Home > Articles posted by Admin (Page 156)
FEATURE
on Aug 31, 2022
175 views 2 secs

ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හදිසි ණයක් සම්බන්ධයෙන් මූලික එකඟතාවකට පැමිණ ඇති අතර ඒ පිළිබඳ විධිමත් නිවේදනයක් හෙට (සැප්තැම්බර් 1 වැනිදා) සිදුකිරීමට නියමිත බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.ශ්‍රී ලංකා මහ බැංකුවේ (CBSL) අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ද ඊයේ ප්‍රකාශ කළේ ඇපදීමේ පැකේජයක් ලබා ගැනීමේ අරමුණින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ පැවැත්වූ […]

FEATURE
on Aug 31, 2022
186 views 0 secs

මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 13 දෙනෙකු එම පක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගන්නා බවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම සම්පූර්ණ ලැයිස්තුව 1.මහාචාර්ය ජී එල් පීරිස්2.ඩලස් අලහප්පෙරුම3.මහාචාර්ය චන්න ජයසුමන4.මහාචාර්ය චරිත හේරත්5.ආචාර්ය. නාලක ගොඩහේවා6.ගුණපාල රත්නසේකර7.ආචාර්ය. උපුල් ගලප්පත්ති8.ආචාර්ය. තිලක් රාජපක්ෂ9.ඩිලාන් පෙරේරා10.උදයන කිරිඳිගොඩ11.වසන්ත යාපා බණ්ඩාර12.කේ.පී. එස් කුමාරසිරි13.ලලිත් එල්ලාවල

FEATURE
on Aug 31, 2022
195 views 0 secs

දිවයින පුරා අද පවතින අධික වර්ෂාව හේතුවෙන් කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර යන දිස්ත්‍රික්ක සඳහා නායයාමේ අවදානම් නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය. ඒ පිළිබඳව අවධානයෙන් සිටින ලෙසයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩිදුරටත් ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

FEATURE
on Aug 30, 2022
193 views 0 secs

පසුගිය දින හතර තුළ පැවති ඉන්ධන බෙදාහැරීමේ අඩුපාඩු නිවැරදි කර ඉන්ධන බෙදාහැරීම කාර්යක්ශම කර ඇති බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පෙන්වා දී සිටියා එමෙන්ම ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තය ට දෛනිකව ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් හා පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් බෙදා හැරීමට නියමිත බව ද ඔහු ප්‍රකාශ කර සිටියා. එමෙන්ම අද රාත්‍රියේ පෙට්‍රල් 92 […]

FEATURE
on Aug 30, 2022
185 views 0 secs

ලොව දනවත් පුද්ගලයින් අතරට පැමිණි පලමු ආසියාතිකයා බවට පත් වෙමින් ලොව ධනවතුන්ගේ ලැයිස්තුවේ තුන්වැනි ස්ථානයට පැමිණීමට ඉන්දීය ව්‍යාපාරික ගෞතම් අදානි සමත් වී තිබේ. ඔහු සතුව සම්පූර්ණ වත්කම ඇමෙරිකානු ඩොලර් බිලියන 137.4ක් බව සදහන් වේ.

FEATURE
on Aug 30, 2022
188 views 0 secs

පාලනයට එරෙහි අරගලයක නිරතව සිටින ඉරාක වැසියන් ජනාධිපති මන්දිරයෙන් නාන තටාකයේ බැස විනෝද වන අයුරු දැක්වෙන දර්ශන සමාජජාලාවල සංසරණය වෙමින් පැවතිණි. විරෝධතාකරුවන් මේ වන විට රජයේ ගොඩනැගිලි කිහිපයකම බලය අල්ලා ගෙන ඇති අතර ඉරාක රාජ්‍යය ඇඳිරි නීතිය පනවමින් ඊට ප්‍රතිචාර දක්වන ලදී. ඉරාකයේ ෂියා මුස්ලිම් පූජක මුක්ටා අල් සදර් දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කිරේමත් සමග […]

FEATURE
on Aug 30, 2022
197 views 0 secs

ඇමරිකාවේ ටෙක්සාස් හි සිදු වූ වෙඩි තැබීමකින් 40 හැවිරිදි සැකකරු ඇතුලුව සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. සැකකරු විසින් නිවසකට ගිනි තබා නිවැසියන් තිදෙනෙකුට වෙඩි තබා පලා යාමට තැත් කිරීමේදී පොලිසිය විසින් සැකකරුට වෙඩි තබා තිබේ. සැකකරු අප්‍රිකානු සම්භවයක් ඇති අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

FEATURE
on Aug 29, 2022
183 views 0 secs

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතාම නුදුරු දිනකදී මෙරටට පැමිණෙනු ඇති බව ප්‍රකාශ කර සිටියා. හිටපු ජනාධිපතිවරයා රටින් පිටවුයේ සුන්දර පරිසරයක් යටතේ නොවෙන බවත් එතුමන් නැවත පැමිණෙනවා නම් හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරයෙක්ට සුදුසු පහසුකම් සැපයිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට පිළියෙල කර ඇති […]

FEATURE
on Aug 29, 2022
188 views 0 secs

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට දඬුවම් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලාංකික නීතිඥයෙකු අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. නීතීඥ ප්‍රියලාල සිරිසේන මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත. මන්ත්‍රිවරයාට විදෙස්ගත වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා සිටියි. 2022 මැයි 9 වනදා ගෝඨාගම විරෝධතා භූමියට එල්ල වූ […]

FEATURE
on Aug 29, 2022
193 views 0 secs

අගෝස්තු 30 සිට සැප්තැම්බර් 2 දක්වා විදුලිය ඇනහිටීම් දිනකට පැය 2 සහ විනාඩි 20 කාලයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.ඒ අනුව කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW:දිවා කාලයේ පැය 1 හා රාත්‍රී කාලය තුළ පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරිමට නියමිතයි.