Home > Articles posted by Admin (Page 176)
FEATURE
on Jul 28, 2022
232 views 0 secs

ඉරාකයේ බැග්ඩෑඩ්හි අධි ආරක්ෂිත කලාපයක පිහිටි එරට පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදුණු විරෝධතාකරුවන් පිරිසක් විසින් එම ගොඩනැගිල්ල අත්පත් කරගෙන තිබෙනවා. BBC ලෝක සේවය වාර්තා කර සිටියේ පූජක මුක්තාද් අල් සදාර් ට සහාය දක්වන පිරිසක් විසින් මෙලෙස පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී ඇති බවයි. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ජල ප්‍රහාරයන් දියත් වුණත් පිරිස විසින් අධි ආරක්ෂිත කලාපයට ඇතුළු […]

FEATURE
on Jul 28, 2022
230 views 0 secs

ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන වේරංග පුෂ්පික ද සිල්වා ඊයේ (27) දිනයේ බස් රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර අධිකරණ නියෝග කඩකරමින්, උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා ඔහුට එල්ල වී තිබුණා.

FEATURE
on Jul 28, 2022
257 views 0 secs

නීති විරෝධී ජන රාශියකට අදාළව අද (28) නඩුව කැඳවූ අවස්ථාවේ එම නඩුවට සහභාගී නොවීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු හා අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

FEATURE
on Jul 28, 2022
220 views 0 secs

ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ, අද (28) දිනයේ දී ගෑස් සිලින්ඩර 140,000ක් වෙළෙඳපොළට බෙදා හරින බවයි.ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ඉදිරි සතිය තුළ තවත් ගෑස් තොග කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිත බවයි. ගෑස් අලෙවි නියෝජිත ආයතන සහ බෙදාහරින්නන් හරහා LP ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

FEATURE
on Jul 28, 2022
224 views 0 secs

ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ ඇන්තනි වේරංග පුෂ්පික ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසා සිටිනවා.මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනා මතය.පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේ ඊයේ (27) දිනයේ දී අත්අඩංගුවට ගැනුණු ඔහු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත ගෙන ගොස් අදාළ විමර්ශනයන් සිදු කිරීමෙන් අනතුරුව කොළඹ […]

FEATURE
on Jul 28, 2022
262 views 0 secs

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර විසින් මේ බව ට්විටර් සටහනක් තබමින් පවසා සිටියේ වාහන කිහිපයක් ඇති ව්‍යාපාර සඳහා ඉන්ධන බලපත්‍රය ලබාගැනීමේ දී ව්‍යාපාර ලියාපදිංචි අංකය සමඟ වාහනවල ලියාපදිංචි අංකය යෙදීමෙන් ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමේ හැකියාව ලබාදී තිබෙනවා.

FEATURE
on Jul 27, 2022
329 views 0 secs

2024 න් පසු තම රට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ නව අධ්‍යක්ෂ ජනරාල් යූරි බොරිසොව් සඳහන් කර සිටියා. සෙසු හවුල්කරුවන් මෙන් රුසියාව ද හොඳ හවුල්කරුවෙකු බවත්, රුසියාවේ එම තීරණය සම්බන්ධයෙන් විමතියට පත්වන බවත් අමෙරිකාව පවසා සිටියා. අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් සඳහන් කළේ, දෙරටේ අභ්‍යවකාශ ඒජන්සි වසර […]

FEATURE
on Jul 27, 2022
201 views 0 secs

ජනාධිපතිවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද හදිසි නීතිය අද (27) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 54 පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.මෙහිදී යෝජනාවට පක්ෂව ඡන්ද 120 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 63 ලැබුණා.

FEATURE
on Jul 27, 2022
207 views 0 secs

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ මෙරට අමෙරිකානු තානාපතිනී ජුලි චන්ග් අතර හමුවක් අද (27) සිදුව තිබෙනවා. එම හමුවේදී අමෙරිකානු තානාපතිනිය ජනාධිපතිවරයා වෙත සිය සුබ පැතුම් එක් කර තිබෙන අතර ශ්‍රී ලංකාව සහ එක්සත් ජනපදය අතර පවතින සබඳතා ශක්තිමත් ප්‍රවේශයක් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී වැඩිදුරටත් සාකච්ඡා කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

FEATURE
on Jul 27, 2022
208 views 0 secs

රජයේ අමාත්‍යාංශ 28ක් සඳහා අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. අදාළ ගැසට් නිවේදනය පහතින්,