Home > Articles posted by Admin (Page 139)
FEATURE
on Oct 13, 2022
292 views 0 secs

ලෝක කුසලාන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වීමට නියමිතව තිබු පුහුණු තරගය අහයපත් කාලගුණය හේතුවෙන් අතහැර දමා තිබේ. පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ලබන 16 වැනිදා ආරම්භ වීමට නියමිත අතර එදින ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පළමු තරගය පැවැත්වෙයි.

FEATURE
on Oct 13, 2022
334 views 0 secs

සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීම සදහා විශේෂ කණ්ඩායමක් අනුයුක්ත කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Oct 12, 2022
304 views 0 secs

බකිංහැම් මාළිගය තුන්වන චාල්ස් රජුගේ රාජාභිෂේකය නිවේදනය කර තිබෙනවා.බකිංහැම් මාළිගය වැඩිදුරටත් නිවේදනය කර තිබෙන්නේ 2023 වසරේ මැයි 06 වන සෙනසුරාදා රාජාභිෂේකය වෙස්ට්මින්ස්ටර් ඇබේ හිදී පැවැත්වීමට නියමිත බවයි.

FEATURE
on Oct 12, 2022
293 views 1 sec

චිප් සහිත රියදුරු බලපත්‍රය වෙනුවට QR කේතයක් සහිත ඩිජිටල් රියදුරු බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් වන  අදාළ තොරතුරු තාක්ෂණික අංශවල හා වෙනත් විද්වත් කමිටුවලට යොමුකර අදාළ ක්‍රියාත්මක කිරීමේ දී ඇති විය හැකි තත්ත්වයන් පිළිබඳ පුළුල් අධ්‍යයනයක් සිදු කර නවීන ඩිජිටල් තාක්ෂණයෙන් යුත් රියදුරු […]

FEATURE
on Oct 12, 2022
354 views 0 secs

මුදල් අමාත්‍යවරයාගේ එකඟතාවය ඇතිව මුදල් මණ්ඩලය විසින්සහකාර අධිපති සහ මුදල් මණ්ඩලයේ ලේකම් කේ.එම්.ඒ.එන් දවුලගල මහත්මිය ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) නියෝජ්‍ය අධිපති තනතුරට 2022 ඔක්තෝබර් 07 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි උසස් කර ඇත.කේ එම් ඒ එන් දවුලගල මහත්මිය බැංකු නොවන මූල්‍ය ආයතන අධීක්‍ෂණය සහ නියාමනය, සාර්ව විචක්ෂණ නිරීක්ෂණ, මූල්‍ය, ජාත්‍යන්තර මෙහෙයුම්, අවදානම් කළමනාකරණය, ප්‍රාදේශීය […]

FEATURE
on Oct 11, 2022
629 views 2 secs

මඩකලපුව, වවුනතිව් ප්‍රදේශයේ ඉදිකරන ලද සෝලා යුනිවර්ස් හෙවත් සූර්ය පැනල විදුලි බලාගාරය අද (11) විවෘත කරන ලදී. මෙම බලාගාරය Wind Force, Vidullanka හා Hi Energy සමාගම් වල ආයෝජනයෙන් සංවර්ධනය කර ඇති අතර මෙය මෙරට සූර්ය පැනල මගින් බලශක්තිය නිපදවීම හා කෘෂිකර්මාන්තයද සිදු කරන ප්‍රථම ව්‍යාපෘතිය බව විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය සදහන් කර සිටියා. මෙම […]

FEATURE
on Oct 11, 2022
299 views 0 secs

ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍යය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාරියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ ගාස්තු සංශෝධනය කර ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. එම ගැසට් නිවේදනය පහතින්.

FEATURE
on Oct 11, 2022
316 views 0 secs

මෙම වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා මෙරටට පැමිණි සංචාරකයන් ගණන 526,232 ඇති අතර, පසුගිය වසරේ මෙම කාල සීමාව සමග සසඳන විට එය 1287.6% වර්ධනයක් පෙන්වන බවත් මහ බැංකු දත්ත පෙන්වා දී සිටියා. මෙම කාල සීමව තුළ ලංකාවේ සංචාරක කර්මාන්තය ඇ.ඩො මිලියන 946.4ක ආදායමක් ඉපයූ බවද මෙම දත්ත පෙන්වා දී සිටියා.

FEATURE
on Oct 11, 2022
285 views 0 secs

T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙර ශ්‍රී ලංකා හා සිම්බාබ්වේ කණ්ඩායම අතර පැවති පුහුණු තරගය ළකුණු 33කින් ජය ගැනීමට ලංකාව අද (11) සමත් වුණා. තරගයේ කාසියේ වාසිය හිමිකරගත් සිම්බාබ්වේ කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමට තීරණය කලා. ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 188කි. ලකුණු 189 ක ඉලක්කයන් හඹා […]

FEATURE
on Oct 11, 2022
287 views 0 secs

ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල අඩුකිරීමට තීරණය කර තිබේ. ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 500කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 5300කි. එමෙන්ම කිලෝග්‍රෑම් 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 200කින් අඩුකර ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 2120ක් වේ.