Home > Articles posted by Admin (Page 95)
FEATURE
on Nov 27, 2023
261 views 0 secs

දෙසැම්බර් මාසයේදී ලංකා විදුලිබල මණ්ඩලය යම් ලාභයක් ලබන්නේ නම්, අප්‍රේල් මාසයේදී එම ලාභය පාරිභෝගිකයින් වෙත ලබාදෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා. පවතින වැසි තත්ත්වය අනුව, ධනාත්මක තත්ත්වයක් ඇති විය හැකි බවට අපේක්ෂා කරන අතර, විදුලි ගාස්තුව නැවත තක්සේරු කිරීමට උපදෙස් ලබා දී ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

FEATURE
on Nov 27, 2023
262 views 0 secs

දෙසැම්බර් 04 වැනිදා පාසැල් දරුවන් සඳහා ලබාදෙන සපත්තු වව්චර් පත් ලබාදීම ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කර සිටියා. මෙම වවුචර් පත් ලබාදෙන්නේ දුෂ්කර, අති දුෂ්කර හා හුදකලා පාසැල් යන වර්ගීකරණයට අයත් පාසැල් වල දරුවන්ට බවත්, ඒ අනුව, පාසැල් දරුවන් 747,000 කට සපත්තු වවුචර් ලබාදෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.

FEATURE
on Nov 27, 2023
250 views 0 secs

වහාම ක්‍රියාත්මක වන පරිදි රොෂාන් රණසිංහ ක්‍රීඩා හා⁣ යෞවන කටයුතු සහ වාරිමාර්ග අමාත්‍ය ධුරවලින් ඉවත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගෙන තිබේ. ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය ධූරයෙන් සහ අනෙකුත් තනතුරුවලින් ඉවත් කිරීමේ ලිපිය අමාත්‍යවරයා වෙත යවා ඇති බවයි සඳහන් වේ.

FEATURE
on Nov 27, 2023
262 views 0 secs

මෙම වසරේ ගත වූ මාස කිහිපය තුළ ලාදුරු රෝගීන් 1,300කට ආසන්න පිරිසක් හදුනාගෙන ඇති බව ලාදුරු මර්ධන ඒකකය වාර්තා කර සිටියා.ජනවාරි සිට ඔක්තෝබර් තෙක් දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් රෝගීන් 1,256ක් හමු වී ඇති අතර ඉන් රෝගීන් 265ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ද, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 130ක් ද, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 92ක් ද හමු වී ඇති බව වාර්තා […]

FEATURE
on Nov 27, 2023
258 views 0 secs

පොලිස් සේවයේ පුරප්පාඩු 20,000ක් පමණ පවතින බව ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර සිටියා.ලබන වසරේ එම පුරප්පාඩු සදහා නව නිලධාරීන් 5,000ක් පමණ බදවා ගන්නා බවත්, වසරේ මුල් භාගයේදී ඊට අදාල කටයුතු ආරම්භ කරන බව අමාත්‍ය ටිරාන් අලස් මහතා සදහන් කර සිටියා. එමෙන්ම ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන්, නව පොලිස්පතිවරයා පත් කර ගැනීමට අදාලව අද (27) විශේෂ සාකච්ඡාවක් […]

FEATURE
on Nov 26, 2023
397 views 0 secs

බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ඩැරන් බ්‍රාවෝ ක්‍රිකට් ක්‍රීඩාවෙන් තාවකාලිකව ඉවත්වීමට තීරණය කර තිබේ. එංගලන්ත කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින තරගාවලියට නම් කළ කොදෙව් සංචිතයට ඇතුළත් නොකිරීමත් සමග ඔහු මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබීඅ. කෙසේ වුවඩ කණ්ඩායම සමග යළි එක්වීමේ බලාපොරොත්තු අත්හැර නොමැති බවයි ඩැරන් බ්‍රාවෝ ප්‍රකාශ කර ඇත්තේ. බටහිර ඉන්දීය කොදෙව් […]

FEATURE
on Nov 26, 2023
227 views 0 secs

එළඹෙන උත්සව සමයේදී සහල් හිඟයක් ඇතිවීම මගහරවා ගැනීම සඳහා සහල් තොගයක් ආනයනය කිරීමට පියවර ගෙන ඇති බව වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු පවසනවා. මහ පරිමාණ මෝල් හිමියන් විසින් වෙළෙඳපොළට කීරි සම්බා සහල් නිකුත් නොකර සඟවා තබාගැනීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ මේ වනවිට කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් නිර්මාණය වී ඇති බව ද සඳහන් වේ.

FEATURE
on Nov 26, 2023
246 views 0 secs

යුක්‍රේනයේ කියෙව් අගනුවර ඉලක්ක කර ගනිමින් රුසියානු හමුදා විසින් දැවැන්ත ඩ්‍රොන ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමෙන් පසු එල්ල කල ප්‍රබලම ඩ්‍රෝන ප්‍රහාරය මෙය වන අතර එමගින් පුද්ගලයින් 11ක් පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය තව දුරටත් සදහන් කර සිටියා.

FEATURE
on Nov 26, 2023
244 views 0 secs

ගාසා තීරයේ යුධ ගැටුම් ඇති ප්‍රදේශවලට මෙරට ශ්‍රමිකයින් යොමු නොකරන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා ප්‍රකාශ කර සිටියා. ඊයේ පාර්ලිමේන්තුවේදී ඍඅවුෆ් හකීම් මහතා යොමු කල වාචික ප්‍රශ්ණයකට පිළිතුරු ලෙසයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ.

FEATURE
on Nov 26, 2023
257 views 0 secs

විදුලි බල මණ්ඩලයේ ස්ථිර සේවකයන් 5000ක් ඉවත් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා. විදුලි බල මණ්ඩලයේ වියදම් කළමණාකරණය කිරීම සදහා මෙම තීරණය ගෙන ඇති අතර ඉදිරියේදී අත්‍යාවශ්‍ය පිරිස පමණක් සේවයේ යෙදවීමට පියවර ගන්නා බවයි අමාත්‍ය කංචන විජේසේකර මහතා වැඩි දුරටත් සදහන් කර සිටියේ. එමෙන්ම එළඹෙන වසරේදී විදුලි බල මණඩලයේ හා […]