Home > Articles posted by Admin (Page 142)
FEATURE
on Oct 6, 2022
374 views 0 secs

කෝප් කමිටු නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත් කර ඇති බව වාර්තා වේ.

FEATURE
on Oct 6, 2022
287 views 0 secs

22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත මීළඟ පාර්ලිමේන්තු සැසි වාරයකදී විවාදයට ගැනීමට පසු නායකයින් තීරණය කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දී සිටියා. පසුගියදා පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ 22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද(06) විවාදයට ගැනීමට එකගතාවය පල කර තිබිණි. කෙසේ වුවද මීළඟ පාර්ලිමේන්තු සැසිවාරය ලබන 18ව දින ආරම්භ වන බව වාර්තා […]

FEATURE
on Oct 6, 2022
294 views 0 secs

ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. එම ගැසට් පත්‍රයට අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සහ අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත් කර ඇත.

FEATURE
on Oct 6, 2022
327 views 1 sec

සංචාරක ඉන්ධන අවසරපත්‍ර, පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ඊයේ (5) එළිදැක්විණි.රට පුරා ඉන්ධන පිරවුම්හල් 300+ කදී ඉන්ධන මිලදී ගැනීමට සංචාරකයාට USD පෙරගෙවුම් කාඩ්පතක් භාවිතා කිරීමට මෙමගින් හැකියාව ලැබේ. කාඩ්පත ගුවන්තොටුපළ ඩයලොග් සහ සම්පත් බැංකු කවුන්ටරවලින් ලබාගත හැකි අතර සම්පත් බැංකු ශාඛාවලින් ටොප්අප් කළ හැක. තවද, සංචාරක ඉන්ධන අවසරපත්‍ර පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සහාය වීම සම්බන්ධයෙන් සංවර්ධන […]

FEATURE
on Oct 5, 2022
371 views 0 secs

ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ විස්සයි විස්ස පන්දු යවන්න් ශ්‍රේණිගත කිරීම්වල 3 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව තිබෙනවා. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීම්වලට අනුව 8 වන ස්ථානයේ පසුවනවා.

FEATURE
on Oct 5, 2022
294 views 0 secs

කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටසක් අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් වසා තැබීමට පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව කොස්ගම සිට අවිස්සාවේල්ල කොටස ඔක්තෝබර් 07 වනදා රාත්‍රී 8.30 සිට 10 වනදා පෙරවරු 06.00 දක්වා  වසා තැබෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේමෙම කාලය තුළදී කැලණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය කෙරෙන්නේ කොස්ගම දක්වා පමණක් බවයි.

FEATURE
on Oct 5, 2022
292 views 1 sec

ඩොලර් මිලියන 2.74 ක් වටිනා වෛද්‍ය සැපයුම් තොගයක් එක්සත් ජනපදයේ ප්‍රමුඛ පෙළේ ජාත්‍යන්තර මානුෂීය සංවිධානයක් වන HOPE Worldwide විසින් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කර තිබෙනවා. කොළඹ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය සඳහන් කරන්නේ ශ්‍රී ලාංකිකයින්ට කඩිනම් සහන සැලසීම සඳහා අදාළ ආධාර ශ්‍රී ලංකාවට ලබාදුන් බවයි .තානාපති කාර්යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ ඩොලර් මිලියන 12 ඉක්මවන වෛද්‍ය ආධාරයන් පසුගිය […]

FEATURE
on Oct 5, 2022
297 views 0 secs

අද (05) සිට දුරකථන ගාස්තු නැවත වරක් ඉහල දැමීමට දුරකථන සමාගම් තීරණය කර තිබෙනවා.මෙම මස සිට 2.5% ක සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද කිරීම මෙම ගාස්තු සංශෝධනට හේතුව ලෙස එම සමාගම් පෙන්වා දෙන අතර නව ගාස්තු සම්බන්ධ තොරතුරු අදාල දුරකථන සමාගම් වල වෙබ් අඩවි වලින් ලබා ගත හැකි බවද දන්වා සිටියා.

FEATURE
on Oct 5, 2022
300 views 0 secs

රජයේ ගිණුම්කාරක සභාවේ සභාපති ධූරයට ඒකමතිකව සමගි ජන බලවේගයේ කබීර් හෂීම් පත් වී තිබෙන බව පාර්ලිමේන්තුව සදහන් කර සිටියා.

FEATURE
on Oct 5, 2022
333 views 3 secs

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ සමාගම ගෑස් සිලින්ඩර් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා.නව මිල පහතින්.12.5kg – රු. 42805kg – රු. 17202.3kg – රු. 800