Home > Articles posted by Admin (Page 152)
FEATURE
on Sep 18, 2022
284 views 0 secs

ලබන මස මැද මොස්කව් සහ කොළඹ අතර ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා රුසියානු රූපවාහිනි නාලිකාවක් සමග සම්මුඛ සාකච්ඡාකවට එක් වෙමින් ප්‍රකාශ කර සිටියා. මීට මාස කිහිපයකට පෙර අධිකරණ නියෝගයකට අනුව රුසියානු එරොෆ්ලොට් සමාගමට අයත් ගුවන් යානයක් මෙරටදී රඳවා ගැනීමත් සමඟ කොළඹ බලා පියාසර කරන ගුවන් ගමන් අත්හිටුවීමට […]

FEATURE
on Sep 18, 2022
307 views 0 secs

නන්මඩෝල් ප්‍රබල සුළි කුණාටුවේ බලපෑම හේතුවෙන් ජපානයේ කියුෂු දූපත් ආශ්‍රිත ප්‍රදේශයෙන්, මිලියන 2 කට ආසන්න ජනතාවට ඉවත් වන්නැයි නියෝග කර තිබේ. මෙම සුළි කුණාටුව පැයට කිලෝමීටර 270 ක වේගයෙන් හමායන බව විදෙස් වාර්තා පෙන්වා දී සිටි අතර කගෝෂිමා, මියසාකි සහ ඒමකුසා නගරවලට වැඩි බලපෑමක් එල්ල විය හැකි බව ජපාන ආපදා අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය දැනුම් දී […]

FEATURE
on Sep 15, 2022
276 views 0 secs

පෑලියගොඩ, දුම්රිය මාර්ගයේ ගුරුකුල විද්‍යාලය අසලදී ඊයේ (14) රාත්‍රියේ සිදුවූ වෙඩි තැබීමකින් එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වුණා.යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පිස්තෝලයකින් වෙඩි තබා ඇති බවට පොලීසිය සැක පළ කරනවා.තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් තිබේ. මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව මෙතෙක් අනාවරණය වී නොමැත.අපරාධය සිදුවූ ස්ථානයේ තිබී මිලිමීටර් 09 වර්ගයේ […]

FEATURE
on Sep 15, 2022
287 views 3 secs

2006 සිට 2013 දක්වා ICC Elite Panel හි සාමාජිකයෙකු වූ හිටපු පාකිස්තාන විනිසුරු අසාද් රවුෆ් ලාහෝර්හිදී හෘදයාබාධයකින් මිය ගියේය. මිය යන විට ඔහු 66 වැනි වියේ පසුවිය.රවුෆ් 2000 දී ඔහුගේ පළමු එක්දින තරඟය සහ 2005 දී ඔහුගේ පළමු ටෙස්ට් තරඟය විනිශ්චය කළේය. 2006 දී, ඔහු ICC හි Elite Panel වෙත නම් කරන ලදී, ඔහු 2013 […]

FEATURE
on Sep 14, 2022
322 views 0 secs

2021 අපොස උසස් පෙළ විභාගයේ ප්‍රතිපල නැවත සමීක්ෂණ අයදුම්පත් online ක්‍රමයට යොමු කිරීමට හෙට සිට ලබන 28වන දින දක්වා හැකි බව නිවේදනයක් නිකුත් කරමින් ඒ බව කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කර සිටියා. විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙත පිවිසීමෙන් අව යුතුව පත් යොමු කිරීමේ හැකියාව පවතිනවා.

FEATURE
on Sep 14, 2022
271 views 0 secs

විදුලි පාරිභෝගිකයන්ගේ නව විදුලි ගාස්තු සම්බන්ධ ගැටළු වලට සහාය වීමට ක්ෂණික ඇමතුම් අංකයක් මහජන උපයෝගිතා කොමිෂන් සභා විසින් හඳුන්වා දී තිබෙනවා.ඒ අනුව 0775687387 යන ක්ෂණික අංකය ඇමතීමෙන් ඒ හා සම්බන්ද විය හැකි බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කර සිටියා.

FEATURE
on Sep 14, 2022
262 views 0 secs

හිටපු ක්‍රීඩා මධ්‍ය නාමල් රාජපක්ෂ කැපවීමෙන් සිදුකළ පරිපාලනය නිසා හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය ලබාගත් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ප්‍රකාශ කර සිටියා. නාමල් රාජපක්ෂ ස්වාධීනව සෑම ක්‍රීඩා පරිපාලනයකටම උදව් කළ බවත්, ඔහු ක්‍රීඩා අමාත්‍ය ලෙස කටයුතු කළ කාලය තුළ ක්‍රීඩකයෙක් ලෙස විශාල කාර්යභාරයක් ඉටු කළ බවත් මාධ්‍ය හමුවකට අදහස් […]

FEATURE
on Sep 14, 2022
269 views 0 secs

මාස හයක කාලයකට නිකුත් කර තිබෙන තාවකාලික රියදුරු බලපත්‍ර වල වලංගු කාලය වසරක් දක්වා දීර්ඝ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. මෙම කාලය දීර්ඝ කර ගැනීම සදහා වේරහැර කාර්යාලයට හෝ තමා පදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් කාර්යාලය වෙත ගොස් එම කටයුතු සිදුකරගත හැකි බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා. කෙසේ වුවද මේ වන […]

FEATURE
on Sep 13, 2022
293 views 0 secs

සැප්තැම්බර් මස 12 වන දිනට යෙදුණු සිරකරු දිනය නිමිත්තෙන් දඩ මුදල් ගෙවීමට නොහැකි වූ හා සුළු වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාර ගත වූ රැඳවියන් 417කුට විශේෂ රාජ්‍ය සමාවක් යටතේ නිදහස ලබා දී තිබෙනවා.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල වලට අනුව එම නිදහස ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියා.

FEATURE
on Sep 13, 2022
288 views 0 secs

ලෝක ආහාර වැඩසටහන විසින් මෙරට ජනගහනයෙන් 30% උග්‍ර ආහාර අනාරක්ෂිත තත්ත්වයකට පත්වී ඇති බව අනාවරණය කර තිබෙනවා. දුර්වල කෘෂිකාර්මික නිෂ්පාදනය, මිල ඉහළ යාම හා පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් මෙම තත්වය ඇති වූ බවයි ඔවුන් සඳහන් කරන්නේ. වසර දෙකක බෝග අස්වැන්නක් නිසි පරිදි නොලැබීම නිසා මෙරට ආහාර නිෂ්පාදනය සියයට 50 කින් පහත වැටී ඇති අතර මෙම […]