන්ගේ නමින් ලියාපදිංචි වී තිබීම අනිවාර්ය වන අතර තමන්ගේ ජාතික හැඳුනුම්පත් අංකය යටතේ නිකුත්වී ඇති සිම්පත් පිළිබඳව තමන් දැනුවත්ව සිටිය යුතු […]

FEATURE
on Nov 10, 2023
164 views 1 sec

ජාතික පොලිස් කොමිෂන් සභාව විසින් 2023-11-06 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි, ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් දෙදෙනෙකුට ස්ථාන මාරු වීම් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා. ඒ අනුව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.වී.ඩී.ජේ.කරවිට මහතා අපරාධ දිසාවේ සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පුහුණු හා උසස් පුහුණු ලෙස ස්ථාන මාරු කර ඇත. […]

FEATURE
on Nov 10, 2023
151 views 2 secs

චීන ජනාධිපති ෂී ජින්පින් ලබන 14 වැනිදා සිට 17 වැනිදා දක්වා අමෙරිකාවේ සංචාරය කිරීමට නියමිතය. ඒ අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ගේ ඇරයුමක් අනුවයි. චීන ජනපතිවරයා ආසියානු – පැසිෆික් ආර්ථික සහයෝගිතා සමුළුවේ රාජ්‍ය නායක රැස්වීමට ද එක් වීමට නියමිත බව වාර්තා වන අතර 15 වැනිදා ඔහු සහ බයිඩන් අතර ද්විපාර්ශ්වික නායක හමුවක් පවත්වනු ඇති බව චීන […]

FEATURE
on Nov 10, 2023
274 views 1 sec

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සාමාජිකත්වය අත්හිටුවූ බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිවේදනය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල සාමාජිකයෙකු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් වගකීම් බරපතළ ලෙස උල්ලංඝණය කරමින් සිටින බව අද (10) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ රැස් වූ මණ්ඩලයේදී තීරණය කර ඇති බව සඳහන් වේ. විශේෂයෙන්ම එහි කටයුතු ස්වාධීනව කළමනාකරණය කිරීමේ අවශ්‍යතාවය සහ පාලනය, නියාමනය සහ පරිපාලනයට […]

FEATURE
on Nov 10, 2023
176 views 0 secs

ලබන 13 වැනි සඳුදා සියලු දමිළ පාසල්වලට නිවාඩු ලබා දී තිබේ. ඒ එළඹෙන 12 වැනිදාට යෙදෙන දීපාවලි උත්සවය නිමිත්තෙනි. මෙලෙස නිවාඩු ලබා දෙන දමිළ පාසල් 18 වැනි සෙනසුරාදා පැවැත්විය යුතු බවද, අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ ය.

FEATURE
on Nov 9, 2023
164 views 0 secs

ප්ලාස්ටික් භාවිතය අවම කිරීම සඳහා නව වැඩපිළිවෙළක් ක්‍රියාවට නංවන බව පරිසර අමාත්‍යංශය පවසනවා. ක්‍රමවේද 3 ක් යටතේ මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන අතර ප්ලාස්ටික් භාවිතය හැකිතාක් අවම කිරීම, ප්ලාස්ටික් හේතුවෙන් පරිසරයට සිදුවන විනාශය අවම කිරීම ප්‍රධාන ක්‍රියාවලිය බව එහි ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ ප්‍රකාශ කර සිටියා

FEATURE
on Nov 9, 2023
197 views 0 secs

ලෝකප්‍රකට ඇපල් සමාගමේ සම නිර්මාතෘ, ස්ටීව් වස්නියැක් අසනීප වී ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි. මෙක්සිකෝවේ පැවැත්වෙන ලෝක ව්‍යාපාරික සමුළුවට සහභාගී වෙමින් සිටියදී ඔහු මෙලෙස අසනීප වී ඇති බව වාර්තා වේ. ස්ටීව් වස්නියැක් මහතා මේ වනවිට 73 හැවිරිදි වියේ පසුවෙන අතර ස්ටීව් ජොබ්ස් සමග එක්ව ඔහු 1976 දී ඇපල් සමාගම නිර්මාණය කරන ලදී.