Home > Articles posted by Admin (Page 130)
FEATURE
on Nov 21, 2022
191 views 0 secs

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ඇමරිකාවේ සිට නැවත මෙරටට පැමිණීමේදී ඔහු පිළිගැනීම සඳහා ජාතික පොලිස් කොමිසමේ සභාපති චන්ද්‍රා ප්‍රනාන්දු සහභාගී වී තිබනවා.සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර අද (21) පාර්ලිමේන්තුවේ දී ඒ බව අනාවරණය කළ අතර ඒ අනුව ඔහුව වහාම එම තනතුරින් ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් එසේ නොමැතිවුවහොත් 21 වන සංශෝධනය සම්මත කිරීමෙන් […]

FEATURE
on Nov 21, 2022
193 views 0 secs

ඉරානයේ ජනප්‍රිය නිළියන් දෙදෙනෙක් වන හෙන්ගමෙහ් ඝසියානී සහ කටයුන් රිආනි එරට බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසයි. මේ දිනවල පැවැත්වෙන ආණ්ඩු විරෝධී විරෝධතාවලට සහාය දීම හේතුවෙන් ඔවුන්ව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ. 22 හැවිරිදි මාෂා අමිනි පොලිස් අත්අඩංගුවේ සිටින අතරතුර මියයෑම හේතුවෙන් ඉරානය පුරා විරෝධතා ඇරඹිණි.

FEATURE
on Nov 21, 2022
211 views 0 secs

ඉන්දුනීසියාවේ සිදු වූ භූ කම්පනයක් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 44ක් පමණැ මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය නවතම වාර්තා පෙන්වාදෙයි. එම භූ කමපනය රික්ටර් මාපකයේ 5.6ක් ලෙස සටහන්ව තිබූ අතර මිය ගිය පිරිසට අමතරව තවත් 300කට අධික පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා විය.

FEATURE
on Nov 21, 2022
216 views 3 secs

පාපන්දු ලෝක කුසලානයේ ආරම්භක තරගයෙන් සත්කාරක කටාරය පරදා ගෝල 2-0ක ජයක් වාර්තා කිරීමට ඉක්වදෝරය සමත් වුණා. දෙරට අතර තරඟය ආරම්භ වී තුන්වන මිනිත්තුවේදී ගෝලයක් වාර්තා කිරීමට ඉක්වදෝර ක්‍රීඩක Eන්නෙර් Vඅලෙන්cඉඅ සමත්වූ අතර පසුව එය නිවැරදිව ලබා නොගත් ගෝලයක් බව විනිසුරුවන් තීරණය කළා. පසුව යළිත් 16 වන මිනිත්තුවේදී ඉක්වදෝරයට දඩුවම් පහරක් හිමිවූ අතර එම දඬුවම් පහර […]

FEATURE
on Nov 16, 2022
200 views 0 secs

දිවයිනට පැමිණීමෙන් අනතුරුව ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයෙකු වන කුමාර් ධර්මසේන මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසන්නේ තමන් ක්‍රීඩා කරන කාලයේ සහ 2022 ක්‍රිකට් සෙල්ලම් කරන ආකාරය සම්පූර්ණයෙන්ම වෙනස් බව පවසනවා.අද වන විට ක්‍රිකට් සෙල්ලම් කිරීම සිදුකරන්නේ, තාක්ෂණයත් සමඟ නිසා තමන් ක්‍රීඩා කරන කාලයේ මෙන් වර්තමානයේ ක්‍රීඩා කළහොත් පළවෙනි වටයෙන්ම එළියට යාමට සිදුවන බවත් එම නිසා ඒ කාලය […]

FEATURE
on Nov 16, 2022
195 views 0 secs

අද (16) පැවති මාධ්‍ය හමුවකට පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා සඳහන් කළේ, මීළඟ මැතිවරණයේදී 50% ක් නව පිරිසක් ඉදිරිපත්විය යුතු බවයි. එසේම තුන් වතාවකට වඩා ශ්‍රී ලංකාව තුළ පාර්ලිමේන්තුවට පත්විය නොහැකි ලෙස නීතියක් ගෙනආ යුතු බවත් පවුල්වාදය සහ බලයට ඇති කෑදර කම නැවැත්විය හැක්කේ එම නීතිය හඳුන්වාදීමෙන් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

FEATURE
on Nov 16, 2022
202 views 1 sec

අද (16) සිට ක්‍රියාත්මක වන පරිදි නිෂ්පාදන තුනක මිල අඩු කිරීමට ලංකා සතොස තීරණය කර තිබේ. රතු කැකුළු සහල් කිලෝග්‍රෑම් 1ක් (දේශීය) රු. 205/-කි.පරිප්පු (රතු) කිලෝග්‍රෑම් 1 ක් රු. 389/-කි.මාළු ටින් ග්‍රෑම් 425ක් රු. 540/-කි.

FEATURE
on Nov 14, 2022
201 views 0 secs

ඩීසල්, බොරතෙල් පෙට්‍රල් මත අධිභාර බද්දක් පැනවීමට රජය තීරණය කර තිබේ. මෙම අධිභාර බද්ද ආනයන අවස්ථාවේදී අයකරගැනීමට අපේක්ෂා කරන බව 2023 අයවැය ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Nov 14, 2022
218 views 0 secs

මෙවර අයවැය යෝජනා වලට සන්නද්ධ හමුදා සාමාජිකයින් සඳහා කලින් විශ්‍රාම ගැනීම සම්බන්ධ යෝජනාවක් ඇතුළත් කර තිබේ. ඒ අනුව විශේෂ ඛාණ්ඩ හැර අනෙකුත් සාමාජිකයින් සඳහා වසර 18ක සේවාකාලයකින් අනතුරුව විශ්‍රාම ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට මෙවර අයවැය මගින් යෝජනා කර තිබන අතර ඵලදායි ආර්ථික කටයුතුවල යෙදීමට හැකිවන සේ ඔවුන්ට සුදුසු පුහුණුවක් ලබාදීමටද යෝජිතය.

FEATURE
on Nov 14, 2022
196 views 0 secs

2023 අයවැය යෝජනා හරහා මධ්‍යසාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සඳහා සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නව රසායනාගාරයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා යෝජනා කළේය. ප්‍රමිතීත් සකස් කිරීම සඳහා ආයතනයක් නොතිබීම තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු මධ්‍යසාර හඳුනාගැනීම දුෂ්කර වී ඇති බවද ජනාධිපතිවරයා පෙන්වාදුනි. එසේම නුසුදුසු මධ්‍යසාර සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගැනීමද දුෂ්කර වීම ඇතුළු කරුණු මුල්කරගනිමින් මෙම රසායනාගාරය පිහිටුවීමට පියවර ගන්නා […]