සෞඛ්‍ය ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකට අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයට අත්‍යවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට ඇමරිකානු ඩොලර් මිලියන 100ක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
ලබන 19 වන දිනට යෙදෙන දෙවන එළිසබත් මහ රැජිණගේ රාජකීය අවමංගල්‍ය හේතුවෙන් එදින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන හා ස්වදේශීය කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රකාශයට පත්කර තිබෙනවා. එදින ජාතික ශෝක දිනයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙන අතර මෙම නිවාඩුව රජයේ අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට බාධාවක් නොවිය යුතු බවද රාජ්‍ය පරිපාලන හා ස්වදේශ […]
අද (13) සිට මෙම වසරේ දෙවන පාසල් වාරය ආරම්භ කරන ලදී.රජයේ සහ රජය අනුමත සියලු පෞද්ගලික පාසල් සඳහා පසුගිය සැප්තැම්බර් මස 7 වැනි දා සිට සතියක් නිවාඩු ලබාදුන්නා.
රංගන ශිල්පිනී දමිතා අබේරත්න රුපියල් 500,000/- බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් නියෝග කෙරුණා. රංගන ශිල්පිනී දමිතා අබේරත්න සැප්තැම්බර් 7 වැනි බදාදා දින දියත උයන ඉදිරිපිට පාර්ලිමේන්තු වටරවුමේ පැවති ‘නිහඬ හෝරාව’ යන තේමාව යටතේ විරෝධතාවයකට සහභාගී වෙමින් සිටියදී අත්අඩංගුවට ගනු ලැබීය.නීතිවිරෝධී රැස්වීම්, නීති විරෝධී ලෙස ජනාධිපති කාර්යාලයට ඇතුළුවීම සහ වෙනත් […]
අදින් (12) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 51 වන සැසිවාරය ආරම්භ වනවා. ලබන ඔක්තෝබර් 7 වන දින දක්වා එම සැසිවාරය ස්විස්ටර්ලන්තයේ ජිනීවා හිදී පැවැත්වීමට නියමිතයි. අද දිනයේදී ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් සැසිවාරයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා හා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂද […]
ඊයේ දිනයේ ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේදී හයවැනි ආසියානු කුසලාන ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමත් විය.භානුක රාජපක්ෂ විසින් ශ්‍රී ලංකාව 170/6ක් ලෙස සටන්කාමී ලෙස ගලවා ගැනීමෙන් පසුව, ප්‍රමෝද් මධුෂාන්ගේ කඩුලු 4ක් සහ වනිඳු හසරංගගේ කඩුලු ත්‍රිත්වයක් හේතුවෙන් ශ්‍රී ලංකා පිල පාකිස්තානය ලකුණු 147කට සීමා කර අවසන් තරගය ලකුණු 23කින් ජය ගත්තේය. ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී […]
අපජල සාම්පල වල පෝලියෝ වෛරසය පවතින බවට අනාවරණය වීමත් සමග ඇමෙරිකාවේ නිව්යෝර්ක් ප්‍රාන්තයට හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. මේ හේතුවෙන් පෝලියෝ රෝගයට එරෙහිව එන්නත්කරණය ඉහළ නැංවීමට නිව්යෝර්ක්හි බලධාරීන් අපේක්ෂා කරන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.එමෙන්ම දැනට මේ එන්නත ලබාගෙන ඇති යම් පුද්ගලයෙක් හෝ පෝලියෝ ආසාදිතයෙකු සමඟ සමීප සබඳතා පවත්වා ඇත්නම්, එම පුද්ගලයින් බූස්ටර් […]
අභාවප්‍රාප්ත වූ එළිසබෙත් රැජිනිය ගේ අවසන් කටයුතු එළැඹෙන දහනම වන දා සිට කිරීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටියා.
ජනාධිපති කුසලාන අන්තර් පාසල් පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලය පරාජය කරමින් ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත් විය. ඒ, ලකුණු 49ට 22 කින් ය.
ආසියානු දැල්පන්දු ශූරතාවලියේ අවසන් තරගයේ දී සිංගප්පූරුව කණ්ඩායමට එරෙහිව තරග වැදී ශ්‍රී ලංකා කණ්ඩායම 6 වෙනි වතාවටත් දැල්පන්දු ශූරතාව දිනාගැනීමට සමත් වුණා. තරගය අවසන් ලකුණු පුවරුව 63 – 53 ලෙස දැක්වුණි.
