බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩැරන් බ්‍රාවෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර තිබේ. එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කළ කොදෙව් සංචිතයට ඇතුළත් නොකිරීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබීඅ. කෙසේ වුවඩ කණ්ඩායම සමග යළි එක්වීමේ බලාපොරොත්තු අත්හැර නොමැති බවයි ඩැරන් බ්‍රාවෝ ප්‍රකාශ කර ඇත්තේ. බටහිර ඉන්දීය කොදෙව් […]
එළඹෙන උත්සව සමයේදී සහල් හිඟයක් ඇතිවීම මගහරවා ගැනීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. මහ පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳපොළට කීරි සම්බා සහල් නිකුත් නොකර සඟවා තබාගැනීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ මේ වනවිට කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බව ද සඳහන් වේ.
යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා විසින් දැවැන්ත ඩ්‍රොන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු එල්ල කල ප්‍රබලම ඩ්‍රෝන ප්‍රහාරය මෙය වන අතර එමගින් පුද්ගලයින් 11ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය තව දුරටත් සදහන් කර සිටියා.
ගාසා තීරයේ යුධ ගැටුම් ඇති ප්‍රදේශවලට මෙරට ශ්‍රමිකයින් යොමු නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියා. ඊයේ පාර්ලිමේන්තුවේදී ඍඅවුෆ් හකීම් මහතා යොමු කල වාචික ප්‍රශ්ණයකට පිළිතුරු ලෙසයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.
විදුලි බල මණ්ඩලයේ ස්ථිර සේවකයන් 5000ක් ඉවත් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. විදුලි බල මණ්ඩලයේ වියදම් කළමණාකරණය කිරීම සදහා මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරියේදී අත්‍යාවශ්‍ය පිරිස පමණක් සේවයේ යෙදවීමට පියවර ගන්නා බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේ. එමෙන්ම එළඹෙන වසරේදී විදුලි බල මණඩලයේ හා […]
2023 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබෙන අතර www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබ ගත හැකි බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් කැලිෆෝනියාවේදී චීන ජනාධිපති ෂී ජිං පින් හමුවී තිබේ. ලෝක බලවතුන් අතර මෙම හමුවීම වසරකට පමණ පසුව සිදුවීම විශේෂත්වයකි. මෙම හමුවේදී ලෝක යුද ගැටුම්, ආර්ථික උච්ඡාවචනයන්, මත්ද්‍රව්‍ය ජාවාරම් සහ කෘත්‍රිම බුද්ධිය ඇතුළු නූතන අර්බුද පිළිබඳව නායකයින් දෙදෙනාගේ අවධානය යොමු වූ අතර එම අංශයන් සම්බන්ධව දෙරට අතර තිබූ මතගැටුම් ලිහිල් කිරීමට මෙම සාකච්ඡාව […]
ජනපති රනි වික්‍රමසිංහ මහත අද මාලදිවයින බලා පිටත්වගොස්තිබේ. පසුගියදා පැවැති ජනාධිපතිවරණයෙන් ජයගත් මොහොමඩ් මුඑසු මහතාගේ පදවි ප්‍රාප්ත උත්සවයට සහභාගීවීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙලෙස මාලදිවයින බලා පිටත්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කර සිටියා.
අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මධ්‍යම පරිසර අධිකාරියේ සභාපතිවරයා අද අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැර තිබේ. ඔහු ඇතුළු තවත් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පසුගිය 10 වැනිදා රුපියල් ලක්ෂ 100 ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදි අත්අඩංගුවට ගත්තේ ය. දැවිතෙල් පිරිපහදු කිරිමේ ව්‍යාපෘතියක් […]
2024 අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1% ක් ලෙස සටහන්වී තිබෙනවා. 2024 සඳහා ආදායම් ලෙස රුපියල් බිලියන 4,127ක් ඇස්තමේන්තු කර ඇති අතර වියදම ලෙස රුපියල් බිලියන 6,978 ක් වනු ඇතැයි අපේක්ෂා කරන බවයි සඳහන් වන්නේ. මෙම අයවැය පරතරය රුපියල් බිලියන 2,851 ක් වන අතර එය දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 9.1% ක් ලෙස දැක්වේ.
