Home > Articles posted by Admin (Page 131)
FEATURE
on Nov 16, 2022
287 views 0 secs

අද (16) පැවති මාධ්‍ය හමුවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළේ, මීළඟ මැතිවරණයේදී 50% ක් නව පිරිසක් ඉදිරිපත්විය යුතු බවයි. එසේම තුන් වතාවකට වඩා ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තුවට පත්විය නොහැකි ලෙස නීතියක් ගෙනආ යුතු බවත් පවුල්වාදය සහ බලයට ඇති කෑදර කම නැවැත්විය හැක්කේ එම නීතිය හඳුන්වාදීමෙන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

FEATURE
on Nov 16, 2022
290 views 1 sec

අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි නිෂ්පාදන තුනක මිල අඩු කිරීමට ලංකා සතොස තීරණය කර තිබේ. රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක් (දේශීය) රු. 205/-කි.පරිප්පු (රතු) කිලෝග්‍රෑම් 1 ක් රු. 389/-කි.මාළු ටින් ග්‍රෑම් 425ක් රු. 540/-කි.

FEATURE
on Nov 14, 2022
284 views 0 secs

ඩීසල්, බොරතෙල් පෙට්‍රල් මත අධිභාර බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ. මෙම අධිභාර බද්ද ආනයන අවස්ථාවේදී අයකරගැනීමට අපේක්ෂා කරන බව 2023 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Nov 14, 2022
310 views 0 secs

මෙවර අයවැය යෝජනා වලට සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා කලින් විශ්‍රාම ගැනීම සම්බන්ධ යෝජනාවක් ඇතුළත් කර තිබේ. ඒ අනුව විශේෂ ඛාණ්ඩ හැර අනෙකුත් සාමාජිකයින් සඳහා වසර 18ක සේවාකාලයකින් අනතුරුව විශ්‍රාම ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබන අතර ඵලදායි ආර්ථික කටයුතුවල යෙදීමට හැකිවන සේ ඔවුන්ට සුදුසු පුහුණුවක් ලබාදීමටද යෝජිතය.

FEATURE
on Nov 14, 2022
296 views 0 secs

2023 අයවැය යෝජනා හරහා මධ්‍යසාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නව රසායනාගාරයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේය. ප්‍රමිතීත් සකස් කිරීම සඳහා ආයතනයක් නොතිබීම තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු මධ්‍යසාර හඳුනාගැනීම දුෂ්කර වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදුනි. එසේම නුසුදුසු මධ්‍යසාර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද දුෂ්කර වීම ඇතුළු කරුණු මුල්කරගනිමින් මෙම රසායනාගාරය පිහිටුවීමට පියවර ගන්නා […]

FEATURE
on Nov 14, 2022
708 views 0 secs

බදු ආදායම වැඩිකිරීම සඳහා 2023 අයවැය මගින් විවිධ පියවර යෝජනා කර තිබේ. සිය මංගල අයවැය ඉදිරිපත්කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා 2019 බදු කප්පාදුව මගින් සිදුවූ ආදායම් අහිමිවීම නිවැරදි කිරීම සඳහා අවශ්‍ය යෝජනා 2023 අයවැය යෝජනාවලියේ අඩංගු බව ප්‍රකාශ කර සිටියා. ඒ සඳහා Vඇඨ් වැඩිකිරීම වැදගත් බව අයවැය යෝජනාවලියේ දැක්වෙයි. රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම තුළින් මුදල් […]

FEATURE
on Nov 14, 2022
270 views 0 secs

චෝදනා කිහිපයක යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 15 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙම පිරිස කුරුඳුවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Nov 14, 2022
284 views 0 secs

අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එළඹෙන (16) බදාදා දින පෙරවරු 8.30 සිට කළුතර ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 24ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව අදාළ කාලය තුළ වාද්දුව, වස්කඩුව පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර (උතුර/ දකුණ), කටුකුරුන්ද /නාගොඩ,බෝම්ඹුවල,පිලමිනාවත්ත යන ප්‍රදේශවලට ජල කප්පාදුව සිදු කෙරෙනු ඇති.

FEATURE
on Nov 14, 2022
286 views 0 secs

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා, ඩීසල් මිල ඉහළ දැමූවද බස් ගාස්තු වැඩි කිරීමට අපේක්ෂා නොකරන බව ප්‍රකාශ කර සිටියා. ඒ අනුව ඔහු සඳහන් කරන්නේ, පසුගිය වතාවේ ඩීසල් රුපියල් 15 කින් අඩුවූ අවස්ථාවේදී බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවූ බවත් යළිත් එම මුදලම වැඩි කිරීම නිසා බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවන බවයි.

FEATURE
on Nov 14, 2022
306 views 0 secs

ලබන වසරේ අළු බඳුන තරඟාවලියෙන් පසුව ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට ඔස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ අනුව ඔහු සඳහන් කර ඇත්තේ, මේ ගෙවෙන්නේ ඔහුගේ ටෙස්ට් ක්‍රිකට් දිවියේ අවසන් මාස 12 විය හැකි බවත්, විස්සයි විස්ස ක්‍රීඩාවට තමා කැමති බවත්, තමන් 2024 දක්වා ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු ප්‍රකාශ […]