Home > Articles posted by Admin (Page 141)
FEATURE
on Oct 7, 2022
297 views 0 secs

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 6 ක් බවයි.මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් පිරිසක් ඊයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගියා.මීට වසර තුන හතරකට පෙරදී සරුංගල් සිද්ධියක් මුල් කරගෙන මෙම වෙඩි […]

FEATURE
on Oct 7, 2022
285 views 1 sec

බොරතෙල් භාණ්ඩ සඳහා විදේශ විනිමය හිඟයක් හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදුව අද (07) සිට වසා තැබෙන බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සතුව සියලුම නිෂ්පාදන සඳහා ප්‍රමාණවත් තොග ඇති බැවින් පිරිපහදු කළ නිෂ්පාදනවල හිඟයක් ඇති නොවන බවයි. ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) පිරිපහදු […]

FEATURE
on Oct 7, 2022
295 views 0 secs

තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානට වෙඩි ප්‍රහාර එල්ල කල සැකකරු සිය බිරිද හා දරුවාද ඝාතනය කර සිය දිවි හානි කරගෙන තිබෙන බව වාර්තා වේ. තුවක්කුකරු හිටපු පොලිස් නිළධාරියෙකු බවත්, 34 හැවිරිදි ඔහු මත්ද්‍රව්‍ය චෝදනා හේතුවෙන් පසුගිය වසරේ වැඩ තහනමට ලක් වූ අයෙකු බවත් විමර්ශන වලදී අනාවරණය වී තිබෙන අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. […]

FEATURE
on Oct 7, 2022
298 views 0 secs

රට තුළ තවමත් අත්‍යාවශ්‍ය ඖෂධ 110ක පමණ හිගයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කර සිටියා. එහි ජාත්‍යන්තර ඖෂධ පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි, හිගව පවතින ඖෂධ කළමනාකරණය කරමින් රෝගී සත්කාර පවත්වගෙන යන බවත්, ඖෂධ හිගය වැලැක්වීමට වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක බවත් සදහන් කර සිටියා.

FEATURE
on Oct 7, 2022
363 views 0 secs

බ්‍රිගේඩියර් රවී හේරත් මහතා යුධ හමුදා මාධ්‍ය ප්‍රකාශක ධූරයට පත් කර ඇති බව යුධ හමුදාව සදහන් කර සිටියා..

FEATURE
on Oct 6, 2022
303 views 0 secs

ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව පිළිබඳව නව යෝජනාවක් අද (06) සම්මත කර ගනු ලැබුවා.මෙම යෝජනාව ඇමෙරිකානු එක්සත් ජනපදය බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 07ක් විසින් ඉදිරිපත් කරනු ලැබූවක් වන අතර ශ්‍රී ලංකාවේ සංහිඳියාව, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම යන තේමාව යටතේ එම යෝජනාව ඉදිරිපත් වී තිබුණි. මෙම යෝජනාවට පක්ෂව ඡන්ද 20ක්ද, විපක්ෂව […]

FEATURE
on Oct 6, 2022
370 views 0 secs

අද (06) දින සිට කිරි තේ එකක මිල රුපියල් 100ක් හා ප්ලේන්ටි එකක මිල රුපියල් 30ක් දක්වා අඩු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය සඳහන් කර සිටියා.

FEATURE
on Oct 6, 2022
310 views 0 secs

තායිලන්තයේ දිවා සුරැකුම් මධ්‍යස්ථානයක සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 28 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.අදාළ වෙඩි තැබීම හිටපු පොලිස් නිලධාරියකු විසින් සිදුකර ඇති බවද විදෙස් මාධ්‍ය තව දුරටත් සදහන් කර සිටියා .

FEATURE
on Oct 6, 2022
278 views 0 secs

ගෝලීය බලපෑම හේතුවෙන්දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි යන මාස වල ඉන්ධන මිල ඉහළ යා හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද කල විශේෂ ප්‍රකාශයේදී සදහන් කර සිටියා.

FEATURE
on Oct 6, 2022
292 views 0 secs

ප්‍රතිපත්ති පොලි අනුපාත නොවෙනස්ව පවත්වා ගැනීමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබේ.ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය 14.5% කද, නිත්‍ය ණය පහසුකම් අනුපාතය 15.5% ක මට්ටමේ ද නොවෙනස්ව පවත්වා ගෙන යනු ලැබේ.