Home > Articles posted by Admin (Page 270)
FEATURE
on Sep 27, 2021
333 views 0 secs

කිරිපිටි, ගෑස්, තිරිඟුපිටි සහ සිමෙන්ති මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් රජයෙන් ඉල්ලීමක් කර තිබු අතර ඒ සම්බන්ධයෙන් පසුගියදා පැවති ජීවන වියදම් පිළිබඳ අමාත්‍ය අනුකාරක සභාවේ දී අවධානය යොමු කර තිබුණා. කෙසේ නමුත් අද (27) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ගැනීමට නියමිතයි.

FEATURE
on Sep 26, 2021
322 views 0 secs

හෙට (27) සිට බස්නාහිර පළාතේ සියලුම මූලික රෝහල්, දිස්ත්‍රික් රෝහල්, මහ රෝහල් සහ ශික්ෂණ රෝහල් තුළදී සංකූලතා සහිත වයස අවුරුදු 12-19 අතර දරුවන් සඳහා කොවිඩ් මර්දන ෆයිසර් එන්නත් ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිත බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ සභාපති, මහාචාර්ය ශාමන් රජින්ද්‍රජිත් සඳහන් කළේ. මේ අතර දිවයිනේ සෙසු පළාත්වලටත් කඩිනමින් මෙම එන්නත්කරණ ක්‍රියාවලිය සිදුවෙන […]

FEATURE
on Sep 25, 2021
327 views 0 secs

ඊයේ (24) දිනයේදී නිරෝධායන නීතිය කඩ කළ පුද්ගලයින් 334 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ අනුව මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම් යටතේ අත්අඩංගුවට ගත් සම්පූර්ණ පුද්ගලයින් සංඛ්‍යාව 77,877ක් වනවා.

FEATURE
on Sep 25, 2021
321 views 0 secs

ඉන්දියාවේ නවදිල්ලියේ අධිකරණයක් තුළදී ජිටේන්ද්‍ර මාන් ගෝගි නම් එම අපරාධ කල්ලි සාමාජිකයාට නීතිඥයින් ලෙස වෙස්වලාගෙන ආ දෙදෙනෙක් විසින් වෙඩිතබා තිබුණි.පොලීසිය විසින් ඔවුන් දෙදෙනාට වෙඩිතබා ඝාතනය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසීය.

FEATURE
on Sep 25, 2021
308 views 0 secs

ඊයේ (23) දිනට තවත් කොවිඩ් මරණ 82ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. තහවුරු කර ඇති එම මරණ 82ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,530ක් දක්වා ඉහළගොස් ඇත. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,332ක් සමඟ කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 511,372ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම අද […]

FEATURE
on Sep 24, 2021
330 views 0 secs

මේ වනවිට 2020 අධ්‍යයන පොදු සහතික සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් කර තිබේ. විභාග දෙපාර්තමේන්තුවේ ව්ව්ව්.ඩෝනෙට්ස්.ල්ක් නිල වෙබ් අඩවියට පිවිසීමෙන් ප්‍රතිඵල ලබාගත හැකිය.

FEATURE
on Sep 23, 2021
328 views 0 secs

සමගි ජන බලවේග මහ ලේකම්වරයා විසින් සහ මන්ත්‍රී මනුෂ නානායක්කාර මන්ත්‍රීවරයා විසින් අජිත් නිවාඩ් කබ්රාල් මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීම බලරහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සම් 02 ක් ඉදිරිපත් කර තිබෙනවා.

FEATURE
on Sep 23, 2021
312 views 0 secs

කොවිඩ් -19 ආසාදිතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි ඒලියන්ත වයිට් මහතා ඊයේ (22) අභාවප්‍රාප්ත විය. ඔහු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික වෛද්‍යවරයා ලෙසද සේවය කළේය.

FEATURE
on Sep 22, 2021
361 views 0 secs

පාරිභෝගික අධිකාරියේ විධායක අධ්‍යක්ෂක, තුෂාන් ගුණවර්ධන සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් සමූපාකාර, සේවා අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය විෂය භාර රාජ්‍ය අමාත්‍යවරයා විසින් පිළිගෙන ඇති බවයි.

FEATURE
on Sep 22, 2021
309 views 0 secs

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය අද (22) පැවැත්වීමට නියමිතව තිබෙනවා. පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මෙම සතිය සඳහා අද දිනයේ පමණක් පාර්ලිමේන්තුව රැස්වන අතර විශේෂ පාර්ලිමේන්තු රැස්වීම් දිනයක් ලෙස නැවත පාර්ලිමේන්තුව ඔක්තෝබර් 04 වන දින රැස්වීමට නියමිතයි.