Home > Articles posted by Admin (Page 155)
FEATURE
on Sep 8, 2022
306 views 0 secs

2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේ පිරිමි මීටර් 100 ඉසව්ව සඳහා යුපුන් අබේකෝන් සහභාගිවීමට නියමිතව තිබෙනවා. ශ්‍රී ලංකා වේලාවෙන් මධයම රාත්‍රී 12:19ට තරගය පැවැත්වීමට නියමිත අතර යොහාන් බ්ලේක්, ට්‍රෙවෝන් බ්‍රොමෙල් වැනි ක්‍රීඩකයන්ද සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

FEATURE
on Sep 8, 2022
276 views 0 secs

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා දිනිත් චින්තක කරුණාරත්න මහතා අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී වැඩ භාරගත්තේ ය. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් හා ජීව විද්‍යා උපාධිධාරියෙකු වන ඔහු ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදියෙකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ කරුණාරත්න මහතා ප්‍රවෘත්ති සමකර්තෘ ධුරය ඇතුළු වගකීම් සහිත තනතුරු රැසක් හෙඹ වූ හසල අත්දැකීම් ඇති මාධ්‍යවේදියෙකි. එමෙන්ම ඔහු ඇමෙරිකාවේ […]

FEATURE
on Sep 8, 2022
269 views 17 secs

ශ්‍රී ලංකාවට නව රාජ්‍ය අමාත්‍යවරුන් 30කට අධික සංඛ්‍යාවක් පත් කිරීම බ්‍රහස්පතින්දා (8) කොළඹ ජනාධිපති කාර්යාලයේදී සිදු විය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දුන්හ. ජගත් පුෂ්පකුමාර – විදේශ රැකියා රාජ්‍ය අමාත්‍යරංජිත් සියඹලාපිටිය – මුදල් රාජ්‍ය අමාත්‍යලසන්ත අලගියවන්න – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යදිලුම් අමුණුගම – ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යකනක හේරත් – තාක්ෂණ රාජ්‍ය අමාත්‍යජනක වක්කුඹුර […]

FEATURE
on Sep 5, 2022
409 views 0 secs

ශ්‍රී ලංකා කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් 2022 ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් අදියරේ මීටර් 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. මේ මස 7 සහ 8 වැනිදා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා ශූරතාවලියේ අවසන් තරඟය සූරිච් හිදී පැවැත්වීමට නියමිතය. මෙම තරගයේ මීටර 100 ධාවන ඉසව්වෙන් ලොව ප්‍රබල ක්‍රීඩකයින් රැසක් තරඟ […]

FEATURE
on Sep 5, 2022
263 views 9 secs

හෙට (06) සිට එළඹෙන 09 වනදා දක්වා දෛනික විදුලි කප්පාදුව පැයක කාලයකට සීමා කර අති බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර සිටියා.ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,S,T,U,V,W කලාප සඳහා හෙට සිට 09 වනදා දක්වා පස්වරු 06.00 සිට රාත්‍රී 09.00 දක්වා කාලය තුළ පැයක කාලයක් විදුලි කප්පාදුව සිදු කිරීමට නියමිතයි

FEATURE
on Sep 5, 2022
263 views 1 sec

අද (05) පැවති කොන්සර්වේටිව් පක්ෂයේ නායකත්ව තරඟයේ ප්‍රකාශිත වලංගු ඡන්දවලින් 57%ක් ලබා ගෙන Liz Truss ජයග්‍රහණය කිරීමට සමත් වුණා. හෙට (06) දින නිල වශයෙන් ඇය රටේ නායකත්වය භාර ගැනීමට සූදානම් බවද විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

FEATURE
on Sep 5, 2022
284 views 0 secs

අධික වර්ෂාව නිසා ජලය පිරී තිබූ අනාරක්ෂිත කාණුවකට ඇද වැටී අද (05) කුරුණෑගල මලියදේව ආදර්ශ විද්‍යාලයේ සිසුවකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගොස් ඇත්තේ 14 හැවිරිදි සජිත් ගුණරත්න නැමැති සිසුවෙකි. සිද්ධියෙන් පසු ප්‍රදේශවාසීන් හා යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකින් අනතුරුව දරුවා මුදාගෙන කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී දැඩි සත්කාර ඒකකයට ඇතුලත් කල එහිදී දරුවා […]

FEATURE
on Sep 5, 2022
268 views 0 secs

ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පිහිටි රුසියානු තානාපති කාර්යාලය අසල දී මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා. ප්‍රහාරයෙන් රුසියානු තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරීන් දෙදෙනෙකු මියගොස් ඇති අතර ඇෆ්ගනිස්ථාන ජාතිකයන් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.

FEATURE
on Sep 5, 2022
315 views 0 secs

කැනඩාවේ සස්කැච්වන් හි ස්ථාන කිහිපයකදී සිදුකළ පිහි ඇනුම්වලින් පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් 15 දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. සිද්ධිය සම්බන්ධයෙන් සැකකෙරෙන 31 හැවිරිදි ඩේමියන් සැන්ඩර්සන් සහ 30 හැවිරිදි මයිල්ස් සැන්ඩර්සන් නම් සැකකරුවන් දෙදෙනෙකු පලා ගොස් තිබෙනවා. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ සඳහන් කළේ, […]

FEATURE
on Sep 5, 2022
306 views 0 secs

අද (05) සිට දුරකථන සේවා ගාස්තු 20% ක ප්‍රතිශතයකින් ඉහළ නැංවීම ක්‍රියාත්මක වනවා. මීට පෙර පැවති කාඩ්පත්වල මිල ගණන් වෙනස්වී ඇති බවත්, පෙර පැවති රුපියල් 49, 99 ඇතුළු අනෙකුත් අගයන් රීලෝඩ් කළහොත් පාරිභෝගිකයින් බලාපොරොත්තු වන ඩේටා සහ පැකේජ ක්‍රියාත්මක නොවන බවත් සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමියන්ගේ සංගමයේ සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කර සිටියා.