හෙට (01) සිට නාරාහේන්පිට සහ වේරහැර පිහිටි මෝටර්රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යාල විවෘතව තබත්, අවශ්‍ය සේවාවන් ඉටුකර ගැනීම සඳහා, 0112 677 877 යන දුරකථන අංකය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කර ගත යුතු බවත් එම දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
රට විවෘත කළද අන්තර් පළාත් සංචරණ සීමා ඉවත් කළ හොත් කණ්ඩායම් වශයෙන් විනෝද චාරිකා සහ විනෝද ගමන්, වන්දනා ගමන් ආදී කටයුතු වල නිරත වුවහොත්, කොවිඩ් වෛරසය සමාජය තුළ සම්ප්‍රේෂණය වීමේ වැඩි ඉඩක් තවමත් ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසනවා.
ජපානයේ පාලක ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයේ නායකත්වය සඳහා පැවති තරඟයෙන් ජය ගැනීමට ෆුමියෝ කිශිඩා සමත්වී තිබෙනවා. ඒ අනුව ජපානයේ මීළඟ අග්‍රාමාත්‍යවරයා ලෙස ඔහු පත්වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජපාන අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කරන යෝෂිහිඩේ සුගා වසරක පමණ කාලයක් ධූරය දැරීමෙන් පසු ඉන් ඉවත්වන බව මීට සති කිහිපයකට පෙර ප්‍රකාශයට පත් කර තිබුණා.
ඔක්තෝබර් මස 01 වනදා උදෑසන 4.00ට දිවයින පුරා දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කිරීමට ජනාධිපතිවරයා උපදෙස් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. එයට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළා.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (28) දිනයේ විටින් විට වැසි හෝ ගිගුරුම් වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ, සබරගමුව පළාතෙත් මහනුවර, නුවරඑළිය, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ද ඇතිවිය හැකි බවය. ඌව සහ […]
Arimac සමාගම විසින් ශ්‍රී ලංකාවේ නිර්මාණය කරන ලද ලංකා ඉතිහාසයේ විශාලම පරිගණක ක්‍රීඩාව ලෙස සැළකෙන” NERO” ඊයේ (26) එළිදක්වනු ලැබුවා. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ස්නයිපර්වරයෙක් ලෙස කටයුතු කළ කෝප්‍රල් රංජිත් මඩලන හෙවත් නීරෝ යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන චරිතය පාදක කර ගනිමින් මෙම පරිගණක ක්‍රීඩාව නිර්මාණය කර තිබෙනවා. ඉදිරි අවුරුදු 3ක කාලය තුළ නීරෝ පරිගණක ක්‍රීඩාව […]
ඉදිරි මාසයක් සඳහා ඉන්ධන සංචිතයක් රට තුළ ඇති බවත් ඉදිරි මාස කීපයක සඳහා ඉන්ධන මිලදී ගැනීමට විදේශ සැපයුම්කරුවන් සමඟ ගිවිසුම්ගතව ඇති බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ ප්‍රකාශ කර සිටිනවා. ඇඳිරිනීතියත් සමඟ ඉන්ධන පරිභෝජනය පහත වැටීම නිසා රට තුළ තිබෙන ඉන්ධන ප්‍රමාණය තවත් වැඩි විය හැකි බවත්, ලංකා ඛනිජ තෙල් සංස්ථාව […]
අද අලුයම 2.10ට පමණ කටාර් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් අද (27) අලුයම දිවයිනට රැගෙනවිත් තිබේ. එම එන්නත් තොගය නාරාහේන්පිට ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය වෙත භාරදී තිබේ.
ජනාධිපතිවරයා ඔක්තෝම්බර් 01 දා සිට නැවත රට විවෘත කිරීම සැලසුම් කරන ලෙස උපදෙස් දුන් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි සෑම අංශයක්ම තමන්ගේම සැලසුම් සකස් කිරීමේ නිරතව සිටින බව ඔහු සඳහන් කළේය. මේ අතර රජයේ සේවකයින් සේවයට වාර්තා කිරීම සඳහා වන ක්‍රියා පටිපාටි පිළිබඳ සාකච්ඡා අද (27) සිදු කරන බව […]
ඇෆ්ගනිස්තානයේ හෙල්මන්ඩ් ප්‍රාන්තයේ ජනතාව සඳහා විවිධ මෝස්තර අනුව කොණ්ඩය සහ රැවුල කැපීම තලෙබාන් සංවිධානය විසින් තහනම් කර තිබෙන අතර එම නීතිය උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකුට දඩුවම් ලබාදෙන බව තලෙබාන් සංවිධානය දැනුම් දී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. එසේම මේ සම්බන්ධයෙන් වන නීතිය කාබුල් අගනුවර කොණ්ඩා කපන ස්ථානවලටද තලෙබාන් සංවිධානය විසින් දැනුම්දී තිබෙනවා.
