Home > Articles posted by Admin (Page 171)
FEATURE
on Aug 6, 2022
294 views 0 secs

මෙවර පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 57 නිදහස් ආර මල්ලවපොර තරගයට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නෙත්මි පෝරුතොටගේ ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා.

FEATURE
on Aug 6, 2022
284 views 0 secs

ලබන සඳුදා (08) සිට බත් පැකට් එකක සහ ප්ලේන්ටියක මිල පහත දමන බව ආපනශාලා හිමියන්ගේ සංගමය පවසයි.ගෑස් මිල, ඉන්ධන මිල සහ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල ගණන් පහත දැමීම හමුවේ එහි වාසිය පාරිභෝගිකයාට ලබාදීමේ අරමුණින් මෙම තීරණයට එළැඹි බව එහි සභාපති අසේල සම්පත් මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Aug 6, 2022
272 views 2 secs

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට බලපෑ ප්‍රධාන හේතු පිළිබඳව බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පෙන්වා දෙයි.ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා කියා සිටියේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පාඩු ලැබීමට හේතු කිහිපයක් පහත දැක්වේ.01.වසර ගණනාවක් සහන මිලට නිෂ්පාදන විකිණීම02.රුපියල අවප්‍රමාණය වීම – මාර්තු මාසයට පෙර කරන ලද මිලදී ගැනීම් සඳහා දින 90-180ක ණය සඳහා රු. […]

FEATURE
on Aug 6, 2022
322 views 0 secs

ගාලුමුවදොර විරෝධතාවයේ නිරත පිරිස් කිහිපයක් ඊයේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවුණා.රට හමුවේ ඇති ආර්ථික අභියෝග ජය ගැනීම සඳහා සියලු විරෝධතාකරුවන්ගේ දායකත්වය සෑම ආකාරයකින්ම ලබා ගැනීමට බලාපොරොත්තු වන බව ජනාධිපතිතුමා පැවසීය.නීතිවිරෝධී ලෙස සහ අත්තනෝමතික ලෙස අරගලයට සහභාගී වූ පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම නතර කරන ලෙස විරෝධතාකරුවන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඔවුන් පෙන්වා දුන්නේ තමන් අත්අඩංගුවට ගනු ඇතැයි […]

FEATURE
on Aug 5, 2022
370 views 0 secs

රට යථා තත්ත්වයට පත්වීමට තවත් මාස 6 ක පමණ කාලයක් තවදුරටත් දුෂ්කර කාල සීමාවක් ගත කිරීමට සිදුවනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (05) බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති වැඩසටහනකට සහභාගී වෙමින් ඔහු මේ අදහස් පළ කර සිටියා. ලෙට්ස් රී සෙට් ශ්‍රී ලංකා නමින් මෙම වැඩසටහන සංවිධාන කර තිබුණේ ඇඩ්වකාටා ආයතනයයි. ශ්‍රී ලංකාවේ […]

FEATURE
on Aug 5, 2022
289 views 0 secs

ලබාදෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බව පවසමින් පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගමය අද (05) උදෑසන සිට ආරම්භ කර තිබූ පෞද්ගලික බස් වර්ජනය අවසන් කිරීමට පෞද්ගලික බස්රථ හිමියන්ගේ සංගම් තීරණය කර තිබෙනවා. කෙසේ නමුත් බලධාරීන් සමඟ පැවැති සාකච්ඡාවේදී පෞද්ගලික බස් රථ සඳහා ප්‍රමාණවත් පරිදි ඉන්ධන ලබාදෙන බවට පැවැති එකඟතාවය මත මෙම වර්ජනය අවසන් කිරීමට තීරණය කළ බවයි […]

FEATURE
on Aug 5, 2022
282 views 0 secs

හෙට (06) සහ අනිද්දා (07) විදුලිය කප්පාදුවක් සිදු නොවන බව මහජන උපයෝගීතා කොමිසම අද (05) ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Aug 4, 2022
353 views 0 secs

අධිකරණ නියෝගයක් කඩ කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් ඊයේ (03) පස්වරුවේ අත්අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින්ව අගෝස්තු 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබෙනවා.

FEATURE
on Aug 4, 2022
306 views 0 secs

හෙට (05) දිනයේ විදුලිය කප්පාදු කෙරෙන කාලය පැයක් දකාවා අඩු කිරීමට පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම පවසම පවසනවා. හෙට විදුලිය කප්පාදු කරන කාලසටහන පහතින්.

FEATURE
on Aug 4, 2022
301 views 2 secs

ව්‍යාජ QR කේත භාවිතා කර ඉන්ධන ලබා ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩි පියවර ගන්නා බව බලශක්ති අමාත්‍යාංශය පවසයි.ව්‍යාජ QR කේත භාවිත කර ඉන්ධන ලබාගැනීමට ඇතැමුන් උත්සාහ දැරීමේ එවැනි සිදුවීම් කිහිපයක් වාර්තා වී ඇති බවයි අමාත්‍යාංශය සඳහන් කළේ.එවැනි QR කේත හඳුනාගැනීම සඳහා තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සමඟ එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍යාංශය සඳහන් කළේය.