Home > Articles posted by Admin (Page 134)
FEATURE
on Oct 28, 2022
302 views 1 sec

ලොව ධනවත්ම පුද්ගලයා වන ටෙස්ලා සමාගමේ විධායක නිලධාරී Elon Musk Twitter ජාලයේ හිමිකාරීත්වය ලබා ගෙන ඇති බව වාර්තා වේ. ඇමරිකානු ඩොලර් බිලියන 44ක් වැය කරමින් ට්විටර් ආයතනයේ බහුතර කොටස් මිලදීගෙන ඔහු මෙලෙස ට්විටර් සමාගමේ හිමිකාරීත්වය තහවුරු කරගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩි දුරටත් සදහන් කර සිටියා.

FEATURE
on Oct 27, 2022
287 views 0 secs

ව්‍යාපාරික කාන්තාවක් වන තිළිණි ප්‍රියමාලිට අදාළ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී ඇය රුපියල් බිලියන 1.28 ක මුදලක් වංචා කර ඇති බව අනාවරණය වී තිබේ.අද (27) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මේ බව කියා සිටියේ ය.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව මහතා පැවසුවේ, මේ වනවිට පැමිණිලි 12ක් ලැබී ඇති අතර අදාළ ව්‍යාපාරික කාන්තාවට එරෙහිව එම […]

FEATURE
on Oct 27, 2022
254 views 3 secs

චීනයේ පිටුබලය ලබන Asian Infrastructure Investment Bank (AIIB) ශ්‍රී ලංකාව ඇතුළු බරපතල ණය ගැටලුවලට මුහුණ දී සිටින රටවල් සඳහා සහය ලබා දීමට ප්‍රතිඥා දී ඇත.රොයිටර් පුවත් සේවයට අනුව, AIIB සභාපති ජින් ලිකුන් නිවේදනය කළේ අර්බුදකාරී ශ්‍රී ලංකාව සඳහා AIIB ඩොලර් මිලියන 100 ක අරමුදලක් ගෙනහැර දක්වා ඇති බවයි.“අපගේ අවිනිශ්චිත යුගයේ, පවතින වසංගත කඩාකප්පල් කිරීම් සහ […]

FEATURE
on Oct 27, 2022
524 views 0 secs

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින්,පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතනවල මැතිවරණ ක්‍රම සංශෝධනය කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස කථානායකවරයාට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. එමෙන්ම පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳ සුදුසු ක්‍රමවේදයක් ප්‍රමුඛ කාර්යයක් ලෙස සලකා සති 02ක් තුළ ඉදිරිපත් කරන ලෙසද එහි සඳහන් වන බව වාර්තා වේ.

FEATURE
on Oct 26, 2022
273 views 0 secs

ලංකා සතොස අලෙවිසැල් හි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා පනවා තිබූ තොග සීමාවන් ඉවත් කර ඇති අතර ඕනෑම ප්‍රමාණයන්ගෙන් අත්‍යාවශ්‍ය භාණ්ඩ සීමාවකින් තොරව මිලදී ගත හැකි බව ලංකා සතොස ආයතනය පවසනවා. අද වනවිට ඕනෑම සතොස වෙළඳසැලක තත්වයෙන් උසස් වූ භාණ්ඩ තොග අවශ්‍ය ප්‍රමාණයට පවතින බව ද ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන සඳහන් කර සිටියා.

FEATURE
on Oct 26, 2022
271 views 0 secs

ඉදිරි උත්සව සමයේදී දැඩි බිත්තර හිඟයකට මුහුණදීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, මේ වනවිට රටට අවශ්‍ය ප්‍රමාණයට බිත්තර නිෂ්පාදනයක් මෙරට තුළ සිදුනොවන බවය.

FEATURE
on Oct 25, 2022
381 views 0 secs

WhatsApp සමාජ ජාලය බිද වැටීමකට ලක් වී ඇති බව වාර්තා වේ.

FEATURE
on Oct 24, 2022
239 views 10 secs

හෙට (25) සහ අනිද්දා (26) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01කද, රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක්ද විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

FEATURE
on Oct 24, 2022
255 views 0 secs

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබෙනවා. අදාළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කර එය එළඹෙන 06 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහි ප්‍රථම පියවර බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන අතර එය අනෙක් පළාත් සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

FEATURE
on Oct 24, 2022
279 views 0 secs

ලොව විශාලතම බොර තෙල් අනයනකරු වන චීනය බොර තෙල් ආනයනය අඩු කිරීම හෙටහුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (24) තවත් අඩුවී තිබේ. දෙසැම්බර් මාසය සඳහා වූ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.50 දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 84.02ක් දක්වා අඩුවී තිබුණි.