Home > Articles posted by Admin (Page 165)
FEATURE
on Aug 18, 2022
310 views 0 secs

අද (18) විදුලි කප්පාදුව කලාප අනුව විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

FEATURE
on Aug 17, 2022
319 views 1 sec

අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලාෆ් ගෑස් මිල පහළ දැමීමට එම සමාගම තීරණය කර තිබෙනවා. අඩු කළ සහ නව ගෑස් මිල ගණන් පහතින්, 12.5ඛ්ඝ් ගෑස් – රු.1,050 කින් (නව මිල රු.5,800) 5ඛ්ඝ් ගෑස් – රු.420 කින් (නව මිල රු.2,320) 2ඛ්ඝ් ගෑස් – (නව මිල රු.928)

FEATURE
on Aug 17, 2022
292 views 0 secs

ධනවතුන් මත බදු වැඩි කරන අමෙරිකානු ඩොලර් බිලියන 700ක වටිනාකමකින් යුත් නව පනතකට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් අත්සන් තබා තිබේ. මෙම පනත මගින් සෞඛ්‍ය ආරක්ෂණ වියදම් සහ දේශගුණික විපර්යාසවලට එරෙහිව ද කටයුතු කරනු ඇති අතර දශක ගණනාවක සිට කොංග්‍රසය, නිර්දේශිත ඖෂධවල මිල සීමා කිරීම සඳහා ගෙන ආ යෝජනාව ද මෙම පනතට ඇතුළත් වේ. ජෝ බයිඩන්ගේ […]

FEATURE
on Aug 17, 2022
293 views 0 secs

දිවයිනට සේන්දු වූ මෙට්‍රික් ටොන් ලක්ෂයක බොරතෙල් රැගත් නෞකාවේ තොග ගොඩබෑම අද (17) ආරම්භ කරන බවත්, සපුගස්කන්ද පිරිපහදුවේ කටයුතු ලබන 19 වැනි දා ආරම්භ කරන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. මේ අතර තවත් බොරතෙල් නෞකාවක් ලබන 29 වැනි දා මෙරටට ළඟාවන අතර එහි බොරතෙල් මෙට්‍රික්ටොන් 120,000 ක් මෙරටට රැගෙන ඒමට නියමිතය.

FEATURE
on Aug 17, 2022
287 views 0 secs

එන්ජින් ඔයිල් හා අමතර කොටස් හිඟය හේතුවෙන් දුම්රිය එන්ජින් 20ක් මේ වනවිට ධාවනයෙන් ඉවත් කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් සාමාන්‍ය කාලසටහන් අනුව දුම්රිය ධාවනය දැඩි අර්බුදයකට ලක්ව ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කර සිටියා. දුම්රිය එන්ජින් ඇණිය එන්ජින් 74 කින් සමන්විත වුව ද පවතින තත්ත්වය හමුවේ එය 54 […]

FEATURE
on Aug 16, 2022
283 views 0 secs

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා විදේශ රටවලදී කරන කිසිදු වියදමක් රජයේ මුදල් වලින් සිදු නොකරන බව මාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කර සිටියා. ඇමති මණ්ඩල තීරණ දැනුම් දීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවනාගාරයේ දී අද (16) පැවති මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි ඇමතිතුමා මේ බව සඳහන් කර සිටියේ.

FEATURE
on Aug 16, 2022
294 views 0 secs

රටේ තත්වය නැවත යහපත් අතට හැරී ඇති බැවින් මෙම සතියේ අවසන් වීමට නියමිත හදිසි නීතිය යළි දීර්ඝ කිරීමක් සිදු නොකරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Aug 16, 2022
282 views 0 secs

ගෑස් මෙට්‍රික් ටොන් 3120k රැගත් නෞකාවක් අද (16) පෙරවරුවේ හම්බන්තොට වරායට පැමිණ ඇති අතර අදාළ ගෑස් තොගය මේ වන විට පර්යන්තය වෙත ගොඩබාමින් පවතින බව ලාෆ්ස් සමාගම සඳහන් කර සිටියා. මෙම ගෑස් තොගය ගොඩ බෑමෙන් අනතුරුව කඩිනමින් වෙළඳපොළට නිකුත් කරන බව එම සමාගම තවදුරටත් සඳහන් කර සිටියා.

FEATURE
on Aug 15, 2022
274 views 0 secs

මියන්මාරයෙන් බලයෙන් පහ කරන ලද නායිකා, අවුන් සාන් සුකී තවත් දූෂණ චෝදනා සම්බන්ධයෙන් අමතරව වසර 6ක සිරදඬුවමක් නියම කර තිබේ.මහජන ඉඩම් වෙළදපල මිලට වඩා අඩු මිලකට කුලියට ගෙන පුණ්‍ය කටයුතු සඳහා පරිත්‍යාග කර නිවසක් ඉදිකර ගැනීමට තම තනතුර අනිසි ලෙස භාවිතා කළ බවට ඇයට එරෙහිව චෝදනා එල්ල වී තිබුණා. 2001 පෙබරවාරි මාසයේදී හමුදාව විසින් ‍ප්‍රජාතන්ත්‍රවාදී […]

FEATURE
on Aug 15, 2022
278 views 0 secs

කෙන්යානු ජනාධිපතිවරණයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙන අතර ප්‍රතිඵල වලට අනුව නියෝජ්‍ය ජනාධිපතිවරයා ලෙස කටයුතු කල විලියම් රූටෝ මෙම මැතිවරණයෙන් තියුණු ජයක් වාර්තා කර තිබුණි. ප්‍ර‍කාශිත ඡන්ද වලින් 50.5% ලබා ගැනීමට ඔහු සමත් වී තිබෙන අතර ඔහුගේ ප්‍රතිවාදියා වූ රයිලා ඔඩින්ගා මෙම මැතිවරණය දූෂිත බව ප්‍රකාශ කර තිබේ.