Home > Articles posted by Admin (Page 266)
FEATURE
on Oct 22, 2021
1722 views 3 secs

විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට පැමිණෙන සියලුම අයදුම්කරුවන් වෙබ් අඩවිය ඔස්සේ දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමෙන් පසු පැමිණිය යුතු බවත්, එලෙස වේලාවක් වෙන් කර ගැනීමකින් තොරව පැමිණෙන පුද්ගලයින් කාර්යාල පරිශ්‍රයට ඇතුළත් කර නොගන්නා බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා. දින සහ වේලාවන් වෙන් කර ගැනීම සඳහා පිවිසෙන්න – https://eservices.immigration.gov.lk/td

FEATURE
on Oct 22, 2021
408 views 1 sec

ඉන්දීය ඔයිල් සමාගම (ළෛOC) විසින් ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් ලීටරයක් මිල රුපියල් 05 කින් සහ ඩිසල් ලීටරයක මිල රුපියල් 05 කින් ඉහළ දැමීමට තීරණය කර තිබූ අතර සුපර් ඩිසල් සහ Ocටනෙ 95 පෙට්‍රල් මිල ඉහල නොදැමීමට තීරණය කර තිබුණි..

FEATURE
on Oct 19, 2021
357 views 0 secs

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව ආසනයේ තරුණ බලමණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත්කර තිබේ. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රීලනිප තරුණ බලමණ්ඩලයේ කටයුතු සඳහා මේ වන විටත් දහම් සිරිසේන එක්ව සිටී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මින්නේරිය ආසනයේ තරුණ පෙරමුණ හා කාන්තා පෙරමුණ පිහිටුවීම සදහා ද දහම් සිරිසේන ඉකුත්දා එක්ව සිටියා.

FEATURE
on Oct 19, 2021
634 views 0 secs

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුකූලව රිදියගම සෆාරි උද්‍යානය වෙත පැමිණෙන නරඹන්නන් ප්‍රමාණය සීමා කිරීම සඳහා පැමිණෙන්නන් ඒ සඳහා කලින් වේලාවන් වෙන්කර ගැනීම අනිවාර්ය බව දැනුම් දී තිබේ. ඒ අනුව, 047 3620410 අංකයට ඇමතීම මගින් හෝ 0706988788 අංකයට whatsapp පණිවුඩයක් ලබාදීමෙන් තමන්ට අවශ්‍ය තොරතුරු ලබාගත

FEATURE
on Oct 19, 2021
631 views 0 secs

සිරුරේ සඟවාගෙන ග්‍රෑම් 4,848ක් බර රන් බිස්කට් 48ක් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් පිටකිරීමට උත්සහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 7ක් පමණ වන බවට තහවුරු වී තිබෙනවා.

FEATURE
on Oct 18, 2021
376 views 0 secs

අමෙරිකාවේ නිෂ්පාදිත තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000 ක් කටාර් රාජ්‍යයේ දෝහා නුවර සිට අද (18) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ.

FEATURE
on Oct 18, 2021
323 views 0 secs

ඉන්දියාවේ කුෂිනගර් හි 29 වන ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ලබන බදාදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී විසින් විවෘත කිරීමට නියමිත අතර විවෘත කෙරෙන අවස්ථාවේදී ප්‍රථම ගුවන් යානය ශ්‍රී ලංකාවේ සිට පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

FEATURE
on Oct 18, 2021
424 views 0 secs

ශ්‍රී ලංකාවේ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ බන්දුල වර්ණපුර මහතා කොළඹ පුද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර දී අභාවප්‍රාප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 68 වන වියේ පසුවිය. බන්දුල වර්ණපුර මහතා ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 4කට සහ එක්දින ජාත්‍යන්තර තරඟ 12කට ක්‍රීඩා කර තිබේ.

FEATURE
on Oct 17, 2021
393 views 0 secs

දීර්ඝ සති අන්ත නිවාඩුව තුළ මහජන ඒකරාශීවීම්වලින් වළකින්න ලෙස පොලීසිය මහජනතාවට දැනුම් දෙයි.පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ, පළාත් අතර සංචරණ සීමා උල්ලංඝණය කරන පුද්ගලයින් පරීක්ෂා කිරීමේ කටයුතු ද අඛණ්ඩව ක්‍රියාත්මක බවය. ඒ සඳහා මාර්ග බාධක 158 ක් ස්ථාපිත කර ඇති බවද එතුමා සඳහන් කලා.මේ අතර ගෙවුණු දිනයේ නිරෝධායන ඇඳිරි […]

FEATURE
on Oct 17, 2021
379 views 0 secs

ඌව පරණ ගම හා හාලි ඇල යා කරන අබලන් වූ පාලමක් නිරීක්ෂණය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා ගොස් ඇති අතර එහිදී පාලමේ අබලන් වූ ලෑල්ලක් කැඩී ගොස් මන්ත්‍රීවරයා බිම ඇද වැටී අනතුරට පත්වී ඇති බව වාර්තා වේ…