Home > Articles posted by Admin (Page 143)
FEATURE
on Oct 5, 2022
279 views 0 secs

පාඨලී චම්පික රණවක ජාතික සභා සාමජිකයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී නම් කර තිබෙන අතර ඒ සම්බන්ධ නිවේදනය ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.

FEATURE
on Oct 5, 2022
279 views 0 secs

පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණඩමන් ජාතික සභා සාමාජිකත්වයෙන් ඉල්ලා අස් වී තිබෙන අතර කථානායකවරයාඑම පුරප්පාඩුව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.රාමේශ්වරන් පත් කර තිබෙන බව අද (5) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Oct 4, 2022
390 views 0 secs

වැල්ලවදී දුම්රියක් පීලි පැනම නිසා උතුරු මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

FEATURE
on Oct 4, 2022
353 views 0 secs

ගූගල් සමාගම විසින් සිය භාෂා පරිවර්තන මෙවලම චීනය තුළ අත් හිටුවීමට තීරණය කර ඇති බව වාර්තා වේ.ඊට ප්‍රධාන හේතුව ලෙස චීනයේ පරිශීලකයන් අඩු ප්‍රමාණයක් මෙම භාෂා පරිවර්තනය භාවිතා කිරීම පෙන්වා දී තිබේ.

FEATURE
on Oct 4, 2022
271 views 1 sec

අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල පහළ දමා තිබෙන අතර INSEE සංස්ථා සහ INSEE මහවැලි මැරීන් ප්ලස් සිමෙන්ති කොට්ටයක් රු.100කින් අඩු කෙරෙනු ඇති.

FEATURE
on Oct 4, 2022
351 views 0 secs

ලිට්‍රො ගෑස් සිලින්ඩරයක මිල (05) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කරන බව එම සමාගම ප්‍රකාශ කර සිටියා.ඒ අනුව 12.5kg සිලින්ඩරයක මිල රු.200ත්, 300ත් අතර අගයකින් පහත දමන අතර ඊට සමගාමීව අනෙකුත් ගෑස් සිලින්ඩර් වල මිලද අඩු කරන බව ලිට්‍රො සමාගම ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Oct 4, 2022
275 views 0 secs

මීට සුළු මොහොතකට පෙර අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකතුව විසින් අරගලකරුවන් මර්දනයට සංවිධානය කරන ලද විරෝධතා පාගමනක් විසුරුවා හැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කළේය මෙම විරෝධතාව කැලණිය සරසවිය ඉදිරිපිටින් ආරම්භවී කිරිබත්ගොඩ නගරය දක්වා ගමන් කිරීම නියමිතව තිබුණා. කැලණිය සරසවිය අසලදී ඔවුන්ට කඳුළු ගෑස් හා ජල ප්‍රහාර එල්ල […]

FEATURE
on Oct 4, 2022
291 views 3 secs

දේශීයව නිෂ්පාදනය කරන කිරිපිටි මිල හෙට (05) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව නව මිල පහතින් දැක්වේ 400g – රු.100 කින් (නව මිල රු.950) 1KG – රු.230 කින් (නව මිල රු.2350) Non-fat 400g – රු.210 කින් (නව මිල රු.1050)

FEATURE
on Oct 4, 2022
291 views 0 secs

වසර 5කට පසුව උතුරු කොරියාව ජපානයට ඉහළින් බැලැස්ටික් මිසයිලයක් එල්ල කර තිබෙන බව වාර්තා වේ. මේ පිළිබඳව දැනුවත් වීමත් සමග උතුරු ජපානයේ ජනතාව ආරක්ෂිත ස්ථානවලට යොමු කර ඇති අතර දුම්රිය සේවාවන් ද තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් කටයුතු කර තිබුණි. කෙසේ නමුත් මෙම මිසයිලය ජපානයට ඉහළින් ගමන් කොට පැසිපික් සාගරයට වැටී තිබූ අතර එහි දුර කිලෝමීටර් […]

FEATURE
on Oct 4, 2022
295 views 0 secs

රත්ගම පොලිස් වසමේ විජයරත්න මාවත ප්‍රදේශයේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයකදී දුම්රියක ගැටී වයස අවුරුදු 22ක තරුණයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන බව වාර්තා වේ. දුම්රිය ගාල්ල දෙස සිට අම්බලන්ගොඩ දෙසට ධාවනය වී තිබෙන අතර දුම්රියේ ගැටුණු තරුණයා බරපතළ තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.