Home > Articles posted by Admin (Page 103)
FEATURE
on Jun 14, 2023
508 views 0 secs

ටොයෝටා සමාගම සිය ඉලෙක්ට්‍රික් වාහනවල තවදුරටත් දියුණු කිරීමට පියවර ගෙන තිබේ. ඔවුන්ගේ ඉලෙක්ට්‍රික් වාහනවල නිෂ්පාදන වියදම අඩු කිරීමටත්, එම වාහන සඳහා වැඩිදියුණු කළ බැටරි හඳුන්වා දීමට හා ක්‍රියාකාරීත්වය තවදුරටත් දියුණු කිරීමටත් අපේක්ෂා කරන බව ටොයෝටා සමාගම පැවසීය. මේ වනවිට ඉලෙක්ට්‍රික් වාහන සඳහා ලොව දැඩි තරගයක් ඇති අතර ටොයෝටා සමාගම උත්සාහ දරන්නේ එම තරගයට එක්වීමට බව […]

FEATURE
on Jun 12, 2023
280 views 0 secs

පාකිස්තානයට දරුණු සුළි කුණාටුවක බලපෑම් එල්ලවී ඇති බව එරට කාලගුණවිද්‍යා බලධාරීන් පවසා තිබේ. ඹිපර්ජොය් නම් මෙම සුළි කුණාටුව හෙට සින්ද් වෙරළබඩ ප්‍රදේශවලට බලපානු ඇති බව කාලගුණවිද්‍යා බලධාරීන් ප්‍රකාශ කර සිටි අතර, ඉදිරි පැය 24 තුළ එය තවදුරටත් තීව්‍ර විය හැකි බවත් එය හෙට සින්ද් හි දකුණු සහ ගිනිකොනදිග ප්‍රදේශවලට බලපානු ඇති බවත් වැඩිදුරටත් වාර්තා වෙයි. […]

FEATURE
on Jun 12, 2023
290 views 0 secs

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් 11 දෙනෙකු තාවකාලික පන්ති තහනමකට ලක් කර තිබේ.අදාළ සිසුන් නේවාසිකාගාරයක් තුළදී නවක සිසුන්ට පිළුණු වූ ආහාර ලබා දී ඇතැයි අනාවරණය වීමත් සමඟ මෙලෙස ඔවුන් තාවකාලික පන්ති තහනමකටලක් කල බවයි විශ්වවිද්‍යාලයීය නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ටෙරන්ස් මධුජිත් මහතා සඳහන් කළේ.

FEATURE
on Jun 12, 2023
284 views 0 secs

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග එම ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙන අතර ඊට අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය අමාත්‍යාංශ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි අමාත්‍ය විදුර වික්‍රමනායක සඳහන් කර සිටියා.

FEATURE
on Jun 12, 2023
265 views 0 secs

2023 වර්ෂයේ පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ විය. මේ දිනවල පවතින වැසි තත්වය හේතුවෙන් ඩෙංගු අවධානම් තත්වය ද සැලකිල්ලට ගනිමින් පාසල් ආරම්භ කිරීමට පෙර විශේෂ ඩෙංගු මර්ධන වැඩසටහන් මෙම සති අන්තයේ පවත්වා තිබුණා.

FEATURE
on Jun 12, 2023
288 views 0 secs

හෙට (13) අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පැය 20ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට (13) උදෑසන 10.00 සිට අනිද්දා (14) උදෑසන 6.00 දක්වා ගොරකපිටිය, සිද්ධමුල්ල, ඇරැව්වල, රත්මල්දෙණිය, මහරගම – පිළියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, බෝකුන්දර පාර සහ ඊට යාබද සියලු අතුරු […]

FEATURE
on Jun 5, 2023
284 views 0 secs

පවතින අයහපත් කාලගුණයත් සමඟ ප්‍රදේශ කිහිපයකට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා. ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සඳහන් කළේ ගාල්ල, කළුතර, බදුල්ල යන දිස්ත්‍රික්ක සඳහා මෙම නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බවයි . ගාල්ල දිස්ත්‍රික්කයේ නෙලුව, නාගොඩ හා ඇල්පිටිය ප්‍රදේශ සඳහාත්, කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, වලල්ලාවිට, අගලවත්ත හා බුලත්සිංහල යන ප්‍රදේශ සඳහාත්, බදුල්ල […]

FEATURE
on Jun 5, 2023
311 views 0 secs

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට, අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) මගින් දඩ නියම කර තිබේ. ඒ, ශ්‍රී ලංකාවට එරෙහි පළමු එක් දින ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ අදාළ පන්දුවාර සංඛ්‍යාව යැවීමට අසමත්වීම හේතුවෙනි. ඇෆග්නිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට හිමි තරග ගාස්තුවෙන් 20%ක මුදලක් දඩ ලෙස නියම කර ඇති බව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

FEATURE
on Jun 5, 2023
308 views 0 secs

ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණේ රැඳී සිටි 74 හැවිදිරි බර්නාඩ් ආර්නෝල් අභිබවමිනි ඉලෝන් මස්ක් නැවතත් ලොව ධනවත්ම පුද්ගලයින් අතර පෙරමුණට පැමිණ තිබේ. ලොව ධනවත්ම පුද්ගලයින් 500 දෙනාගේ ලැයිස්තුවක් වන බ්ලූම්බර්ග් බිලියනපතියන්ගේ දර්ශකය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය මෙය වාර්තා කල අතර වසරක් තුළ ලොව ධනවත්ම පුද්ගලයින් අතර පළමු තැන වරින් වර ඉලෝන් මස්ක් සහ බර්නාඩ් ආර්නෝල් […]

FEATURE
on Jun 5, 2023
274 views 0 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්, දිසා විනිසුරුවරුන් වන ටී. ප්‍රභාකරන්, පී.කේ. පරනගමගේ, පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ටිකිරි කේ. ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න යන මහත්ම මහත්මීන් නව මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, මහාධිකරණ විනිසුරුවරුන්ට අදාළ පත්වීම් ලිපිද ප්‍රදානය කළ බවයි.