Home > Articles posted by Admin (Page 173)
FEATURE
on Aug 3, 2022
280 views 2 secs

වසර හතරක වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා අගෝස්තු මාසයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.“මාණ්ඩලික මට්ටමේ සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම අපගේ අපේක්ෂාවයි,” ඔහු අද (3) රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට පැවසීය.“ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන Lazard සහ Clifford Chance සමඟ සහයෝගයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ […]

FEATURE
on Aug 3, 2022
312 views 0 secs

අද (03) උත්සවාකාරයෙන් නවවැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.

FEATURE
on Aug 2, 2022
283 views 0 secs

ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ, අත්අඩංගුවට පත් රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇපමත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. පසුගිය මැයි මස 21 වනදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණා.

FEATURE
on Aug 2, 2022
270 views 0 secs

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සුමුදු රුක්ශාන් නම් මන්ත්‍රීවරයෙක් වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

FEATURE
on Aug 2, 2022
283 views 0 secs

කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ නියමාකාරයෙන් පිළිපදින ලෙසත්, එන්නත් ලබා නොගත් සියලුම දෙනා කොවිඩ් මර්දන එන්නත ලබා ගන්නා ලෙසත් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.

FEATURE
on Aug 2, 2022
277 views 0 secs

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ 6 වන මූලික තරඟයෙන් ප්‍රථම ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වුණා. මෙහිදී යුපුන් අබේකෝන් මීටර් 100 තරඟය තත්පර 10.06කින් නිමකර අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත්වීම විශේෂත්වයක්. මීටර් 100 අවසන් පූර්ව තරගය හෙට (03) ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 11.20 ට ආරම්භ වීමට නියමිතයි.

FEATURE
on Aug 2, 2022
303 views 0 secs

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා අද (02) දිවෘම් දුන්නා. ජපාන සමාගමකින් අල්ලසක් ඉල්ලූ බවට එල්ල වූ චෝදනා හේතුවෙන් එම චෝදනා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් සිදුකරන ලෙස දන්වමින් නිමල් සිරිපාල ද සිල්වා සිය අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස් වූ අතර පසුව ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ත්‍රිපුද්ගල […]

FEATURE
on Aug 2, 2022
367 views 5 secs

මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර මංගල්‍යයේ පළමු කුඹල් පෙරහැර අද (02) සවස 06.01 ට යෙදෙන සුභ මොහොතින් ආරම්භ විය. මෙවර දළදා පෙරහැර අන්තර්ජාල සජීව විකාශයක් ලෙස විකාශනය කරන අතර ඒ අනුව අද සිට අගෝස්තු 12 වනදා දක්වා පෙරහැර සජීවීව නිවසේ සිට https://www.youtube.com/channel/UCTbM7WMeA1AEcQXi2J7IKjQ/featured යන යූටියුබ් ලින්ක් එක හරහා නැරඹීමේ හැකියාව පවතිනවා.

FEATURE
on Aug 2, 2022
310 views 0 secs

රාජ්‍ය සේවකයන්ට සිකුරාදා නිවාඩු දෙමින් නිකුත් කර තිබූ චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට කැබිනට් ඇනුමැතිය හිමිවී තිබෙනවා. රටතුළ පවතින ඉන්ධන හිඟය හේතුවෙන් සහ ආහාර හිඟයට පිළියමක් ලෙස කෘෂිකර්මික කටයුතුවල නිරතවීම සඳහා සෑම සිකුරාදා දිනකම නිවාඩු ලබාදීමට මීට පෙර කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණා. කෙසේ වෙතත් මේ වන විටත් පොදු ප්‍රවාහන සේවා යථාවත් වෙමින් […]

FEATURE
on Aug 2, 2022
308 views 1 sec

පසුගිය ඉරිදා ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවරදී Cඓඇ සංවිධානය විසින් සිදු කරන ලද ත්‍රස්ත විරෝධී මෙහෙයුමකදී අල්කයිඩා නායක අයිමන් අල් සවාහිරි ඝාතනය කල බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් තහවුරු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු සැඟවී සිටි ආරක්ෂිත නිවස්නයේ බැලකනියට ⁣ඩ්‍රෝන යානාවක් යොදාගනිමින් සිදු කල මිසයිල ප්‍රහාරයකින් ඔහු ඝාතනය කළ බවයි අමෙරිකානු බලධාරීන් සඳහන් කරන්නේ. […]