පොදු රාජ්‍ය මණ්ඩලීය පැරා ක්‍රීඩා උළෙලේදී කවපෙත්ත විසි කිරීමේ F42-44/61-64 පැරා තරඟ ඉසව්වෙන් මීටර් 44.20 ක දක්ෂතාවයක් දක්වමින් රිදී පදක්කමක් දිනා ගැනීමට පාලිත බණ්ඩාර සමත් වුණා.
යුපුන් අබේකෝන් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළලේ මීටර් 100 ධාවන ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් වුණා. ඒ අනුව ඔහු අවසන් තරඟයේ තෙවැනි ස්ථානය දිනා ගත් අතර තරඟය නිමා කිරීමට ගත කළ කාලය තත්ත්පර 10.14 ක්. පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර් 100 ධාවන ඉසව්වේ ලෝකඩ පදක්කමක් දිනාගත් ලැබූ පළමු ශ්‍රී ලංකා මලල ක්‍රීඩකයා ලෙස යුපුන් අබේකෝන් […]
අද (03) සවස ගාලුමුවදොර අරගලකරුවන්ට, උද්ඝෝෂණ භූමියේ ඇති අනවසර ඉදිකිරීම් සහ භෝග වගාකිරීම් වහාම අගෝස්තු 5 වනදාට පෙර ඉවත් කරගන්නා ලෙස පොලීසිය විසින් දැනුම්දීමක් සිදුකර තිබෙනවා. රටේ පවතින නීතියට අනුකූලව හා මහජනයාට පීඩාකාරී නොවන ආකාරයෙන් කටයුතු කළ යුතු බවයි පොලීසිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාර්ලින් කොටුව පොලිසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂගේ නියමය පරිදි ගැසට් නිවේදනයක් මගින් 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ප්‍රකාශයට පත්කර තිබෙනවා. පසුගියදා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සඳහා අනුමැතිය හිමි වුණා.
වසර හතරක වැඩසටහනක් සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා අගෝස්තු මාසයේදී පැවැත්වෙන බව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.“මාණ්ඩලික මට්ටමේ සාකච්ඡා කඩිනමින් සහ සාර්ථක ලෙස අවසන් කිරීම අපගේ අපේක්ෂාවයි,” ඔහු අද (3) රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවට පැවසීය.“ජාත්‍යන්තර මූල්‍ය හා නීති විශේෂඥයන් වන Lazard සහ Clifford Chance සමඟ සහයෝගයෙන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ […]
අද (03) උත්සවාකාරයෙන් නවවැනි පාර්ලිමේන්තුවේ 03 වැනි සභාවාරය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුණා.ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් මේ වන විට ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීම ආරම්භ කර තිබෙනවා.
ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරිකයෙකු වූ, අත්අඩංගුවට පත් රතිඳු සේනාරත්න හෙවත් රැට්ටා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඇපමත මුදා හැරීමට නියෝග කර තිබෙනවා. පසුගිය මැයි මස 21 වනදා කොළඹ ලංකා බැංකු මාවතේ පැවති විරෝධතාවයක් අතරතුර අධිකරණ නියෝගයක් කඩ කිරීම සම්බන්ධයෙන් ඔහු කොළඹ අපරාධ කොට්ඨාශය විසින් ඊයේ (01) අත්අඩංගුවට ගෙන තිබුණා.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවේ සුමුදු රුක්ශාන් නම් මන්ත්‍රීවරයෙක් වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
කොවිඩ් අවදානම යළි ඉහළ යමින් පවතින බැවින් කඩිනමින් එන්නත්කරණය සඳහා යොමු වන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම සෞඛ්‍ය මාර්ගෝපදේශ නියමාකාරයෙන් පිළිපදින ලෙසත්, එන්නත් ලබා නොගත් සියලුම දෙනා කොවිඩ් මර්දන එන්නත ලබා ගන්නා ලෙසත් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියා.
