Home > Articles posted by Admin (Page 134)
FEATURE
on Oct 26, 2022
236 views 0 secs

ඉදිරි උත්සව සමයේදී දැඩි බිත්තර හිඟයකට මුහුණදීමට සිදුවන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි. එහි සභාපති එන්.කේ ජයවර්ධන මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසුවේ, මේ වනවිට රටට අවශ්‍ය ප්‍රමාණයට බිත්තර නිෂ්පාදනයක් මෙරට තුළ සිදුනොවන බවය.

FEATURE
on Oct 25, 2022
336 views 0 secs

WhatsApp සමාජ ජාලය බිද වැටීමකට ලක් වී ඇති බව වාර්තා වේ.

FEATURE
on Oct 24, 2022
205 views 10 secs

හෙට (25) සහ අනිද්දා (26) දෙදින තුළ පැය 2යි මිනිත්තු 20ක කාලයක් සඳහා විදුලි කප්පාදුව සිදුකිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබා දී තිබේ. ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01කද, රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක්ද විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

FEATURE
on Oct 24, 2022
221 views 0 secs

ත්‍රිරෝද රථ සඳහා ඉන්ධන කෝටාව ඉහළ දැමීමට ජනාධිපතිවරයා අවසර ලබා දී තිබෙනවා. අදාළ ත්‍රිරෝද රථ ලියාපදිංචිය පළමුවනදා සිට ආරම්භ කර එය එළඹෙන 06 වනදා සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. මෙහි ප්‍රථම පියවර බස්නාහිර පළාතෙන් ආරම්භ කෙරෙන අතර එය අනෙක් පළාත් සඳහා ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතව ඇත.

FEATURE
on Oct 24, 2022
234 views 0 secs

ලොව විශාලතම බොර තෙල් අනයනකරු වන චීනය බොර තෙල් ආනයනය අඩු කිරීම හෙටහුවෙන් ලෝක වෙළෙඳපොළෙහි බොර තෙල් මිල අද (24) තවත් අඩුවී තිබේ. දෙසැම්බර් මාසය සඳහා වූ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 92.50 දක්වා අඩුවී ඇති අතර වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියෙට් බැරලයක මිල ඩොලර් 84.02ක් දක්වා අඩුවී තිබුණි.

FEATURE
on Oct 24, 2022
204 views 0 secs

ලෝක වෙළෙඳපොළේ මිල උච්ඡාවචනයන්ට අනුව ලබන මාසයේදී දේශීය ගෘහස්ත ගෑස් මිල තවදුරටත් අඩුවිය හැකි බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි. ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා සඳහන් කළේ, ලිට්‍රෝ සමාගම ලෝක බැංකුවෙන් ලබාගත් ණය දෙසැම්බර් මාසයේදී ගෙවා අවසන් කිරීමට හැකිවනු ඇති බවය.

FEATURE
on Oct 24, 2022
222 views 0 secs

කොන්සර්වේටිව් පක්ෂ නායකත්වය සඳහා තමා ඉදිරිපත් නොවන බව බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති බොරිස් ජොන්සන් පවසනවා. තමන්ට කොන්සර්වේටිව් පක්ෂය තුළ බහුතරයක් ඇති නමුත් මෙම අවස්ථාවේ නායකත්වය හෝ අග්‍රාමාත්‍ය ධූරය වෙනුවෙන් තරඟ කිරීම සුදුසු නොවන බවට ඔහු ප්‍රකාශ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. ඒ අනුව එම පක්ෂය නියෝජනය කරමින් ඉන්දීය සම්භවයක් සහිත රිෂී සුනක් ඉදිරිපත්ව […]

FEATURE
on Oct 24, 2022
214 views 0 secs

කැසිනෝ සඳහා වන වාර්ෂික බද්ද රු. කෝටි 20 සිට 50 දක්වා සියයට 150 කින් ඉහළ දමා ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.එමෙන්ම ඔට්ටු සහ සූදු සඳහා වන බදු ද ඉහළ දැමූ බව ද රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Oct 24, 2022
220 views 0 secs

දීපාවලි උත්සවය නිමිත්තෙන් අද (24) දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ (PUCSL) සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

FEATURE
on Oct 24, 2022
358 views 0 secs

ලොව පුරා හින්දු බැතිමතුන් මහත් ගෞරවයෙන් සමරන දීපාවලී උත්සවය අද දිනයට යෙදී තිබෙනවා. චන්ද්‍ර දින දර්ශනයට අනුව හින්දු නව වසරේ ආරම්භය සනිටුහන් කෙරෙන්නේ දීපාවලි දිනයෙන් බවයි සඳහන් වන්නේ.විෂ්ණු දෙවියන් හින්දු බැතිමතුන් පීඩාවට පත්කළ නරගාසුරන් නැමැති අසුරයා පරාජයට පත්කිරීම දීපාවලි දිනයේදී සිදු වූ බව හින්දු බැතිමතුන්ගේ විශ්වාසයයි.