Home > Articles posted by Admin (Page 140)
FEATURE
on Oct 11, 2022
279 views 0 secs

පන්දුවාර 20 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර පැවැත්වෙන පුහුණු තරගයක් මෙරට වේලාවෙන් උදෑසන 9ට මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. මෙම තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ කණ්ඩායම අතරයි..

FEATURE
on Oct 10, 2022
285 views 0 secs

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (10)පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. පැමිණිල්ල ඉදිරිපත් කොට ඇත්තේ තිලිණි ප්‍රියමාලි නම් කාන්තාවට මුදල් ලබාදුන් බවට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන නම් ලැයිස්තුවට තම නම ඇතුළත්වීම සම්බන්ධයෙන්ය. මන්ත්‍රීවරයා සඳහන් කළේ සමාජ මාධ්‍ය ඔස්සේ අදාළ නම් ලැයිස්තුව සඳහා තමන්ගේ නම් එකතු කළේ කවුරුන්ද යන්න පිළිබඳ පරීක්ෂණයක් සිදුකරන ලෙස අදාළ […]

FEATURE
on Oct 10, 2022
291 views 0 secs

අද (10) දිනයේ කොළඹ මහාධිකරණය විසින් ලබන වසරේ මාර්තු මස 17 වනදා තෙක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව අත්හිටුවීමට නියෝග කර තිබෙනවා.2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ දී අපරීක්ෂාකාරී ලෙස රිය පදවා තරුණයෙකු අනතුරට ලක් කොට ඊට අදාළ සාක්ෂි වසන් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ලවී තිබෙනවා.මෙම නියෝගය අද කොළඹ මහාධිකරණ […]

FEATURE
on Oct 10, 2022
281 views 0 secs

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙවර ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සිය සිව්වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්වී තිබෙනවා.ඒ අනුව බංග්ලාදේශ කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 3 ක ජයක් වාර්තා කිරීමට සමත් වුණා.

FEATURE
on Oct 10, 2022
327 views 0 secs

නීතිවිරෝධී නියෝග මත ක්‍රියා කරන පොලිස් නිලධාරීන්ට කවදා හෝ ඔවුන්ගේ නීති විරෝධී ක්‍රියාවලට වන්දි ගෙවීමට සිදුවන බව මතක තබා ගත යුතු බව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා සිය පෞද්ගලික ෆේස්බුක් ගිණුමේ සටහනක් තබමින් අනතුරු ඇඟවීය.“තමන්ගේ ප්‍රධානීන් තෘප්තිමත් කිරීම සඳහා නීති විරෝධී ක්‍රියාවන්හි යෙදී මිනිසුන්ගේ අයිතිවාසිකම් කඩ කළ පොලිස් නිලධාරීන්ට ඔවුන්ගේ […]

FEATURE
on Oct 10, 2022
289 views 0 secs

අද (10) උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ටරුසියානු ගුවන් සේවයට අයත් Aeroflot ගුවන් යානයක් පැමිණ තිබෙනවා. මාස 4කට පසුව මෙලෙස මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් ආරම්භ කර ඇති බවයි සඳහන් වන්නේ.

FEATURE
on Oct 8, 2022
272 views 0 secs

එළඹෙන සදුදා දින විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ. නබි නායක තුමාගේ උපන් දිනය ඔක්තෝබර් 09වන ඉරුදිනට යෙදී තිබීම එයට හේතුවයි.

FEATURE
on Oct 8, 2022
274 views 0 secs

අද (08) සිට අනුරාධපුරය දක්වා ගමන් කරන සංචාරකයන් හා වන්දනාකරුවන් සදහා සෑම සතිඅන්තයකම විශේෂ දුම්රියක් ධාවනයට එක් කර තිබෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා. මෙම දුම්රිය සෑම සෙනසුරාදා දිනකම උදෑසන 9:20ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර සවස 1:24ට අනුරාධපුරයට ළගා වීමට නියමිතය.නැවත ඉරිදා දින අනුරාධපුරයෙන් සවස 5ට පිටත් වන අතර රාත්‍රී 9:14ට කොළඹඨ ලගා […]

FEATURE
on Oct 7, 2022
303 views 0 secs

2022 වසරේ අපොස උසස් පෙළ හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට නියමිතව තිබූ දින සංශෝධනය කර තිබෙනවා.ඒ අනුව 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය දෙසැම්බර් 18 වන දින ද, අපොස උසස් පෙළ විභාගය 2023 ජනවාරි 23දා සිට පෙබරවාරි 17 වනදා දක්වා පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Oct 7, 2022
329 views 0 secs

2022 පාඨක තේරීම් සම්මාන උළෙලේ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකාව ලෝකයේ 9 වැනි මිත්‍රශීලීම රට ලෙස ලැයිස්තුගත කර ඇත. ලෝකයේ මිත්‍රශීලී රටවල් ලෙස: ප්‍රංශ පොලිනීසියාව කොලොම්බියාව නවසීලන්තය තායිලන්තය කොස්ටාරිකාව බොට්ස්වානා පේරු බෙලීස් ශ්‍රී ලංකාව පිලිපීනය