Home > Articles posted by Admin (Page 263)
FEATURE
on Oct 31, 2021
308 views 0 secs

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අද වතිකානුවේදී ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හමුවී පැයක පමණ සාකච්ඡාවක් පවත්වා ඉන්දියාවට පැමිණෙන ලෙස ආරාධනා කළේය. අගමැති මෝදි සහ පාප් වහන්සේ අතර හමුව නියමිතව තිබුණේ විනාඩි 20කට පමණක් වන අතර එය පැයකට ආසන්න කාලයක් පැවැත්විණි.

FEATURE
on Oct 31, 2021
290 views 0 secs

ගෙවුණු පය 24 තුල ඇතිවූ වැසි තත්වය නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 477ක් ආපදාවට ලක් වී ඇති බව බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය පවසයි. ඊයේ වැඩිම වර්ශාපතනය නොරච්චෝලෙන් වාර්තා වන අතර එය මිලිමීටර් 215.4ක් වශයෙන් වාර්තා සටහන් වේ. මෙයින් ඇල්ල, හැලි ඇල, බදුල්ල සහ වැලිමඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට දැඩි බලපෑම් ඇති වී ඇත.

FEATURE
on Oct 30, 2021
328 views 0 secs

ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි වටයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගය සාජා හිදී අද(30) පස්වරු 3.30ට පැවැත්වීමට නියමිතය. සුපිරි වටයේ පළමු කාණ්ඩය යටතේ තරගවදින ශ්‍රී ලංකාව මේ දක්වා තරග දෙකකට සහභාගී වී ඉන් එක් තරගයක් ජයගෙන ලකුණු සටහනේ සිව්වන ස්ථානයේද, දකුණු අප්‍රිකානු කණ්ඩායම සහභාගී වූ තරග දෙකෙන් එක් තරගයක් ජයගෙන […]

FEATURE
on Oct 30, 2021
292 views 0 secs

අමෙරිකානු ජනාධිපති බයිඩ්න් සහ ප්‍රංශ ජනාධිපතිවරයා අතර පැවති හමුවකදී බ්‍රිතාන්‍ය, අමෙරිකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඇතිවූ ආරක්ෂක ගිවිසුම හේතුවෙන් තම රටට බිලියන ගණනක මුදලක් අහිමි වූ බව ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් ප්‍රකාශ කර සිටියා. රෝමයේ විලා බොනපාට්හි පිහිටි ප්‍රංශයේ වතිකානු තානාපති කාර්යාලයේ මෙම හමුව සිදුවූ අතර ඕස්ට්‍රේලියාවට න්‍යෂ්ටික බලයෙන් ක්‍රියා කරන සබ්මැරීන නිෂ්පාදනය කිරීමට ගිවිසුම්ගතවීමෙන් පසු […]

FEATURE
on Oct 30, 2021
253 views 0 secs

ඒ ලොව පුරා පසුගිය පැය 24 තුළ වාර්තා වූ මරණ 4,141ක් සමගින් ගෝලීය කොවිඩ් මරණ සංඛ්‍යාව 5,000,106ක් ලෙස දැක්වේ.

FEATURE
on Oct 29, 2021
241 views 0 secs

අද (29) පෙරවරුවේ කොවිඩ් මර්දන කමිටුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අතර එහිදී දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 දින අළුයම 4.00න් පසුව ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා. එමෙන්ම විශ්ව විද්‍යාල පළමු වසර සිසුන්ගේ අධ්‍යයන කටයුතු කඩිනමින් ආරම්භ කිරීමට කටයුතු කරන ලෙසද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ. […]

FEATURE
on Oct 29, 2021
278 views 2 secs

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අද (29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් 2020 උසස් පෙළ විභාගයෙන් සරසවි ප්‍රවේශයට අදාළ Z-Score ලකුණු අද සවස නිකුත් කර ඇති බව ප්‍රකාශ කර සිටියා. admission.ugc.ac.lk යන ලිපිනයට පිවිස තමන්ගේ ප්‍රතිඵල දැනගත හැකි බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

FEATURE
on Oct 28, 2021
279 views 0 secs

අද (28) දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 540ක් වන අතර කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 538,860කි.

FEATURE
on Oct 28, 2021
288 views 0 secs

ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පැවති විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 12 වටයේ තරගයෙන් කඩුලු 7ක ජයක් වාර්තා කිරීමට ඔස්ට්‍රේලියාව සමත් විය. තරගයේ ජයග්‍රහණය ට අවශ්‍යව තිබූ ලකුණු 155 පන්දු ඕවර 17කදි කඩුලු 3ක් පමණක් දැවී ලබා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම ට හැකියාව ලැබුණි. පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පන්දු ඕවර 20දී කඩුලු […]

FEATURE
on Oct 28, 2021
245 views 0 secs

දැනට පාර්ලිමේන්තුව නියෝජනය නොකරන සියලුම පක්ෂ නොවැම්බර් 11 වැනිදා වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක්වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් සහ පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.ඔහු මේ අදහස් පළ කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් සමඟ කොළඹ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින්.