Home > Articles posted by Admin (Page 133)
FEATURE
on Oct 31, 2022
323 views 0 secs

මේ වන විට තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කර ඇති පුද්ගලයින්ට ස්ථීර රියදුරු බලපත්‍ර ඉදිරි දෙසතිය තුළ නිකුත් කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. කාඩ්පත් හිඟය හේතුවෙන් ලක්ෂ 06ක පමණ රියදුරු බලපත්‍ර තාවකාලිකව නිකුත් කර තිබූ අතර අදාළ කාඩ්පත් ඔස්ට්‍රියාවෙන් ගෙන්වීමට මේ වන විට පියවර ගෙන තිබෙන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ […]

FEATURE
on Oct 31, 2022
312 views 0 secs

ඊයේ (30) දින 130කට අධික පිරිසක් මිය ගිය ගුජරාට් ප්‍රාන්තයේ පාලමක් කඩා වැටීමෙන් සිදුවූ ඛේදනීය සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය රජයට සහ එහි ජනතාවට සිය ශෝකය ප්‍රකාශ කර තිබේ.ජනාධිපති මාධ්‍ය අංශයට (PMD) සදහන් කරන්නේ , ශ්‍රී ලංකා රජය සහ ජනතාව, ඉන්දීය රජයට සහ ජනතාවට, විශේෂයෙන් සිද්ධියෙන් ජීවිත අහිමි වූ පුරවැසියන්ගේ පවුල්වලට ඔවුන්ගේ බලවත් […]

FEATURE
on Oct 31, 2022
320 views 1 sec

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) මෙම සතිය සඳහා පැය 02 ක විදුලි කප්පාදුවක් අනුමත කර ඇත.PUCSL සභාපති ජානක රත්නායක මහතා පැවසුවේ 2022 නොවැම්බර් 1 වැනි අඟහරුවාදා සිට නොවැම්බර් 4 වැනි සිකුරාදා දක්වා විදුලි කප්පාදුව ක්‍රියාත්මක කරන බවයි. දිවා කාලයේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද රාත්‍රියේ පැය 1 ක විදුලි කප්පාදුවක් ද ක්‍රියාත්මක […]

FEATURE
on Oct 31, 2022
315 views 0 secs

අද (31) සිට ග්‍රෑම් 450 පාන් ගෙඩියක මිල රු. 10/- කින් අඩු වේ. සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය නිවේදනය කළේ රටේ පවතින තත්ත්වය සහ තිරිඟු පිටි මිල ගණන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි. අනෙකුත් බේකරි නිෂ්පාදනවල මිල ද පහත දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පැවසීය.

FEATURE
on Oct 30, 2022
350 views 0 secs

ඉන්දියාවේ පාලමක් ගඟකට කඩා වැටීමෙන් පුද්ගලයින් 32 දෙනෙකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි. ඉන්දියාවේ ගුජරාට්හි ඇති මංජු ගංඟාවට උඩින් පිහිටි එල්ලෙන පාලමක මෙම අනතුර සිදුව ඇති අතර පාලම කඩවැටෙන අවස්ථාවේ එහි 400ක පමණ පිරිසක් සිට ඇති බව වාර්තා වෙයි. ඔවුන් සාත් පුජාවට සහභාගීවීම සඳහා යමින් සිටියදී එම අනතුර සිදුව ඇත. මෙම පාලම යළි සකස් […]

FEATURE
on Oct 30, 2022
300 views 0 secs

දකුණු කොරියාවේ සෝල් අගනුවර එළිමහන් උත්සවයක් අතරතුර ඇතිවූ තෙරපීමකින් පුද්ගලයින් 149 පමණ මියගොස් ඇතිමතර තවත් පුද්ගලයින් 76 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.. දකුණු කොරියාවේ ඊයේ රාත්‍රීයේ සංවිධානය කරතිබූ හැලොවින් සාදයක් අතරතුර මෙම තෙරපීම සිදුව ඇති අතර මියගිය පුද්ගලයින්ගෙන් වැඩිදෙනෙකු යොවුන් වියේ තරුණයින් බව සඳහන් වේ. අදාළ උත්සවය සඳහා විශාල […]

FEATURE
on Oct 30, 2022
371 views 1 sec

වෙළෙඳපොළේ පරිප්පු, සුදු සීනි ඇතුළු භාණ්ඩ කිහිපයක තොග මිල අඩු කර ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළෙඳුන්ගේ සංගමය පවසයි.ඒ අනුව රු.375ක් පැවැති පරිප්පු 1Kg එකක තොග මිල රු.25කින් අඩු කර ඇති අතර නව මිල රු.350ක් වනවා.රු. 290ක්ව පැවැති සුදු සිනී 1Kg එකක තොග මිල රු.65කින් අඩු කර ඇති අතර නව මිල රු.225ක් වනවා.ඒ […]

FEATURE
on Oct 28, 2022
316 views 0 secs

රජය විසින් වී ගොවීන්ට යූරියා කිලෝ ග්‍රෑම් 50ක මල්ලක්  රුපියල් 10,000 කට ලබා දීමට තීරණය කර තිබෙනවා.කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මැදිහත්වීමෙන් සිදු කළ සාකච්ඡා කිහිපයක දී කෙරුණු ඉල්ලීම් පදනම් කර ගනිමින් ගෘහස්ථ ආහාර සුරක්ෂිතතාව, ගොවිතැන සහ ග්‍රාමීය ආදායම් ආරක්ෂා කිරීමේ අරමුණින්  මෙම පියවර ගත් බවයි.මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

FEATURE
on Oct 28, 2022
311 views 0 secs

නාගරික සංවර්ධන අධිකාරිය විසින් ලෝක නගර දිනයට සමගාමීව සෑම සිකුරාදා දිනකම පා පැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා.නාගරික සංවර්ධන අධිකාරිය සඳහන් කළේ ලබන සිකුරාදා සිට සතියේ සෑම සිකුරාදා දිනකම පාපැදියෙන් සේවයට වාර්තා කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරෙන අතර ඊට අදාළ පහසුකම් සැලසීමට පියවර ගන්නා බව යි. සෞඛ්‍ය සම්පන්න නගර වැසියන් බිහිකිරීම, මාර්ග […]

FEATURE
on Oct 28, 2022
320 views 0 secs

කොළඹ අපජල කළමනාකරණ වැඩසටහන යටතේ සිදුකරන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීම් කිහිපයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයක් සඳහා පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අද (28) රාත්‍රී 10.00 සිට හෙට (29) උදෑසන 10.00 දක්වා කාලය තුළ කොළඹ 02,03,04,05,07,08 සහ 10 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට පියවර ගෙන ඇත.