Home > Articles posted by Admin (Page 154)
FEATURE
on Sep 11, 2022
276 views 0 secs

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වන ඇමරිකානු නියෝජිත ආයතන ප්‍රධානීන් සමන්තා පවර් මහත්මිය ශ්‍රී-ලංකාවට මානුෂීය ආධාර ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ලබාදෙන බව ප්‍රකාශ කර සිටියා. කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය සඳහන් කර සිටියේ ආහාර සහ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා මෙය ලබා දෙන බවයි.

FEATURE
on Sep 10, 2022
265 views 1 sec

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ජාතික ඉන්ධන අවසර පත් QR පද්ධතියට නව විශේෂාංග දෙකක් එක් කර ඇති බව පෙන්වා‌ දී තිබේ.වාහන නොවන ජනක යන්ත්‍ර, තණකොළ කපන යන්ත්‍ර සහ අනෙකුත් උපකරණ වැනි මෝටර් නොවන කාණ්ඩ සඳහා QR හරහා ඉන්ධන බෙදා හැරීමේ හැකියාව ඇත.එමෙන්ම ගනුදෙනුව අවසන් වූ විට පිරවුම් ස්ථාන කේත අංකය […]

FEATURE
on Sep 10, 2022
369 views 0 secs

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් මහජන ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් හා ඉහළ සේවාවක් මගීන් වෙත ලබා දීමේ අරමුණ පදනම් කර ගනිමින් දුම්රිය ඉදිරි ආසන වෙන් කිරීමේ මෙතෙක් පැවති දින 14 ක කාලසීමාව දින 30 දක්වා දීර්ඝ කිරීමට කටයුතු යොදා තිබෙනවා. සැප්තැම්බර් 13 වනදා සිට මෙම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිත බව සඳහන්.මේ සම්බන්ධ වන නිවේදනය පහතින්,

FEATURE
on Sep 10, 2022
283 views 0 secs

විදුලි කප්පාදුව අද (10) සහ හෙට (11)දිනයේදී සිදුනොකරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. එම කොමිෂම පවසා සිටින්නේ ලබන සඳුදා නැවතත් පැය එකක විදුලි කප්පාදුවක් සිදුකිරිමට නියමිත බවයි

FEATURE
on Sep 9, 2022
309 views 0 secs

අරගලයේ ක්‍රියාකාරි සමාජිකයෙකු වූ ළහිරු වීරසේකර අද (09) පස්වරුවේ කොළඹ ඩුප්ලිකේෂන් මාර්ගයේදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, පසුගියදා මරදාන ප්‍රදේශයේ පැවති විරෝධතාවයකදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, අයුතු ජන රාශියක සමාජිකයෙකු වී සිටීම ඇතුළු චෝදනා යටත් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

FEATURE
on Sep 9, 2022
311 views 0 secs

හිටපු මුදල් ඇමති බැසිල් රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කටුනායක බන්ඩාරනායක ඡාතියන්තර ගුවන් තොටුපොළින් ඇමරිකාව දක්වා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.

FEATURE
on Sep 9, 2022
300 views 0 secs

යූඑස් ඒඩ් ආයතනයේ පරිපාලක සමන්තා පවර් මහත්මිය හෙට (10) මෙරටට පැමිණීමට නියමිතය. ඇය සෙනසුරාදා සහ ඉරිදා දින මෙරට සංචාරයක නිරත වන අතර ආර්ථික අර්බුදය හමුවේ අමෙරිකාව සහ ශ්‍රී ලංකාව අතර ඇති සබඳතා ශක්තිමත් කිරීම පිළිබඳව සොයා බලනු ඇති බව වාර්තා වේ.

FEATURE
on Sep 9, 2022
339 views 0 secs

දෙවෙන එලිසබෙත් මහ රැජිනගේ අභාවය වෙනුවෙන් ශෝකය පලකිරීම සදහා සියලුම රාජ්‍ය ආයතනවල අද (09) දින සිට ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් දැනුම්දී තිබෙන බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් එම්. එම්. පී. කේ මායාදුන්නෙ නිවේදනයක් නිකුත් කරමින්සඳහන් කර තිබෙනවා 1952 – 1972 දක්වා ශ්‍රී […]

FEATURE
on Sep 9, 2022
303 views 0 secs

ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර 100 ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එම ඉසව්වේ තප්පර 10.14 ක් කාලයක් වාර්තා කරමින් 5වන ස්ථානය හිමිකර ගැනීමට සමත්වුණා. එම ඉසව්වේ ප්‍රථම ස්ථානය අමෙරිකාවේ ට්‍රෙවෝන් බ්‍රොමෙල් ද, දෙවන ස්ථානය ජැමෙයිකාවේ යොහාන් බ්ලේක් හිමිකරගෙන තිබුණා.

FEATURE
on Sep 9, 2022
289 views 0 secs

70 වසරකට අධික කාලයක් රජ කිරුළ දරමින් සිටි එළිසබෙත් මහ රැජිණ අභාවප්‍රාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. මිය යන විට ඇය 96 වැනි වියේ පසු වූ අතර ඈ රෝගාතුරව සිටි අවසන් මොහොතේ බ්‍රිතාන්‍ය රජ පවුලේ සියලු ම සාමාජිකයින් ඈ වටා රැස්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා. රුජිණගේ වියෝවත් සමග බකිංහැම් […]