Home > Articles posted by Admin (Page 173)
FEATURE
on Aug 2, 2022
200 views 0 secs

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ 6 වන මූලික තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා. මෙහිදී යුපුන් අබේකෝන් මීටර් 100 තරඟය තත්පර 10.06කින් නිමකර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වීම විශේෂත්වයක්. මීටර් 100 අවසන් පූර්ව තරගය හෙට (03) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.20 ට ආරම්භ වීමට නියමිතයි.

FEATURE
on Aug 2, 2022
230 views 0 secs

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා අද (02) දිවෘම් දුන්නා. ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස දන්වමින් නිමල් සිරිපාල ද සිල්වා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස් වූ අතර පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රිපුද්ගල […]

FEATURE
on Aug 2, 2022
288 views 5 secs

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (02) සවස 06.01 ට යෙදෙන සුභ මොහොතින් ආරම්භ විය. මෙවර දළදා පෙරහැර අන්තර්ජාල සජීව විකාශයක් ලෙස විකාශනය කරන අතර ඒ අනුව අද සිට අගෝස්තු 12 වනදා දක්වා පෙරහැර සජීවීව නිවසේ සිට https://www.youtube.com/channel/UCTbM7WMeA1AEcQXi2J7IKjQ/featured යන යූටියුබ් ලින්ක් එක හරහා නැරඹීමේ හැකියාව පවතිනවා.

FEATURE
on Aug 2, 2022
229 views 0 secs

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවී තිබෙනවා. රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා සෑම සිකුරාදා දිනකම නිවාඩු ලබාදීමට මීට පෙර කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා. කෙසේ වෙතත් මේ වන විටත් පොදු ප්‍රවාහන සේවා යථාවත් වෙමින් […]

FEATURE
on Aug 2, 2022
226 views 1 sec

පසුගිය ඉරිදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී Cඓඇ සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කල බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු සැඟවී සිටි ආරක්ෂිත නිවස්නයේ බැලකනියට ⁣ඩ්‍රෝන යානාවක් යොදාගනිමින් සිදු කල මිසයිල ප්‍රහාරයකින් ඔහු ඝාතනය කළ බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කරන්නේ. […]

FEATURE
on Aug 2, 2022
207 views 4 secs

එළඹෙන 19 වනදා දක්වා 2022 වසරේ උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත්‍ර කැඳවීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදුකෙරෙන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව සියලුම අයදුම්කරුවන් www.doenets.lk හෝ www.onlineeexams.gov.lk/eic වෙත හෝ විභාග දෙපාර්තමේන්තුවේ නිල ජංගම දුරකථන යෙදවුම වන DoE වෙත පිවිසීමෙන් අනතුරුව මාර්ගගත ක්‍රමය ඔස්සේ එම අයදුම්පත්‍ර යොමුකිරීම සිදුකළ යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් […]

FEATURE
on Aug 2, 2022
220 views 0 secs

දිස්ත්‍රික්ක 12කට තද වැසි සහ තද සුළං පිළිබඳව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දැඩි කාලගුණ නිවේදනයක් නිකුත් කර තිබේ.මෙම දැඩි කාලගුණය අද පෙරවරු 08.30 සිට හෙට (3) පෙරවරු 08.30 දක්වා පැය 12ක කාලයක් ක්‍රියාත්මක වේ.සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් දිවයිනේ බස්නාහිර සහ දකුණු මුහුදු ප්‍රදේශවල සහ දිවයිනේ නිරිතදිග කාර්තුවේ වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන […]

FEATURE
on Aug 2, 2022
189 views 0 secs

අද (02) විදුලි කප්පාදුව සිදුවන නිශ්චිත වේලාවන් මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.

FEATURE
on Aug 2, 2022
218 views 0 secs

අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලුම පාසල් අද (02) දිනයේ වසා තබන බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ. ගමගේ ප්‍රකාශ කළා.

FEATURE
on Aug 1, 2022
267 views 0 secs

පසුගිය මැයි මස 21 වනදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන්, ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අද (01) කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් රතිඳු සේනාරත්න ඇතුළු දෙදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් නියෝගයක්ද නිකුත් කළා.