Home > Articles posted by Admin (Page 175)
FEATURE
on Aug 1, 2022
272 views 0 secs

අද (01) විදුලි කප්පාදුව සිදුවන නියමිත පැය ගණන් මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබෙනවා.

FEATURE
on Jul 30, 2022
315 views 0 secs

යුරෝපයේ මන්කිපොක්ස් වෛරසය ආශ්‍රිත පළමු මරණය ස්පාඤ්ඤයෙන් වාර්තා වී ඇති අතර මේ වනවිට එරටින් මන්කිපොක්ස් ආසාදිතයින් 4,298 හඳුනාගෙන ඇත. ලොව පුරා වාර්තා වන මන්කිපොක්ස් ආසාදිතයින් සංඛ්‍යාව 18,000 ඉක්මවා යාමත් සමග ලෝක සෞඛ්‍ය සංවිධානය මන්කිපොක්ස් වෛරසය පිළිබඳ ගෝලීය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කළේ ය. මේ වනවිට ලොව රටවල් 78 කින් මන්කිපොක්ස් ආසාදිතයින් හමුවී ඇති අතර […]

FEATURE
on Jul 30, 2022
316 views 0 secs

රජයේ සහ රජයේ අනුමත සියලුම පෞද්ගලික පාසල් සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා සාමාන්‍ය පාසල් වේලාවන්හි අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර සිසුන්ට අගෝස්තු 01 සිට 05 දක්වා සතියේ බදාදා සහ සිකුරාදා දිනවල නිවසේ සිට හෝ අන්තර්ජාලය හරහා අධ්‍යාපනය ලැබීමට හැකි බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. .පාසල්වල පවතින තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් සෑම ගුරුවරයෙකුටම අවම වශයෙන් දින තුනක් පාසලට පැමිණ ඉගැන්වීම් […]

FEATURE
on Jul 30, 2022
299 views 0 secs

2022 වර්ශයේ 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා අයදුම් පත්‍ර කැඳවීමට ලබාදී තිබූ කාල සීමාව ලබන 07 වනදා දක්වා දීර්ඝ කර තිබෙන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී.ධර්මසේන පවසයි.ඔහු වැඩිදුරටත් පැවසුවේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දෙවන අදියරේ පිළිතුරු පත්‍ර ඇගයීම ලබන 05 ආරම්භ වීමට නියමිතව තිබෙන බවයි.

FEATURE
on Jul 30, 2022
297 views 0 secs

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් තැපැල් සේවකයින්ට නිසි පරිදි සේවයට වාර්තා කිරීමට නොහැකි වීම නිසා ලිපි භාරගැනීමේ හා බෙදා හැරීමේ ප්‍රමාදයක් ඇතිවිය හැකි බව නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා පැවසීය.

FEATURE
on Jul 30, 2022
300 views 0 secs

අද (30) රාත්‍රී 09 සිට පසුදා උදෑසන 08 දක්වා පැය 11ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකිරීමට නියමිතව තිබෙනවා. මෙම ජල කප්පාදුව සිදුවන්නේ කොළඹ 09, 10, 11 සහ 12 යන ප්‍රදේශයන් සඳහාය.ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටියේජල හා අපජල කලමණාකරණ පද්ධතියේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි.

FEATURE
on Jul 30, 2022
327 views 0 secs

ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රටේ පවතින ආර්ථික අසීරුතාව සමනය කොට යහපත් ආර්ථික පිළිවෙතක් රට තුළ ස්ථාපනය කිරීම සඳහා රජය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීමේ අරමුණින් සිදු කරන සාකච්ඡා ඉහළ ප්‍රගතියක් අත්කරගෙන ඇති බවයි. පසුගිය කාලයේ පැවති දේශපාලන අස්ථාවරත්වය හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග කටයුතු නොකරන බවට වූ පසුගිය රජයේ දේශපාලන […]

FEATURE
on Jul 30, 2022
356 views 0 secs

පසුගිය 22 වැනිදා දුම්රිය ප්‍රවේශපත්‍රයේ මිල වැඩිවීමට සමගාමීව දුර ගමන් සේවා හා ‍නගරාන්තර සීඝ්‍රගාමී දුම්රිය වෙන් කළ ආසන ගාස්තු සංශෝධනය ලබන 01වැනිදා සිට ක්‍රියාත්මක බව දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකශ කලා. එසේම පළමු , දෙවන හා තුන්වන පන්තියේ වෙන්කළ දුම්රිය ආසන ගාස්තු ඉහළ යනු ඇති.

FEATURE
on Jul 29, 2022
306 views 0 secs

හෙට (30) රාත්‍රී 9. 00 සිට පැය 11 ක් කොළඹ 9, 10, 11 සහ 12 ප්‍රදේශවල ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළේ ය.

FEATURE
on Jul 29, 2022
299 views 0 secs

ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් කරුණු 12කින් යුත් යෝජනාවලියක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදී තිබේ.මන්ත්‍රිවරයා සිය යෝජනාවෙන් ජාතිය ගොඩනැගීම සඳහා තම පක්ෂය විසින් යෝජනා කර ඇති වැදගත් කරුණු ගෙනහැර දක්වා ඇත. ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ රටේ පවතින විවිධ ප්‍රශ්නවලට විසඳුම් සෙවීම සඳහා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවන ලෙසටය.එම යෝජනා මෙසේය.