Home > Articles posted by Admin (Page 170)
FEATURE
on Aug 8, 2022
257 views 4 secs

ජාතික ඉන්ධන බලපත්‍ර QR පද්ධතිය නව ලියාපදිංචි කිරීම් සඳහා යළි විවෘත කර ඇති බව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද ප්‍රකාශ කළේය.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ මෝටර් රථ දෙපාර්තමේන්තුවේ නියමිත නඩත්තු කටයුතු අවසන් කර ඇති බවයි.ඒ අනුව නැවතත් නව ලියාපදිංචි කිරීම් සඳහා මෙම ක්‍රමය දැන් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසීය. සිකුරාදා, ශ්‍රී ලංකා […]

FEATURE
on Aug 8, 2022
268 views 0 secs

අද (8) දිනයේදී සැලකිය යුතු බස් රථ සංඛ්‍යාවක් ධාවනයට එක් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවේ බස් රථ 6000ත් 7000ත් අතර ප්‍රමාණයක් ධාවනය කිරීමට පියවර ගන්නා බවයි. සංශෝධිත මිලට වඩා වැඩි මුදලක් මගීන්ගෙන් බස්රථ අය කරන්නේ දැයි සොයා බැලීම සඳහා ජංගම පරීක්ෂකවරුන් යොදවා […]

FEATURE
on Aug 8, 2022
272 views 0 secs

අද (08) දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිෂන් සභාව වෙත කැඳවා තිබෙනවා. මෙම සාකච්ඡාව සඳහා සියලු පක්ෂවල ලේකම්වරුන්ට හා නියෝජිතයින්ට කැඳවීමක් සිදුකර ඇති බවයි සඳහන් වන්නේ.මැතිවරණ කොමිසමේ සභාපති නීතීඥ නිමල් ජි පුංචිහේවා ප්‍රකාශ කළේ මෙහිදි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ පාර්ලිමේන්තු විශේෂ සභාව මඟින් යෝජනා කර ඇති මැතිවරණ ක්‍රමයේ සංශෝධන පිළිබඳව සාකච්ඡා කිරීමට නියමිතව ඇති බවයි

FEATURE
on Aug 8, 2022
293 views 0 secs

මහජන උපයෝගීතා කොමිසම විසින් අද (08) විදුලි කප්පාදුව සිදුවන ආකාරය නිවේදනය කර තිබෙනවා.

FEATURE
on Aug 7, 2022
276 views 0 secs

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ගණන් රුපියල් 200කට වඩා වැඩි අගයකින් පහත දමන බවත්, අදාළ නව මිල ගණන් ක්‍රියාත්මක වීම හෙට(08) මධ්‍යම රාත්‍රියේ සිට බලාත්මක කෙරෙන බවත් ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත් පිරීස් මහතා සඳහන් කර සිටියා. එමෙන්ම ලිට්‍රෝ සමාගම වසර දෙක හමාරකට පසුව, ජූලි මාසයේ සිට ලාභ ලබමින් ඇතැයි ද, සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. ගෑස් මෙට්‍රික් […]

FEATURE
on Aug 7, 2022
261 views 10 secs

හෙට(08) සිට ලබන 10 වැනිදා දක්වා පැය 01 ක විදුලි කප්පාදුවකට අනුමැතිය ලබා දී ඇති බව මහජන උපයෝගීතා කොමිසම පවසයි. ඒ අනුව සවස 6.00ත් රාත්‍රී 9.00ත් අතර A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W යන කලාප සඳහා පැය 1ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇති.

FEATURE
on Aug 7, 2022
282 views 0 secs

ආන්දෝලනයට ලක්ව ඇති ‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව එළඹෙන 11 වැනිදා හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතව තිබූ අතර එහි පැමිණිම කල් දමන ලෙස චීනයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කළේ ය. රාජ්‍යයන් දෙක අතර ඒ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින් එම ඉල්ලීම කර ඇති බවත්, එම ඉල්ලීම චීනයේ බලයට වඩා අසල්වැසි ඉන්දියාවේ […]

FEATURE
on Aug 7, 2022
274 views 0 secs

සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා දේශපාලන පක්ෂ සමග දින ගණනාවක් පුරා සිදුකළ සාකච්ඡාවලදී ඒ ඒ පක්ෂ ඉදිරිපත් කළ යෝජනා සහභාගී වූ සියලු පක්ෂවලට පොදුවේ ලබන සඳුදා (08) වනවිට ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පාර්ලිමේන්තුවේ ස්වාධීන පක්ෂ 11 නායකයින් සහ 43 වන සේනාංකය සමඟ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවලදී ජනාධිපතිවරයා මේ […]

FEATURE
on Aug 7, 2022
321 views 0 secs

අද (07) රාත්‍රියේ මහනුවර ශ්‍රී දළඳා මාලිගාවේ වාර්ෂික ඇසළ පෙරහර මංගල්‍යයේ පළමු රන්දෝලි පෙරහර රාත්‍රී 07.44ට යෙදෙන සුබ මොහොතින් වයඹ දිශාව බලා වීථි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.එමෙන්ම අවසන් රන්දෝලි පෙරහර අගෝස්තු 11 වැනිදා පැවැත්වීමට නියමිත අතර අනතුරුව 12 වැනි දා දහවල් පෙරහරින් පසු මහනුවර ඓතිහාසික ශ්‍රී දළඳා මාළිගාවේ ඇසළ පෙරහර මංගල්‍ය අවසන් වීමට නියමිතයි.

FEATURE
on Aug 6, 2022
289 views 0 secs

ලබන 08 වැනි දා සිට ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තු ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව රියැදුරු බලපත්‍ර සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් 1500/- දක්වා ඉහළ දැමීමට නියමිතයි. මේ සම්බන්ධ වන මාධ්‍ය නිවේදනය පහතින්,