Home > Articles posted by Admin (Page 92)
FEATURE
on Dec 11, 2023
273 views 0 secs

ඉතාලියේ ෆෙන්සා නගරයට ආසන්නයේ දී දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් අනතුරක් සිදුව තිබේ. අධිවේගී දුම්රියක් සහ මදවේග දුම්රියක් මෙලෙස අනතුරට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටි අතර අනතුරින් පුද්ගලයින් 17 දෙනෙකු තුවාල ලබා ඇත. තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබේ.

FEATURE
on Dec 11, 2023
243 views 0 secs

අනුරාධපුර ශික්ෂණ රෝහලට අයත් මෙත්සිරි සෙවණ ගොඩනැගිලි පරිශ්‍රයේ ගින්නක් හටගෙන තිබේ. ගින්න මැඩපැවැත්වීම සඳහා අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ රථ දෙකක් යොදවා ඇති අතර ගින්න ඇතිවීමත් සමග එම ගොඩනැගිලි පරිශ්‍රයේ සිටි නේවාසික රෝගීන් ඉන් ඉවත්කිරීමට පියවර ගෙන ඇත.

FEATURE
on Dec 11, 2023
260 views 0 secs

වැට් සංශෝධන පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (11) සම්මත විය. එම වැට් සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 100ක් හිමිවූ අතර විපක්ෂව ඡන්ද 55ක් හිමි වූ අතර එය වැඩි ඡන්ද 45කින් සම්මත විය.

FEATURE
on Dec 11, 2023
258 views 0 secs

හෙට (12) දින දීපව්‍යාප්තව අසනීප නිවාඩු වාර්තා කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කරන බව රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති කැඳවුම්කරු චන්දන සූරියආරච්චි මහතා අද මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියා. රාජ්‍ය සේවක වැටුප සඳහා අවම රුපියල් 20,000ක දීමනාවක් ලබාදෙන ලෙස ඉල්ලා සිටිමින් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකමුතුව […]

FEATURE
on Dec 11, 2023
235 views 0 secs

ඊයේ පස්වරු 4.00 සිට දිවයින පුරා තැපැල් සේවකයින් ආරම්භ කළ සංකේත වැඩ වර්ජනය අදත් (11) ක්‍රියාත්මක විය. තැපැල් දෙපාර්තමේන්තුවට අයත් ගොඩනැගිලි විදේශීය සමාගම්වලට විකිණීමට විරෝධය පලකරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු චින්තක බණ්ඩාර මහතා ප්‍රකාශ කර සිටියා. වැඩවර්ජනය සඳහා තැපැල් සේවකයින් 27,000ක් එක්ව සිටින බව ඔහු සඳහන් කළ අතර, […]

FEATURE
on Dec 11, 2023
272 views 1 sec

අද (11) සිට කොළඹ – බදුල්ල මාර්ගයේ හාලිඇල, උඩුවර ප්‍රදේශයෙන් සියලු දුර ගමන් බස් ධාවනය සීමා කර ඇති බව වාර්තා වේ..හාලිඇල, උඩුවර මාර්ගයේ සිදුවූ නායයෑම හේතුවෙන් ඊයේ පස්වරුවේ සිට එම මාර්ගයේ බර වාහන ධාවනය ද සීමා කර ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ. ඊට විකල්ප මාර්ග ලෙස ඇටම්පිටිය – මාලිගාතැන්න හරහා බණ්ඩාරවෙල මාර්ගය භාවිතා කළ […]

FEATURE
on Dec 11, 2023
222 views 0 secs

නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ අක්‍රිය වී ඇති පළමු ජනන යන්ත්‍රය ජාතික පද්ධතියට එක් කිරීමට දින 05ක් පමණ ගතවනු ඇති බව ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කර සිටියා.එමෙන්ම එම බලාගාරයේ අක්‍රීයව පැවැති තුන්වැනි ජනන යන්ත්‍රය ඊයේ(10) සිට යළි ජාතික පද්ධතියට එක් කෙරිණි.

FEATURE
on Dec 8, 2023
253 views 0 secs

ලබන වසරේ විද්‍යුත් මාධ්‍ය විකාශන නියාමන අධිකාරී පනත ක්‍රියාවට නංවන බව ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.අද (08) පාර්ලිමේන්තුවේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය පිළිබඳ වැය ශීර්ෂ විවාදයට එක් වෙමින් අමාත්‍යවරය මේ බව ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Dec 8, 2023
250 views 0 secs

දෙහිවල සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් සතුන් දෙදෙනාගෙන් එක් ජිරාෆ් විශේෂයක් අසාත්මිකතාවක් හේතුවෙන් ඊයේ මිය ගිය බව ජාතික සත්වෝද්‍යාන අධ්‍යක්ෂ ජනරාල් රන්ජන් මාරසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.මෙම සතාගේ ඉදිරිපස කුර එකක ආසාදනයක් වැළඳී ඇති බවත් සතාට ලබා දුන් ප්‍රතිජීවක ඖෂධ අසාත්මිකතාවක් ඇති කිරීමට හේතු වන්නට ඇති බවත් මාරසිංහ මහතා සඳහන් කර සිටි අතර, පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව […]

FEATURE
on Dec 8, 2023
220 views 0 secs

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් කටයුතු ලබන ජුනි මස පළමුවැනිදා ආරම්භ කරන බව වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කර සිටියා. එහි ලේකම් කේ.ඩී.එස් රුවන්චන්ද්‍ර මහතා සඳහන් කළේ, නවීනතම දොඹකර 06 ක් මගින් බහාලුම් මෙහෙයුම් කටයුතු සිදු කෙරෙන අතර මේ වනවිට නැගෙනහිර පර්යෙන්තයේ ඉදිකිරීම්වලින් 80% ක් පමණ අවසන් වී ඇති බවයි. ඉදිකිරීම් සඳහා වැය […]