Home > Articles posted by Admin (Page 94)
FEATURE
on Nov 30, 2023
157 views 0 secs

අමෙරිකාවේ හිටපු රාජ්‍ය ලේකම් හෙන්රි කිසිංජර් අභාවප්‍රාප්ත වී තිබේ. 1923 ජර්මනියේ දී උපත ලද ඔහු මිය යන විට 100 හැවිරිදි වියේ පසු වුණි. අමෙරිකානු ජනාධිපතිවරුන් වන රිචඩ් නික්සන් සහ ජෙරල්ඩ් ෆෝඩ් පාලන සමයේදී හෙන්රි කිසිංජර් ඉහළ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සහ ජාතික ආරක්ෂක උපදේශකවරයෙකු ලෙස සේවයේ නිරතව තිබෙන අතර සිය සේවා දිවිය තුළ අමෙරිකානු විදේශ සහ ආරක්ෂක […]

FEATURE
on Nov 28, 2023
162 views 0 secs

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මානුෂීය සටන් විරාමය තවත් දින 2කින් දීර්ඝ කර ඇති බව වාර්තා වේ. යුද්ධය ආරම්භයේ සිට ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර මැදිහත්කරුවෙකු ලෙස කටයුතු කළැ කටාර් බලධාරීන් සන්දහන් කලේ, සිකුරාදා ආරම්භ වූ දින 4 ක සටන් විරාමයේ අවසන් හෝරා කිහිපය ගෙවී යාමට මත්තෙන් දෙපාර්ශ්වය තවත් දින 2ක සටන් විරාමයකට එකඟ වූ […]

FEATURE
on Nov 28, 2023
213 views 0 secs

ජල ගාස්තු සඳහා සූත්‍රයක් සැකසීම පිළිබඳ සාකච්ඡා කරමින් ඇතැයි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි. ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමි අමාත්‍යවරයා ඒ බව ප්‍රකාශ කර සිටි අතර යෝජිත ජල ගාස්තු සූත්‍රයේ අවසන් කෙටුම්පත දෙසැම්බර් මාසයේදී සකස් කර අවසන් කිරීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. ඔහු […]

FEATURE
on Nov 27, 2023
396 views 0 secs

රොෂාන් රණසිංහ මහතාව ඉවත්කිරීමත් සමග පුරප්පාඩු වූ ක්‍රීඩා අමාත්‍යධුරය සඳහා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාව පත්කර තිබෙන අතර පුරප්පාඩු වූ වාරිමාර්ග අමාත්‍ය ධුරය සඳහා ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර ඇති බව වාර්තා වේ. ඔවුන් මේ වනවිටත් දරණ අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව මීට සුළු වේලාවකට පෙර ජනපති ඉදිරියේ මෙම අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ.

FEATURE
on Nov 27, 2023
208 views 0 secs

අද (27) දිනයේ සියලු රාජ්‍ය ආයතන ඉදිරිපිට විරෝධතා සංවිධානය කර තිබුණා. ඒ රාජ්‍ය සේවක වැටුප් ඉහළ නැංවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමිනි. රුපියල් 20,000 වැටුප් වැඩි කිරීම, වැඩි කරන දීමනා හා වැටුප් ජනවාරි මාසයේ සිට ලබාදීම, 2016 සිට අහිමි කර ඇති පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි ලබාගැනීම වෙනුවෙන් මෙම විරෝධතා සංවිධානය කර තිබූ අතර මෙම […]

FEATURE
on Nov 27, 2023
165 views 0 secs

දෙසැම්බර් මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලය යම් ලාභයක් ලබන්නේ නම්, අප්‍රේල් මාසයේදී එම ලාභය පාරිභෝගිකයින් වෙත ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. පවතින වැසි තත්ත්වය අනුව, ධනාත්මක තත්ත්වයක් ඇති විය හැකි බවට අපේක්ෂා කරන අතර, විදුලි ගාස්තුව නැවත තක්සේරු කිරීමට උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

FEATURE
on Nov 27, 2023
164 views 0 secs

දෙසැම්බර් 04 වැනිදා පාසැල් දරුවන් සඳහා ලබාදෙන සපත්තු වව්චර් පත් ලබාදීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර සිටියා. මෙම වවුචර් පත් ලබාදෙන්නේ දුෂ්කර, අති දුෂ්කර හා හුදකලා පාසැල් යන වර්ගීකරණයට අයත් පාසැල් වල දරුවන්ට බවත්, ඒ අනුව, පාසැල් දරුවන් 747,000 කට සපත්තු වවුචර් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

FEATURE
on Nov 27, 2023
162 views 0 secs

වහාම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ ක්‍රීඩා හා⁣ යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් සහ අනෙකුත් තනතුරුවලින් ඉවත් කිරීමේ ලිපිය අමාත්‍යවරයා වෙත යවා ඇති බවයි සඳහන් වේ.

FEATURE
on Nov 27, 2023
167 views 0 secs

මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළ ලාදුරු රෝගීන් 1,300කට ආසන්න පිරිසක් හදුනාගෙන ඇති බව ලාදුරු මර්ධන ඒකකය වාර්තා කර සිටියා.ජනවාරි සිට ඔක්තෝබර් තෙක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් රෝගීන් 1,256ක් හමු වී ඇති අතර ඉන් රෝගීන් 265ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 92ක් ද හමු වී ඇති බව වාර්තා […]

FEATURE
on Nov 27, 2023
165 views 0 secs

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් පමණ පවතින බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියා.ලබන වසරේ එම පුරප්පාඩු සදහා නව නිලධාරීන් 5,000ක් පමණ බදවා ගන්නා බවත්, වසරේ මුල් භාගයේදී ඊට අදාල කටයුතු ආරම්භ කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කර සිටියා. එමෙන්ම ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, නව පොලිස්පතිවරයා පත් කර ගැනීමට අදාලව අද (27) විශේෂ සාකච්ඡාවක් […]