ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පන්දු යවන්න් ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 8 වන ස්ථානයේ පසුවනවා.
කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොස්ගම සිට අවිස්සාවේල්ල කොටස ඔක්තෝබර් 07 වනදා රාත්‍රී 8.30 සිට 10 වනදා පෙරවරු 06.00 දක්වා වසා තැබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේමෙම කාලය තුළදී කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොස්ගම දක්වා පමණක් බවයි.
ඩොලර් මිලියන 2.74 ක් වටිනා වෛද්‍ය සැපයුම් තොගයක් එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානුෂීය සංවිධානයක් වන HOPE Worldwide විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ශ්‍රී ලාංකිකයින්ට කඩිනම් සහන සැලසීම සඳහා අදාළ ආධාර ශ්‍රී ලංකාවට ලබාදුන් බවයි .තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඩොලර් මිලියන 12 ඉක්මවන වෛද්‍ය ආධාරයන් පසුගිය […]
අද (05) සිට දුරකථන ගාස්තු නැවත වරක් ඉහල දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබෙනවා.මෙම මස සිට 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද කිරීම මෙම ගාස්තු සංශෝධනට හේතුව ලෙස එම සමාගම් පෙන්වා දෙන අතර නව ගාස්තු සම්බන්ධ තොරතුරු අදාල දුරකථන සමාගම් වල වෙබ් අඩවි වලින් ලබා ගත හැකි බවද දන්වා සිටියා.
රජයේ ගිණුම්කාරක සභාවේ සභාපති ධූරයට ඒකමතිකව සමගි ජන බලවේගයේ කබීර් හෂීම් පත් වී තිබෙන බව පාර්ලිමේන්තුව සදහන් කර සිටියා.
අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩර් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.නව මිල පහතින්.12.5kg – රු. 42805kg – රු. 17202.3kg – රු. 800
පාඨලී චම්පික රණවක ජාතික සභා සාමජිකයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී නම් කර තිබෙන අතර ඒ සම්බන්ධ නිවේදනය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණඩමන් ජාතික සභා සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙන අතර කථානායකවරයාඑම පුරප්පාඩුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේශ්වරන් පත් කර තිබෙන බව අද (5) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.
වැල්ලවදී දුම්රියක් පීලි පැනම නිසා උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.
ගූගල් සමාගම විසින් සිය භාෂා පරිවර්තන මෙවලම චීනය තුළ අත් හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.ඊට ප්‍රධාන හේතුව ලෙස චීනයේ පරිශීලකයන් අඩු ප්‍රමාණයක් මෙම භාෂා පරිවර්තනය භාවිතා කිරීම පෙන්වා දී තිබේ.
