Home > Articles posted by Admin (Page 268)
FEATURE
on Oct 6, 2021
245 views 0 secs

පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වී තිබෙන මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළදරව් කළයුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. මෙය අතිශය බරපතළ තත්ත්වයක් බවත්, මේ දක්වාත් ආණ්ඩුව ඒ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැති බවත්, මෙම බරපතළ හෙළිදරව්ව පිළිබඳව ආණ්ඩුවේ වගකිවයුත්තන්ගේ නිද්‍රාශීලී පිළිවෙත අතිශයින්ම කනගාටුදායක බවත්, නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේය. නිවේදනය පහතින්.

FEATURE
on Oct 6, 2021
306 views 1 sec

ලෝකයේම වරායවල් 24කට පමණක් ඇතුල් කල හැකි ලොව විශාලතම බහලුම් නෞකාව වන EVER ACE නෞකාව අද (06) කොළඹ වරායට පැමිණ තිබෙනවා.

FEATURE
on Oct 6, 2021
264 views 0 secs

තම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හකුලාගැනීමට කිසිසේත්ම කටයුතු නොකරන බව ප්‍රකාශ කරමින් මෙරට ගුරු දිනය සමරනු ලබන අද (06) දිනයේදී දිවයින පුරා විරෝධතා ක්‍රියාමර්ග සිදුකිරීමට බලාපොරොත්තු වන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසනවා.

FEATURE
on Oct 5, 2021
277 views 0 secs

ඊයේ (04) දිනට තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ 40ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,142ක් දක්වා ඉහළගොස් ඇත.

FEATURE
on Sep 30, 2021
278 views 0 secs

හෙට (01) නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසු ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.එම මාර්ගෝපදේශ මාලාව පහතින්.

FEATURE
on Sep 30, 2021
355 views 0 secs

හෙට (01) සිට නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල විවෘතව තබත්, අවශ්‍ය සේවාවන් ඉටුකර ගැනීම සඳහා, 0112 677 877 යන දුරකථන අංකය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

FEATURE
on Sep 30, 2021
275 views 0 secs

රට විවෘත කළද අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කළ හොත් කණ්ඩායම් වශයෙන් විනෝද චාරිකා සහ විනෝද ගමන්, වන්දනා ගමන් ආදී කටයුතු වල නිරත වුවහොත්, කොවිඩ් වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසනවා.

FEATURE
on Sep 30, 2021
245 views 0 secs

ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරඟයෙන් ජය ගැනීමට ෆුමියෝ කිශිඩා සමත්වී තිබෙනවා. ඒ අනුව ජපානයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු පත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන යෝෂිහිඩේ සුගා වසරක පමණ කාලයක් ධූරය දැරීමෙන් පසු ඉන් ඉවත්වන බව මීට සති කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කර තිබුණා.

FEATURE
on Sep 29, 2021
266 views 0 secs

ඔක්තෝබර් මස 01 වනදා උදෑසන 4.00ට දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එයට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.

FEATURE
on Sep 28, 2021
292 views 1 sec

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය. ඌව සහ […]