Home > Articles posted by Admin (Page 265)
FEATURE
on Oct 26, 2021
346 views 0 secs

අද (26) උදෑසන 6.30 ත් 7.00 ත් අතර කාලයේ දී මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයේ කොටිකාවත්ත ප්‍රදේශයේ දී සිදුකළ වෙඩිතැබීමකින් අවුරුදු 42 ක පුද්ගලයෙකු මියගොස් තිබේ. මේ සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය වැඩිදුර විමර්ශව සිදු කරයි.

FEATURE
on Oct 26, 2021
311 views 0 secs

ඊයේ (25) උදෑසන 06.00 සිට අද (26) උදෑසන 06.00 දක්වා වූ පැය 24 ක කාලය තුළ නිරෝධායන රීතින් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය සඳහන් කළේය. මෙලෙස අත්අඩංගුවට ගත් සමස්තය 81,353 බව වාර්තා වේ. බස්නාහිර පළාතේ ස්ථාපිත මාර්ග බාධක වලදී බස්නාහිර පළාතෙන් පිටවන වාහන 542 සහ පුද්ගලයින් 1,088 දෙනෙකු ඊයේ පරීක්ෂාවට […]

FEATURE
on Oct 26, 2021
325 views 0 secs

“අකුරට වැඩ කිරීමේ ව්‍යාපාරයක් ” ලෙස දරුවන්ගේ ඉගැන්විම් කටයුතු සිදුකරමින් සිය වෘත්තීය අරගලය අඛණ්ඩව සිදුකරන බව ලංකා ගුරු සංගමය පවසයි. එම සංගමයේ ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා සඳහන් කළේ සියලු බහුජන සංවිධාන සහ වෘත්තීය සමිති සමග සාකච්ඡා කර මෙම සතිය තුළ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අද (26) දිනයේ තීරණය කරන බවය.

FEATURE
on Oct 25, 2021
341 views 0 secs

අද (25) දිනයේ කොළඹ කොටස් වෙළෙඳපොළේ ගනුදෙනු නිමවීමෙන් අනතුරුව සියලු කොටස් මිල දර්ශකය, ඒකක 10,000 ඉක්මවා වාර්තා විය.. ඒ අනුව අද දිනය නිම වනවිට ASPI දර්ශකය සටහන් වූයේ 10,046.80

FEATURE
on Oct 25, 2021
342 views 0 secs

ඊයේ (24) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති 20/20 ලෝක කුසලාන තරගයේ 5 වැනි පන්දු ඕවරයේදී ශ්‍රී ලංකා වේගපන්දු යවන ළහිරු කුමාර සහ ලිටන් දාස් අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ඔවුන්ට දඩ නියම කර තිබේ. එහිදී දෙදෙනාම ක්‍රීඩාවට නුසුදුසු අයුරින් හැසිරී ඇති බව අයි සී සී ය සිය මාධ්‍ය […]

FEATURE
on Oct 25, 2021
364 views 1 sec

කොවිඩ් වසංගත ව්‍යාප්තිය හේතුවෙන් තාවකාලිකව අත්හිටුවා තිබූ ජාතික හැඳුනුම්පත් නිකුත්කිරීමේ එක්දින සේවාව අද (25) සිට නැවත ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා.බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයෙන් සහ දකුණු පළාත් කාර්යාලය මගින් ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින සේවාව ක්‍රියාත්මක වන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළ අතරඑක්දින සේවාව මඟින් ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා පැමිණීමේදී කලින් දිනයක් සහ […]

FEATURE
on Oct 24, 2021
381 views 0 secs

හෙට (25) සිට බස්නාහිර පළාත තුළ පමණක් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.ගමන්වාර 133ක් හෙට සිට ක්‍රියාත්මක වන අතර දුම්රිය තුළ ගමන් කිරීමට හැකියාව ලැබෙන්නේ දුම්රිය වාර ප්‍රවේශපත්‍ර හිමි පුද්ගලයින්ට පමණක් බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ. හෙට දුම්රිය ධාවනය වන කාල සටහන පහතින්,

FEATURE
on Oct 24, 2021
385 views 0 secs

හෙට (25) සිට දිවයිනේ සියලුම පාසැල්වල ප්‍රාථමික අංශ නැවත විවෘත කරන බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පවසනවා. මේ අතර දරුවා යම් අසනීප තත්ත්වයකින් පසුවන්නේ නම් ඔවුන් පාසල් වෙත එවීමෙන් වළකින ලෙස සෞඛ්‍ය අංශ දෙමාපියන්ට දැනුම්දෙනවා. අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ අදියර 4 ක් යටතේ පාසල් විවෘත කිරීමට සැලසුම් කර ඇති බවයි.

FEATURE
on Oct 22, 2021
338 views 0 secs

ශ්‍රී ලංකා කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධන කණ්ඩායම සමඟ රැදී සිටින අවසන් තරගය අදයි.ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගියදා සඳහන් කළේ මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මූලික වටය තෙක් රැදී සිටින බවයි.මහේල ජයවර්ධන පසුගිය මාස 4ක 5ක පමණ කාලයක් තුළ ජෛව ආරක්ෂිත බුබුලු තුළ අඛණ්ඩව රැදී සිට තිබෙනවා.

FEATURE
on Oct 22, 2021
334 views 2 secs

පසුගිය ජනවාරි මාසයේදී ට්‍රම්ප් ගේ ආධාරකරුවන් විසින් කැපිටෝල් ගොඩනැගිල්ලට බලෙන් ඇතුළුවීමෙන් අනතුරුව ට්‍රම්ප්ගේ Facebook හා Twitter ගිණුම් අත්හිටුවීමට එම සමාගම් තීරණය කළ අතර ඊට ප්‍රතිචාර ලෙස ඔහු නැවත නව සමාජ මාධ්‍ය ජාලයක් අරඹන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.“TRUTH Social” ලෙස මෙම සමාජ මාධ්‍ය ජාලය නම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කලේ.