අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ,රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවයි.වැඩකළ නොහැකි සියලුදෙනාට රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.ජනපති වැඩිදුරටත් සඳහන් කළේ බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බව අවධාරණය කළ […]
දිවයිනේ නිරිතදිග කොටසේ (බස්නාහිර සහ සබරගමුව පළාත්වල සහ මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල) වැසි තත්ත්වය තරමක් දුරට වර්ධනය වනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් කුරුණෑගල, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට මිලිමීටර් 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැක.ඌව පළාතේ […]
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය, අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජිවන්ත සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් දැඩි ලෙස කනස්සල්ලට පත්වූ බව පවසනවා. එම සංවිධානයේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලොලර් ඨ්විට්ටෙර් සටහනක් තබමින් මේ බව සඳහන් කර තිබෙනවා. ඔවුන් සම්බන්ධයෙන් රැඳවුම් නියෝග සඳහා […]
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සෙසු දෙදෙනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ පොලිස්පති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. මොවුන් පිළිබඳ විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති අතර, තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කළ යුතු නිසාවෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයා සතු බලතල අනුව රැඳවුම් නියෝග ලබාගැනීමට මේ […]
අද(21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි භූමිතෙල් ලීටරයක මිල රුපියල් 253 කින් ඉහළ නංවා ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඒ අනුව නව මිල රුපියල් 340 කි.
බිත්තර සඳහා පාලන මිල පැනවීමත් සමග අනිසි තොග රැස් කරන බිත්තර නිෂ්පාදකයින්ගේ බිත්තර තොග රාජසන්තක කරන බව වෙළෙඳ ඇමති නලීන් ප්‍රනාන්දු මහතා පවසයි. පෙරේදා (19) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි බිත්තර සඳහා පාලන මිලක් පනවමින් රජය අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ඒ අනුව සුදු බිත්තරයක් සඳහා රුපියල් 43 ක උපරිම සිල්ලර මිලක් පනවනු […]
හෙට (22) පැය 3 ක විදුලි කප්පාදුවකට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය ලබා දී තිබේ. A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැය 1 යි මිනිත්තු 40 යි, රාත්‍රියේ පැය 1 යි මිනිත්තු 20 ක් වශයෙන්විදුලි කප්පාදු සිදුවනු ඇති.
දීපව්‍යාප්තව කළ වැටලීම්වලදී නියමිත ගාස්තුව ඉක්මවා මුදල් අය කළ පෞද්ගලික බස්රථ 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. නියමිත ගාස්තුවට වැඩියෙන් අය කිරීම, මිල ප්‍රදර්ශනය නොකිරීම හා ප්‍රවේශපත් නිකුත් නොකිරීම යන චෝදනා යටතේ ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා […]
අද (20) රාත්‍රී 11.00 සිට හෙට (21) පෙරවරු 9.00 දක්වා පැය 10ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.ඒ අනුව කොළඹ 05 සහ 06 ප්‍රදේශවලට පැය 10ක කාලයක් ජල සැපයුම අත්හිටුවනු ඇති.අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමේ කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීම සිදු කෙරේ .
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රැඳවුම් නියෝග යටතේ රඳවා ගැනීමට රජය දරන උත්සාහය සමගි ජන බලවේගය හෙළා දකී.නිවේදනයක් නිකුත් කරමින් සමගි ජන බලවේගය පවසන්නේ සාමකාමී විරෝධතාවල නිරත වූ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයට ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීම හෙළා දකින බවයි. භාෂණයේ නිදහසට ඉඩ දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අදහස ද පෙන්වා දුන් […]
