ඊයේ (01) පෙරවරුවේ රත්මලාන ප්‍රදේශයේදී තම පියා ඝාතනය කර මවට යකඩ පොල්ලකින් පහරදී තුවාල සිදුකළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෞද්ගලික ආරවුලක් මත සැකකරු සිය දෙමාපියන්ට පහර දී ඇති බව පොලිසිය සඳහන් කළේය.වසර දෙකක පමණ කාලයක සිට ඇඳට වැටී සිටි පියා එම ස්ථානයේදීම මියගොස් ඇති අතර තුවාල ලැබූ මව කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර […]
ලිට්‍රෝ ගෑස් ගෘහස්ථ සිලින්ඩරයක මිල සැප්තැම්බර් මස 05 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් අඩු කෙරේ. ලිට්‍රෝ ගෑස් ලංකා සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ නව මිල ගණන් පසුව ප්‍රකාශයට පත් කරන බවයි. ජාත්‍යන්තර වෙළඳපොලේ LP ගෑස් මිල පහත වැටීමට සමගාමීව මෙම මිල පහත වැටීමේ නිවේදනය නිකුත් කර ඇත.
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 5 වන තරඟයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 7 ක් දැවී ලකුණු 183 ක් ලබා ගැනීමට සමත් වුණා පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් Mehidy Hasan Miraz ලකුණු 38 ක්, Afif Hossain ලකුණු 39 […]
මිලියන 16ක පමණ ජනතාවක් ජීවත් වන චීනයේ චෙංදු නගරය ලොක්ඩවුන් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇති බවත් වාර්තා වෙයි. ඒ කොවිඩ් අසාදිතයන් වාර්තා වීම ඉහල යාමත් සමගයි. මෙම ලොක්ඩවුන් කිරීමත් සමඟ අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමට නිවසකින් එක් පුද්ගලයකුට පමණක් පිටතට යෑමට අවසර තිබෙන අතර එම පුද්ගලයා ඊට පැය විසි හතරකට පෙර කරන ලද PCR පරීක්ෂණයකින් කොවිඩ් […]
අද (1)මාදිවෙල සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල තුළදී සුඛෝපභෝගී ජීප් රථය අනතුරට ලක්වී ඇති අතර අනතුරින් තුවාල ලැබූ ඉන්ධන පිරවුම්හලේ සේවකයෙකු රෝහල් ගතකර තිබෙනවා. ජීප් රථයේ ගැටීමෙන් ත්‍රිරෝද රථයක් හා ස්කූටර් යතුරුපැදියකට බරපතළ හානි සිදු වී ඇති අතර අනතුර සම්බන්ධයෙන් ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය පිළිබඳව මිරිහාන පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබෙන බව වාර්තා […]
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනාධිපති සමාව ලබා දීමට එරෙහිව ගොනුකර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයෙන් තමන් පෞද්ගලික හේතුවක් මත ඉවත් වන බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා අද (1) ප්‍රකාශකර සිටියා.
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පස්වන තරගය අද බංගලාදේශය හා ලංකාව අතර පැවැත්වේ. තරගයේ කාසිය වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වූ අතර ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු යැවීමට තීරණය කලා.
අද(01) රාත්‍රියේ ඉන්ධන මිලෙහි කිසිදු වෙනසක් සිදු නොවන බවත්, මීළඟ සංශෝධනය සැප්තැම්බර් 15 වැනි ඇගයීමට ලක් කරන බවත් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.
දුම්වැටියක මිල කාණ්ඩ 4 ක් යටතේ ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. වැට් බද්ද ඉහළ යාමත් සමග එම තීරණය ගෙන ඇති අතර ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5,10,15 යන අගයන්ගෙන් ඉහල දැමීමට තීරණය කර ඇති බවයි එම සමාගම සඳහන් කර සිටියේ.
පවතින වැසි කාළගුණය හේතුවෙන් දිවයිනේ කළුතර, කොළඹ, ගාල්ල, මහනුවර, කෑගල්ල, මාතලේ, නුවරඑළිය, රත්නපුර යන දිස්ත්‍රික්ක 8 සඳහා පනවා තිබූ නාය යාමේ අනතුරු ඇගවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ප්‍රකාශ කර සිටියා.
