Home > Articles posted by Admin (Page 176)
FEATURE
on Jul 29, 2022
335 views 0 secs

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අගෝස්තු පළමුවැනිදා සිට පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා හඳුන්වාදෙන නව බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මෙරෙන්ඩා බස් රථ 40 ක් පමණ අගෝස්තු පළවනදා සිට සාමාන්‍ය ගාස්තුව යටතේ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන බව සඳහන් කලා. කොළඹ ප්‍රධාන පාසල් සහ ගම්පහ කළුතර හොරණ හෝමාගම […]

FEATURE
on Jul 29, 2022
306 views 0 secs

සෑහීමකට පත්විය හැකි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් , ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් සැපයීමේ සැලසුමක් නැති බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවත් නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පෙන්වා දී සිටී. එමෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය ඇති කර ගැනීම සඳහා ආර්ථික අර්බුදය ඇතිවීමට හේතූ වූ කාරණු හඳුනාගෙන […]

FEATURE
on Jul 29, 2022
310 views 0 secs

පාකිස්තානය සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් ඊයේ ලැබූ ලකුණු 246 ක විශිෂ්ඨ ජයත් සමඟ ICC ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකාව සමත්ව තිබෙනවා. ඒ 53.33% ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි කර ගනිමින්. 71.43% ජයග්‍රහණ ප්‍රතිශතයක් හිමි කර ගෙන සිටින දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර, 70% ජයග්‍රහන […]

FEATURE
on Jul 29, 2022
313 views 0 secs

අත්‍යවශ්‍ය ඖෂධ 102 ක් තවදුරටත් හිඟව පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එම ඖෂධ කළමනාකාරණයකින් යුතුව ලබා දිමට පියවර ගන්නා බවත්, ඖෂධ හිඟය පියවීම සඳහා ජාත්‍යන්තර සංවිධානවල සහය හිමිවී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශ වෛද්‍ය තාක්ෂණික සේවා අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා ප්‍රකාශ කර සිටියා.

FEATURE
on Jul 28, 2022
283 views 0 secs

ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් සාරා හල්ටන් මහත්මිය මුදල් අමාත්‍යාංශයේදී, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී අද(28) පුළුල් සාකච්ඡාවක් සිදු කළ බව ඔරකාශ කර සිටියා… මෙම හමුවෙන් පසුව ඇය ට්විටර් පණිවිඩයක් නිකුත් කඅරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට අනුකූලව මානව හිමිකම් සහ නියමිත ක්‍රියාවලියට ගරු කිරීම, සාමකාමී, ප්‍රජාතන්ත්‍රවාදී සහ විවෘත අවකාශයක් තුළ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමට […]

FEATURE
on Jul 28, 2022
316 views 0 secs

ඉරාකයේ බැග්ඩෑඩ්හි අධි ආරක්ෂිත කලාපයක පිහිටි එරට පාර්ලිමේන්තු සංකීර්ණයට කඩා වැදුණු විරෝධතාකරුවන් පිරිසක් විසින් එම ගොඩනැගිල්ල අත්පත් කරගෙන තිබෙනවා. BBC ලෝක සේවය වාර්තා කර සිටියේ පූජක මුක්තාද් අල් සදාර් ට සහාය දක්වන පිරිසක් විසින් මෙලෙස පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට කඩා වැදී ඇති බවයි. විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා ජල ප්‍රහාරයන් දියත් වුණත් පිරිස විසින් අධි ආරක්ෂිත කලාපයට ඇතුළු […]

FEATURE
on Jul 28, 2022
298 views 0 secs

ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන වේරංග පුෂ්පික ද සිල්වා ඊයේ (27) දිනයේ බස් රථයකින් ගමන් කරමින් සිටිය දී අත්අඩංගුවට ගෙන ලබන මස 09 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙන අතර අධිකරණ නියෝග කඩකරමින්, උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරය පෑම යන චෝදනා ඔහුට එල්ල වී තිබුණා.

FEATURE
on Jul 28, 2022
334 views 0 secs

නීති විරෝධී ජන රාශියකට අදාළව අද (28) නඩුව කැඳවූ අවස්ථාවේ එම නඩුවට සහභාගී නොවීම හේතුවෙන් අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු හා අරගලයේ ක්‍රියාකාරිකයෙකු වන ළහිරු වීරසේකර සහ ටැම්පිටියේ සුගතානන්ද හිමියන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර තිබෙනවා.

FEATURE
on Jul 28, 2022
301 views 0 secs

ලිට්‍රෝ ගෑස් සමාගම පැවසුවේ, අද (28) දිනයේ දී ගෑස් සිලින්ඩර 140,000ක් වෙළෙඳපොළට බෙදා හරින බවයි.ලිට්‍රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා පැවසුවේ ඉදිරි සතිය තුළ තවත් ගෑස් තොග කිහිපයක් දිවයිනට පැමිණීමට නියමිත බවයි. ගෑස් අලෙවි නියෝජිත ආයතන සහ බෙදාහරින්නන් හරහා LP ගෑස් සිලින්ඩර නිකුත් කිරීමට පියවර ගෙන ඇති බව සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

FEATURE
on Jul 28, 2022
300 views 0 secs

ගෝල්ෆේස් අරගලයේ ක්‍රියාකාරී සමාජිකයෙකු වූ ඇන්තනි වේරංග පුෂ්පික ද සිල්වා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසා සිටිනවා.මොහු අත්අඩංගුවට ගෙන ඇත්තේ අධිකරණ නියෝග කඩකරමින් උද්ඝෝෂණ පැවැත්වීම, පොලිස් නිලධාරීන්ට සාපරාධි බලහත්කාරය පෑම යන චෝදනා මතය.පොලීසිය වැඩිදුරටත් පවසා සිටියේ ඊයේ (27) දිනයේ දී අත්අඩංගුවට ගැනුණු ඔහු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය වෙත ගෙන ගොස් අදාළ විමර්ශනයන් සිදු කිරීමෙන් අනතුරුව කොළඹ […]