Home > Articles posted by Admin (Page 144)
FEATURE
on Oct 4, 2022
318 views 0 secs

ජනපතිගේ උපදෙස් පරිදි ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින් සේවා කිහිපයක් අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින් අති විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කොට තිබෙනවා. ඒ අනුව ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන බෙදාහැරීම සම්බන්ධ සේවා, විදුලි බල සැපයීම සම්බන්ධ සියලුම සේවා, රෝහල් හා සාත්තු නිවාස වල, බෙහෙත් ශාලා හා වෙනත් රෝගීන් නඩත්තු කිරීම ඇතුළු සේවා මෙලෙස මෙලෙස අත්‍යවශ්‍ය […]

FEATURE
on Oct 4, 2022
290 views 0 secs

රටේ වත්මන් ආර්ථික තත්ත්වය පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා දින පාර්ලිමේන්තුවේදී ජනපති විසින් විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි. ආණ්ඩු පක්ශ මන්ත්‍රී කන්ඩායම් රැස්වීම පැවැති අතර එහි දී මේ පිළිබඳව සාකච්ඡා කල පා.ම ජගත් කුමාර සදහන් කර සිටි අතර අවශ්‍ය නම් අදාල ප්‍රකාශය සම්බන්ධව විවාදයක් කිරීමට සූදානම් බවද ජනපති සදහන් කර ඇති බව වාර්තා වේ.

FEATURE
on Oct 4, 2022
263 views 10 secs

අද (04) දිනයේ පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක් සිදුකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව විදුලිබල මණ්ඩලයට අවසර ලබාදී තිබෙනවා ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා දහවල් කාලයේ පැය 01ක කාලයක් හා රාත්‍රී කාලයේදී පැය 1යි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට නියමිතය.

FEATURE
on Oct 4, 2022
286 views 0 secs

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහාන් බණ්ඩාර මහතා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා එළඹෙන සතියේ දී තිරිඟු පිටි මිල පහළ දැමීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියා. මෙම සතියේ සිට අඛණ්ඩව ආනයනය කරන ලද තිරිගු පිටි මේ රටට ලැබීමට නියමිත බවත්, මේ වන විටත් තිරිඟු පිටි කන්ටේනර් 100 කට ආසන්න ප්‍රමාණයක් කොළඹ කොළඹ […]

FEATURE
on Oct 4, 2022
269 views 0 secs

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ තුන්වැනි වසරේ අධ්‍යාපනය හදාරමින් සිටි 25 හැවිරිදි ශිෂ්‍යයෙක් අතුරුදහන් වී ඇති බව පොලිසිය ප්‍රකාශ කර සිටියා. මෙම ශිෂ්‍යයා නේවාසිකාගාරයේ නොමැති බවට ලැබුනු පැමිණිල්ලකට අනුව මෙම සිද්ධිය සම්බන්ධ විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

FEATURE
on Oct 4, 2022
272 views 0 secs

පසුගිය සතියේ ෆ්ලොරීඩා වෙරළ තීරය හරහා ඇමරිකාවට ඇතුල්වූ Ian නම් සුළි කුණාටුව හේතුවෙන් මියගිය සංඛ්‍යාව 80 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මෙම සුළි කුණාටුව හේතුවෙන් එරට විදුලි රැහැන් හා මාර්ග පද්ධතියට දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර ඒවා යථා තත්ත්වයට පත් කිරීමේ කටයුතු සිදුකරමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. […]

FEATURE
on Oct 4, 2022
266 views 0 secs

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද පොළොන්නරුවේ වී ගොවීන් පිරිසක් සංවිධානය කර තිබූ විරෝධතාවයකට එක් වුණා.වී සදහා නිසි මිලක් ලබාදෙන ලෙස මෙම ගොවීන් මෙම විරෝධතාවය සංවිධානය කර තිබුණි.

FEATURE
on Oct 4, 2022
307 views 0 secs

වෛද්‍ය විද්‍යාව සදහා හිමි නොබෙල් ත්‍යාගය දිනා ගැනීමට ස්වීඩන් ජාතික ස්වැන්තේ පාබෝ සමත් වී තිබෙන අතර වදවී ගිය මානව පරිණාමය සම්බන්ධව ඔහු සිදු කල සොයාගැනීම් සදහා එය ඔහුට හිමි වී තිබෙන බව වාර්තා වේ.

FEATURE
on Oct 3, 2022
282 views 0 secs

එළඹෙන 5වනදා මධ්‍යම රාත්‍රියේ සිට ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය කිරීමට තීරණය කර තිබෙන අතර නව, මිල ගණන් ඉදිරියේදී දැනුම්දෙන බව ලිට්‍රො සමාගම් සභාපති මුදිත පීරිස් මහතා සදහන් කර සිටියා.

FEATURE
on Oct 3, 2022
272 views 0 secs

උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ කාන්පුර් නගරයේ ඝටම්පූර් නම් ප්‍රදේශයේදී හින්දු උත්සවයකට සහභාගී වී නැවත නිවෙස් කරා යමින් සිටි පිරිසක් ප්‍රවාහනය කරමින් තිබූ ට්‍රැක්ටරයක් ජලාශයකට පෙරළීමෙන් 26 දෙනෙක් මියගොස් ඇති බව වාර්තා වේ. මියගොස් ඇති බහුතරය කාන්තාවන් සහ ළමයින් වන අතර සිද්ධියෙන් තවත් 10 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව වාර්තා වේ.