ජනාධිපති සමාව හිමිවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායකට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් නව පත්වීමක් ප්‍රදානය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලාංකික විදෙස් ශ්‍රමිකයින්ගේ සුභසාධනය ගෝලීය වශයෙන් ප්‍රවර්ධනය කිරීමේ තානාපතිවරයෙක් ලෙස රන්ජන් රාමනායකට පත්වීමක් පිරිනමන බව අමාත්‍යවරයා විසින් රන්ජන් රාමනායක වෙත යැවූ ලිපියක දැක්වෙනවා. අදාළ ලිපිය පහතින්.
අද (26) දිනයේ පෞද්ගලික බස් ධාවනය අඩකින් අඩු කිරීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසනවා. දින කිහිපයක සිට ඩීසල් නිසි පරිදි නොලැබීම, මෙලෙස බස් ධාවනය අඩුවීමට හේතු වී ඇති බවත්, මේ සඳහා රජයෙන් කඩිනම් පිළිතුරක් බලාපොරොත්තු වන බවත් එහි සභාපති ගැමුණු විජේරත්න සඳහන් කර සිටියා.
මින් ඉදිරියට අධිකරණයට අපහාස වන කිසිදු ප්‍රකාශයක් හෝ ක්‍රියාවක් නොකරන ලෙස වන කොන්දේසි සහිත සමාවක්, රන්ජන් රාමනායක මහතාට ලබාදීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාළ ලිපියට අත්සන් තබා තිබේ. රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදීම සම්බන්ධයෙන් ඉදිරි කටයුතු කිරීමට අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයාට පැවරීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ය.
ශ්‍රී ලංකා පොලිස් ඉතිරි කිරීමේ සංගමයේ පාලක කමිටු සභාපතිත්වයට නියෝජ්‍ය පොලිස්පති පද්මිණී වීරසූරිය මහත්මිය හා කමිටු ලේකම් ලෙස නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මිය පත් කර තිබේ.
සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, රන්ජන් රාමනායක හෙට දිනයේ හෝ සඳුදා දිනයේ අනිවාර්යයෙන්ම නිදහස ලබන බව ප්‍රකාශ කර සිටියා. තමන්ගේ හා මනූෂ නානායක්කාර අමාත්‍යවරයාගේ දැඩි ඉල්ලීම මත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම තීරණය ගත් බවයි හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා. අදාළ Twitter පණිවිඩය පහතින්,
කොළඹ කොටුව මහෙස්ත්‍රාත්වරයා, පොලීසිය මගින් අත්අඩංගුවටගත් ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන සේනාධි ගුරුගේ ලබන 02 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබෙනවා. කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් අත්අඩංගුවටගත් සැකකරු අද (25) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම නියෝගය ලබාදී ඇති බවයි සඳහන් වන්නේ.
අද (25) සිට රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ භාර ගැනීම ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි. මාස 3 කට ආසන්න කාලයක සිට සෘජු ගුවන් සේවා ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රුසියාවට තැපැල් භාණ්ඩ යැවීම සිදු කෙරුණේ නැති බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සඳහන් කර සිටියා. කෙසේ වුවද මේ වනවිට තැපැල් භාණ්ඩ රැගෙන යාම සඳහා පෞද්ගලික ගුවන් සමාගමක් තෝරාගෙන […]
ශ්‍රී ලංකාව තුළ LGBTQ + ප්‍රජාවන්හි අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ අරමුණින් දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා වන පනත් කෙටුම්පතක් ඊයේ (24) පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් සී දොළවත්ත විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත භාරදී තිබෙනවා. LGBT Q + ප්‍රජාව සම්බන්ධයෙන් මෙරට සමාජය තුළ ඇත්තේ අතිශය පසුගාමී අදහසක් බවත් මේ නිසා දෛනික ජීවන කටයුතුවලදී පමණක් නොව රාජ්‍ය සහ […]
අද (24) දින තුළ මේ දක්වා තහවුරු කරන ලද කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 105 ක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.
ආසියානු කුසලානය සඳහා එක්වන ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද පස්වරුවේ දිවයිනෙන් පිටත්ව ගොස් තිබේ. අද පස්වරු 6 ට ඩුබායි බලා පියාසර කළ ශ්‍රී ලංකන් ගුවන් යානයකින් ඔහු මෙලෙස පිටත්ව ගිය අතර මෙම කණ්ඩායම ක්‍රීඩකයන් 17ක් හා පුහුණුකරුවන්, නිලධාරීන් 11ගෙන් සමන්විතය. මෙවර ආසියානු ක්‍රිකට් තරගාවලියේ ආරම්භක තරගය එළඹෙන 27වන දින ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර පැවැත්වීමට නියමිතව […]
