Home > Articles posted by Admin (Page 167)
FEATURE
on Aug 12, 2022
196 views 0 secs

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නව පාලක ජනරාල්වරයා ලෙස හර්ෂ ඉලුක්පිටිය මහතා වැඩ adha (12) භාර ගෙන තිබේ.

FEATURE
on Aug 12, 2022
213 views 0 secs

ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ ජීවන්ත පීරිස් පියතුමා අද (12) දහවල් නීතිඥවරයෙකු මාර්ගයෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා. අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණවල නිරත වීම ඇතුළු චෝදනා ජීවන්ත පීරිස් පියතුමා වෙත එල්ල වී තිබූ අතර අධිකරණයට ඉදිරිපත් වූ ජීවන්ත පීරිස් පියතුමා ඇප මත නිදහස් කර තිබේ.

FEATURE
on Aug 12, 2022
211 views 0 secs

කොළඹ, කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුල් වී එහි දේපොළවලට හානි සිදු කිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කරන සිටින ධානිෂ් අලි ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ලබන 26 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අද (12) නියෝග කළේ ය. සිද්ධියට අදාළ විමර්ශන කටයුතු තවදුරටත් සිදුවන නිසා සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස […]

FEATURE
on Aug 12, 2022
196 views 0 secs

පෙට්‍රල් මෙට්‍රික් ටොන් 35,000ක් රැගත් නෞකාවක් ඊයේ රාත්‍රියේ දිවයිනට ළඟා විය. එම පෙට්‍රල් තොගය ගොඩබෑම අද (12) ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.එමෙන්ම බොරතෙල් රැගත් නෞකාවක් හෙට (13) දිවයිනට පැමිණීමට නියමිත බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.ඒ අනුව සපුගස්කන්ද තෙල් පිරිපහදුව අගෝස්තු මස 15 වනදා සිට යළි මෙහෙයුම් ආරම්භ කිරීමට නියමිතයි.

FEATURE
on Aug 12, 2022
195 views 0 secs

මහ කන්නයේ වගාවන් සඳහා යූරියා පොහොර මෙට්‍රික් ටොන් 100,000ක් ආනයනය කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මෙම යූරියා පොහොර තොගය ඔක්තෝම්බර් මස මුල් සතියේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව වාණිජ පොහොර සමාගමේ සභාපති මෙත්සිරි විජේගුණවර්ධන මහතා පැවසීය.

FEATURE
on Aug 11, 2022
311 views 0 secs

සතියේ වැඩකරන සියලුම දිනයන්හිදී බස්නාහිර පළාතේ වාහන සඳහා ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා. ඒ් අනුව 2022 ජුනි 29 වනදා සිට කල් ඉකුත්වන, බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර සඳහා 2022 අගෝස්තු 31 දක්වා දඩ අයකිරීමක් සිදු නොකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම්වරයා සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්,

FEATURE
on Aug 11, 2022
196 views 0 secs

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තාවකාලිකව රැඳී සිටීම සඳහා තායිලන්තයට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

FEATURE
on Aug 11, 2022
220 views 0 secs

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිප් වෙදආරච්චිගේ සොහොයුරු නිහාල් වෙදආරච්චි මැයි 09 කළහකාරී සිද්ධීන්ට අදාලව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා..

FEATURE
on Aug 11, 2022
218 views 0 secs

ඊයේ කොවිඩ් 19 ආසාදිත මරණ ගණන 02ක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර වාර්තා කරන ලදී. මියගිය පුද්ගලයින් දෙදෙනාම වයස අවුරුදු 60ට වැඩි අය බව වාර්තා වේ.

FEATURE
on Aug 11, 2022
242 views 0 secs

මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයේ අවසන් රන්දෝලි පෙරහැර නැරඹීමට යන ජනතාව වෙනුවෙන්, මගී තදබදය අවම කිරීමේ අරමුණින් විශේෂ දුම්රිය දෙකක් ධාවනයට එක් කර තිබෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණි සෙනෙවිරත්න මහතා සඳහන් කර ස්ටියා. ඒ අනුව එක් දුම්රියක් අද පෙරවරු 10.00 ට කොළඹ කොටුවෙන් මහනුවර බලා ධාවනය වන අතර තවත් දුම්රියක් පස්වරු 2.30 ට කොළඹ කොටුවෙන් […]