Home > Articles posted by Admin (Page 160)
FEATURE
on Aug 27, 2022
306 views 0 secs

ඉදිරි දින 3 තුළ දිවයින පුරා සියලු අතිරේක ඉන්ධන තොග බෙදා හැරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි. දින 2ක් තුළ ඉන්ධන පෝලිම් අඩු කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

FEATURE
on Aug 27, 2022
266 views 0 secs

ඉන්ධන හිඟය හේතුවෙන් මෙම සති අන්තයේ ප්‍රමාණවත් පරිදි බස් රථ ධාවනයට හැකියාවක් නැතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. මේ අතර ලංගම බස් රථ හා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවනු ඇති.

FEATURE
on Aug 27, 2022
277 views 0 secs

නොරොච්චෝලේ, ලක්විජය ගල් අඟුරු විදුලි බලාගාරයේ හදිසි බිඳ වැටීමකට ලක්වූ පළමු ජනන යන්ත්‍රය අලුත්වැඩියා කිරීම්වලින් අනතුරුව යළිත් ජාතික විදුලිබල සැපයුමට එක් කර තිබෙනවා. ඊයේ (26) දිනයේ සිට මෙගා වොට් 300ක ධාරිතාවයක් මෙලෙස ජාතික විදුලිබල පද්ධතියට එක් කර ඇති බවයි සඳහන් වන්නේ.

FEATURE
on Aug 27, 2022
280 views 0 secs

සැප්තැම්බර් 1 වනදා ක්‍රියාත්මක වන පරිදි ජල සහ මලාපවහන ගාස්තු සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්

FEATURE
on Aug 26, 2022
282 views 0 secs

අද දින තුළ හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 58ක් බව වාර්තා වේ.

FEATURE
on Aug 26, 2022
292 views 4 secs

අගෝස්තු 27 සහ 28 දිනවල පැය 03ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම (ඵ්UCSළ්) අනුමැතිය ලබා දී තිබේ.ඒ අනුව ඇඹ්Cඪ්EFඝ්HඓJඛ්ළ්ඵ්Qර්‍Sඨ්UVW කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 ක් හා රාත්‍රියේ පැය 1 යි මිනිත්තු 20 ක් විදුලි කප්පාදුව සිදු වනු ඇති.

FEATURE
on Aug 26, 2022
290 views 0 secs

භාණ්ඩ ආනයන සීමා පැනවීම තාවකාලිකව සිදු කරන ලද දෙයක් බවත් ඒ තුළින් යම් ව්‍යාපාරවලට බලපෑමක් වන නමුත් මේ අවස්ථාවේ සීමිත සම්පත් ප්‍රයෝජනවත්ව භාවිතා කිරීම වැදගත් බවත් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ පවසනවා. පවතිනන තත්ත්වය සමනය වූවාට පසු පනවා ඇති සීමා ක්‍රමානුකූලව ඉවත් කළ හැකි බවද මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

FEATURE
on Aug 26, 2022
290 views 0 secs

මෙවර ආසියානු කුසලාන තරඟාවලිය හෙට (27) ආරම්භ වීමට නියමිත අතර එහි පළමු තරඟය ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7.30 ට ඩුබායිහි දී ආරම්භ වීමට නියමිතයි.

FEATURE
on Aug 26, 2022
269 views 0 secs

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන තබාගැනීම නීතිවිරෝධී බවට තීන්දුකර ඔහුගේ රැඳවුම් නියෝගය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා. එහි වගඋත්තරකරුවන් ලෙස පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ත්‍රස්ත මර්දන කාර්යාංශයේ අධ්‍යක්ෂවරයා, ආරක්ෂක ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇති බවයි සඳහන් […]

FEATURE
on Aug 26, 2022
282 views 0 secs

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක තම දූෂණ විරෝධී සටන දිගටම ගෙනියන බව ප්‍රකාශ කර සිටියා. එමෙන්ම මේ වන විට තමන්ට ලැබී තිබෙන්නේ අර්ධ නිදහසක් බවත්, භාෂණයේ නිදහස තමන්ට අහිමිවී ඇති බවත්, පෙර බොහෝ නිදහසේ අදහස් ප්‍රකාශ කළ තමාට මේ වන විට යම් පාලනයකින් යුතුව අදහස් දැක්වීමට සිදු වී ඇති බවද පෙන්වා දුන්නා. තමන් නිරන්තරයෙන් සිටින්නේ […]