Home > Articles posted by Admin (Page 271)
FEATURE
on Sep 22, 2021
371 views 0 secs

සැප්තැම්බර් මස 15 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරයෙකු වන ජේ.ජී.ආර් කරුණාරත්න මහතා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස පත්කර තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලයේ ලේකම්වරයා ලෙස එහි සහකාර අධිපතිවරියක වන කේ.එම්.ඒ දවුලගල කටයුතු කරමින් සිටියා.

FEATURE
on Sep 21, 2021
379 views 0 secs

පවතින කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් පාර්ලිමේන්තුව අද (21) සහ හෙට (22) දෙදින පමණක් රැස්වන බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. ඒ අනුව, අද උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වන අතර පෙ.ව. 11.00 දක්වා මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර ඇති බව වාර්තා වේ. ඉන් අනතුරුව සුරාබදු ආඥා පනත යටතේ නිවේදනයක්, වරාය සහ ගුවන්තොටුපොළ සංවර්ධන […]

FEATURE
on Sep 20, 2021
349 views 0 secs

ඊයේ (19) දිනට කොවිඩ් මරණ 93ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඒ සමඟ මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,218ක් දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අංශ පවසති. අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 1,509කි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 506,000ක් දක්වා ඉහළගොස් තිබේ. එමෙන්ම අද දිනය […]

FEATURE
on Sep 20, 2021
378 views 0 secs

සිය දීර්ඝ කාලීන සිරදඬුවම් ලිහිල් කරන ලෙස ඉල්ලමින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් 10 දෙනෙකු වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත නැග උපවාසයක් ආරම්භ කර තිබෙනවා.

FEATURE
on Sep 20, 2021
483 views 0 secs

ඊයේ (19) පැවති මිස් ටීන් බොට්ස්වානා ඉන්ටනැෂනල් 2021 කිරුළ දිනා ගැනීමට ශ්‍රී ලාංකික යෞවනියක් වන ගිම්හානි පෙරේරා සමත් වී තිබෙනවා. මෙම තරඟය සඳහා ඇය බොස්ට්වානා රාජ්‍යයේ “පිළික්වේ පළාත” නියෝජනය කරමින් එක්වී ඇති බවයි මාධ්‍ය වාර්තා කළේ. බොස්ට්වානා නියෝජනය කරමින් ඉන්දියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර යෞවන රූපසුන්දරිය තේරීමේ තරඟයකට තමා සුදුසුකම් ලබන බවයි ඇය සඳහන් කළේ.

FEATURE
on Sep 20, 2021
325 views 0 secs

තමන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තුළ විනය පරීක්ෂණයක් සිදුනොකරන බව පක්ෂ නායකත්වය තහවුරු කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පවසයි. අමාත්‍ය සරත් වීරසේකර මහතා කර තිබූ ප්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් මන්ත්‍රීවරයා අද (20) මේ බව සඳහන් කළේය. වැඩිදුරටත් අදහස් දැක්වු ජගත් කුමාර මහතා, පාදුක්ක සංවර්ධන කමිටුවේ සභාපති කමෙන් ඉවත් වුණාට එක් එක් පුද්ගලයන් විවිධ […]

FEATURE
on Sep 20, 2021
346 views 0 secs

ඊයේ (19) රාත්‍රී 10.00ට පමණ පවුල් ආරවුලක් දුරදිගයාමෙන් ඇති වූ ගැටුමක් අතරතුර සිදුකළ වෙඩිතැබීමකින් වීරකැටිය, ගජනායකගම ප්‍රදේශයේ දී 14 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ. දරුවා බරපතළ තුවාල ලබා වීරකැටිය රෝහලට ඇතුළත්කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඔහු මියගොස් ඇති බව වාර්තා වේ. කෙසේවෙතත් වෙඩිතැබීම සිදුකළ පුද්ගලයා කවුරුන්ද යන්න පිළිබඳව මෙතෙක් තොරතුරු […]

FEATURE
on Sep 20, 2021
325 views 0 secs

1990 වර්ෂයේ සිට ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගෙන සිටි තලෙබාන් සංවිධානය කාන්තාවන් හට වෘත්තීය රැකියාවක් සහ අධ්‍යාපනය හැදැරීමේ අයිතිය තහනම් කර තිබුණි. නමුත් අන්තර්ජාතික හමුදා තලෙබාන්වරු පළවාහැර එරට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමෙන් අනතුරුව කාන්තාවන් සමාජය තුළ නිදහස භුක්ති විඳින ආකාරය දැකගත හැකි විය. කෙසේවෙතත් අමෙරිකානු හමුදා එරටෙන් ඉවත්වීමෙන් පසු යළිත් වරක් ඇෆ්ගනිස්තානයේ බලය අත්පත් කරගත් තලෙබාන් සංවිධානය […]

FEATURE
on Sep 20, 2021
311 views 0 secs

ඉතාලියේ නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දිවයිනට පැමිණ තිබේ.ඉතාලියේ පැවති ජී -20 අන්තර් ආගමික සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ දූත පිරිස පසුගිය 10 වැනිදා ඉතාලිය බලා පිටත්ව ගොස් තිබු අතර අද (20) අලුයම 12.01ට සිංගප්පූරුවේ සිට පැමිණි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගුවන් යානයකින් 7 අග්‍රාමාත්‍යවරයා කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ […]

FEATURE
on Sep 19, 2021
333 views 0 secs

ඊයේ (18) දිනට කොවිඩ් මරණ 103ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. එම මරණ 103ත් සමඟ මෙරට සිදුව ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 12,125ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (19) දිනයේ සමස්ත ආසාදිතයන් ගණන 1,733කි. ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 504,491ක් දක්වා ඉහළගොස් තිබේ. මේ අතර අද දිනය […]