Home > Articles posted by Admin (Page 159)
FEATURE
on Aug 30, 2022
249 views 0 secs

ඇමරිකාවේ ටෙක්සාස් හි සිදු වූ වෙඩි තැබීමකින් 40 හැවිරිදි සැකකරු ඇතුලුව සිව් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. සැකකරු විසින් නිවසකට ගිනි තබා නිවැසියන් තිදෙනෙකුට වෙඩි තබා පලා යාමට තැත් කිරීමේදී පොලිසිය විසින් සැකකරුට වෙඩි තබා තිබේ. සැකකරු අප්‍රිකානු සම්භවයක් ඇති අයෙකු බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියා.

FEATURE
on Aug 29, 2022
238 views 0 secs

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉතාම නුදුරු දිනකදී මෙරටට පැමිණෙනු ඇති බව ප්‍රකාශ කර සිටියා. හිටපු ජනාධිපතිවරයා රටින් පිටවුයේ සුන්දර පරිසරයක් යටතේ නොවෙන බවත් එතුමන් නැවත පැමිණෙනවා නම් හිටපු ජනාධිපතිවරයාට ආරක්ෂාව සහ හිටපු ජනාධිපතිවරයෙක්ට සුදුසු පහසුකම් සැපයිය යුතු බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු මේ වන විට පිළියෙල කර ඇති […]

FEATURE
on Aug 29, 2022
251 views 0 secs

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්තට දඬුවම් කරන ලෙස ඉල්ලා ශ්‍රී ලාංකික නීතිඥයෙකු අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා. නීතීඥ ප්‍රියලාල සිරිසේන මහතා විසින් මෙම පෙත්සම ගොනු කර ඇත. මන්ත්‍රිවරයාට විදෙස්ගත වීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා සිටියි. 2022 මැයි 9 වනදා ගෝඨාගම විරෝධතා භූමියට එල්ල වූ […]

FEATURE
on Aug 29, 2022
249 views 0 secs

අගෝස්තු 30 සිට සැප්තැම්බර් 2 දක්වා විදුලිය ඇනහිටීම් දිනකට පැය 2 සහ විනාඩි 20 කාලයක් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.ඒ අනුව කණ්ඩායම් ABCDEFGHIJKLPQRSTUVW:දිවා කාලයේ පැය 1 හා රාත්‍රී කාලය තුළ පැය 1 යි විනාඩි 20 ක විදුලි කප්පාදුවක් සිදු කිරිමට නියමිතයි.

FEATURE
on Aug 29, 2022
246 views 0 secs

ජංගම දුරකථන හා උපාංගවල මිල ආනයන සීමා කිරීම් හරහා ඉදිරියේදී ඉතා විශාල අගයකින් ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කොමියුනිකේෂන් හිමිකරුවන්ගේ සංගමය පවසනවා.ජංගම දුරකථන සහ උපාංග වල කොපමණ ප්‍රමාණයකින් ඉහළ යන්නේ ද යන්න කිව නොහැකි බව එහි සභාපති ඉන්ද්‍රජිත් පෙරේරා සඳහන් කළේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙසේ මිල ඉහළ යාමේ වාසිය මහපාරිමාණ ව්‍යාපාරිකයන් කීපදෙනකුට ලැබෙන […]

FEATURE
on Aug 29, 2022
229 views 0 secs

බලාපොරොත්තු සහ අපේක්ෂා රැසක් සමඟ රටට නායකයෙක් පත් කළද ඉතා කෙටි කාලයකින් එම නායකයා කෙරෙහි තිබූ අපේක්ෂා බිඳ වැටීමට ලක්ව ඇති බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා. බණ්ඩාරවෙල පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ රට ගොඩ නැගීමට ජනතාවට වුවමනාවක් ඇත්නම් ඒ හා සමාන වුවමනාවක් ජාතික ජන බලවේගයට ඇති බවයි.

FEATURE
on Aug 29, 2022
314 views 0 secs

ඊයේ (28) රාත්‍රියේ රට පුරා ඩීසල් බෙදා හැරීම යළි ආරම්භ කළ බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමය පවසයි. ඩීසල් හිඟයට ඉදිරි දින දෙක තුළ විසඳුම් ලබා දෙන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි හිමියන්ගේ සංගමයේ ලේකම් ශාන්ත සිල්වා මහතා පවසයි.කෙසේ වෙතත්, පෙට්‍රල් බෙදා හරිනු ලබන්නේ ප්‍රමුඛතා ලැයිස්තුවකට අනුව බව පැවසූ ඔහු, […]

FEATURE
on Aug 28, 2022
372 views 4 secs

2021 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වනවිට නිකුත් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකා කර සිටියා. www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවිවලට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි බවයි අධ්‍යාපන අමාත්‍යංශය සඳහන් කරන්නේ.

FEATURE
on Aug 27, 2022
245 views 0 secs

ඊයේ (26) දිනයේ අමෙරිකාව විසින් මෙරටට ආධාර තොගයක් පිරිනමා තිබෙනවා. ඒ මෙරට පාසල් දරුවන්ගේ දිවා ආහාරයේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා යි. මෙලෙස ලැබුණු ආධාර යටතට පරිප්පු මෙට්‍රික් ටොන් 2,000ක් සහ සැමන් මෙට්‍රික් ටොන් 890 ක් ඇතුළත් වන අතර අමෙරිකානු තානාපතිනී ජූලි චැන්ග් විසින් මුතුරාජවෙල පිහිටි ගබඩා සංකීර්ණයේ දී අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත වෙත මෙම […]

FEATURE
on Aug 27, 2022
253 views 2 secs

ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්ඝනිස්තාන කණ්ඩායම අතර පැවති තරඟයෙන් කඩුලු 8 ජයක් වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තානය සමත් වුණා. තරඟයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ඝනිස්තාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකාවට ආරාධනා කළා අතර ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 105 ක් ලබා ගැනීමට සමත් වුණා. පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම […]