Home > Articles posted by Admin (Page 137)
FEATURE
on Oct 19, 2022
311 views 3 secs

ලංකා සතොස ආයතනය අත්‍යාවශ්‍ය පාරිභෝගික භාණ්ඩ 06ක මිල පහත දැමීමට තීරණය කර තිබෙනවා. දිවයින පුරා ඕනෑම සතොස අලෙවි සැලක් මගින් මෙම භාණ්ඩ ලබා ගත හැකි බවද එම ආයතනය පෙන්වා දී සිටියා. මිල අඩු කල භාණ්ඩ ලැයිස්තුව පහතින්. සුදු ලූණු 1Kg 60කින් (නව මිල රු.490)පාන් පිටි 1Kg 55කින් (නව මිල රු.320)හාල්මැස්සන් 1Kg 50කින් (නව මිල රු.1450)කඩල […]

FEATURE
on Oct 19, 2022
284 views 0 secs

මුදල් වංචාවක් හේතුවෙන් රිමාන්ඩ් භාරයේ සිටින තිළිණි ප්‍රියමාලි හා ඇයගේ ව්‍යාපාරික හවුල්කරුවා වන ඉසුරු බණ්ඩාරව නොවැම්බර් 02 දක්වා , රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා. ස්කයිප් ඔස්සේ අද (19) නඩු විභාගය සිදුකිරීමෙන් අනතුරුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.

FEATURE
on Oct 19, 2022
311 views 0 secs

අද දහවල් ගාල්ල, යක්කලමුල්ල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලැබූ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.පොලීසිය සඳහන් කළේ යක්කලමුල්ල කළුවලගල ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි. වෙඩි ප්‍රහාරයට ලක්වූ වයස අවුරුදු 3 ක පමණ කුඩා දරුවෙකු ඇතුළු තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මෙලෙස මියගොස් ඇති බවයි සඳහන් වන්නේ.

FEATURE
on Oct 19, 2022
300 views 0 secs

මහා බෝධියේ භාරකාර සහ ප්‍රධාන පූජක, අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය (ආචාර්ය) පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ අපවත් වූහ. අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් කොළඹ පෞද්ගලික රෝහලකදී අපවත් වූ බව වාර්තා වේ. මිය යන විට ඔහු 69 වැනි වියේ පසුවිය.අතිපූජ්‍ය (ආචාර්ය) පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වීමේ කටයුතු සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද නියෝග […]

FEATURE
on Oct 18, 2022
323 views 0 secs

ශ්‍රී ලංකා නාවික හමුදාව මීට මාසයකට පමණ පෙර සබඳතා බිඳ වැටී තිබූ යාත්‍රාවක් සමඟ සබඳතා යළි ස්ථාපිත කර තිබේ.නැවියන් 06 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් සහිත මෙම යාත්‍රාව දකුණු මුහුදු තීරයේ නිරීක්ෂණ කටයුතුවල නිරතව සිටියදී සැප්තැම්බර් 16 වන දින සබඳතා බිඳ වැටුණි.ශ්‍රී ලංකා නාවික හමුදාව ප්‍රකාශ කළේ අද පෙරවරුවේ යාත්‍රාව සමඟ සන්නිවේදනය යළි ස්ථාපිත කිරීමට හැකි […]

FEATURE
on Oct 18, 2022
315 views 2 secs

ICC T20 ලෝක කුසලාන සිහිනය සජීවීව තබා ගැනීමට ශ්‍රී ලංකාව ලකුණු 79 කින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) පරාජය කළේය. ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 08ක් දැවී ලකුණු 152ක් රැස් කළා. ලකුණු 153ක ඉලක්කයක් හඹාගිය එක්සත් අරාබි එමීර් කණ්ඩායමට ඕවර 17.1කදී සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 73ක් පමණි.විශිෂ්ට ජයග්‍රහණයක් සමඟින් ශ්‍රී ලංකාව මේ […]

FEATURE
on Oct 18, 2022
303 views 0 secs

2022 වසර සඳහා රජයේ ණය සීමාව ඉහළ නැංවීමේ යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත. අද (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ, දැනට රටට ණය ගත හැක්කේ පාර්ලිමේන්තුවේ ණය සීමාව වන රු. බිලියන 3,844 කි.රුපියල අවප්‍රමාණය වීම නිසා රජයේ වියදම විශාල ලෙස ඉහළ […]

FEATURE
on Oct 18, 2022
307 views 0 secs

අද සිට ක්‍රියාත්මක වන පරිදි නව ජල සම්බන්ධතා ගාස්තු ඉහළ දමා තිබෙනවා. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ නව ගෘහස්ත ජල සම්බන්ධතාවයක් ලබාගැනීමේදී ගෙවිය යුතු වන ගාස්තුව 70% කින් ඉහළ දමා ඇති බවයි

FEATURE
on Oct 17, 2022
360 views 0 secs

අමාත්‍යවරයා, සතිපතා පෙට්‍රල් ලීටර් 30ක් ලබා දෙනතුරු ත්‍රීරෝද රථ ගාස්තුවල වෙනසක් සිදු නොකරන බව එක්සත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ සහ කාර්මික සේවක සංගමයේ ලේකම් රෝහණ පෙරේරා මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Oct 17, 2022
287 views 0 secs

රුසියානු හමුදා යුක්‍රේනයේ අගනුවර ඇතුළු ප්‍රදේශ රැසකට දැඩි ප්‍රහාර එල්ලකරමින් ඇති අතර ක්‍යුව් අගනුවරට පහර දීම සඳහා ඉරානයේ නිෂ්පාදිත “කමිකාසේ” ඩ්‍රෝන යානාද භාවිත කර ඇති බවද වාර්තා වෙයි. මෙම ප්‍රහාර හේතුවෙන් කිහිපදෙනෙක් මරණයට පත්වී ඇති බවද යුක්‍රේන බලධාරීන් පැවසුවේ ය.