Home > Articles posted by Admin (Page 260)
FEATURE
on Nov 8, 2021
590 views 0 secs

අධික වර්ෂාපතනය හේතුවෙන් දිස්ත්‍රික්ක 10ක නායයෑමේ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම් දීර්ඝ කර තිබෙනවා.ගාල්ල, කළුතර, කෑගල්ල, කුරුණෑගල, රත්නපුර, බදුල්ල, කොළඹ, මහනුවර, මාතලේ හා නුවරඑළිය ප්‍රදේශවලට මෙලෙස නායයෑමේ පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීම කර තිබේ. එමෙන්ම, කැලණි, ගිං, නිල්වලා ඇතුළු ගංගා කිහිපයක් පිටාර මට්ටම ට පැමිණ ඇති බැවින් පහත් බිම්වල ජනතාව නිරන්තර සැලකිල්ලෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට […]

FEATURE
on Nov 8, 2021
229 views 0 secs

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා ශ්‍රී ලංකාවේ දෙදින නිල සංචාරයක් සඳහා අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ළඟා විය. ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් මාලදිවයින ජනාධිපතිවරයාව පිලිගෙන ඇති අතර ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රකාශ කලේ අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන පළමු සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ සමාරම්භක උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වීමට ඔහු පැමිණි […]

FEATURE
on Nov 8, 2021
193 views 0 secs

සීමාවන්ට යටත්ව උපකාරක පන්ති යළි ආරම්භ කිරීමට දෙසතියකින් අවසර ලබාදිය හැකි බව රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා ඇසූ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය ප්‍රේමජයන්ත මහතා පැවසුවේ, සෞඛ්‍ය බලධාරීන් කොළ එළිය නොදක්වන්නේ නම් උපකාරක පන්ති සති දෙකක් ඇතුළත නැවත ආරම්භ කිරීමට ඉඩ ලබා දෙන බවයි. සති දෙකකින් […]

FEATURE
on Nov 8, 2021
212 views 0 secs

බන්ධනාගාරවල සිටින රැඳවියන් බැලීමට අමුත්තන්ට සතියකට දෙවරක් අවසර දෙන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව අද ප්‍රකාශ කළේය.බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක කියා සිටියේ කොවිඩ් 19 හේතුවෙන් මීට පෙර අමුත්තන්ට සහ ඥාතීන්ට රැඳවියන් බැලීමට සතියකට වරක් පමණක් අවසර ලබාදුන් බවයි.මේ අතර සැකකරුවන්ට සතියකට අවශ්‍ය ආහාර සහ සනීපාරක්ෂක ද්‍රව්‍ය බන්ධනාගාර ආපනශාලාවෙන් ලබා ගැනීමට ලබාදී තිබූ අවස්ථාව තවදුරටත් ක්‍රියාත්මකයි.

FEATURE
on Nov 8, 2021
245 views 0 secs

ඉරාක අග්‍රාමාත්‍ය මුස්තාෆා අල් කදිමි ඝාතනය කිරීමට ගත් උත්සහයක් ව්‍යාර්ථ වී තිබෙනවා.බැග්ඩෑග් අගනුවර පිහිටි අග්‍රාමාත්‍යවරයාගේ නිවසට පුපුරණ ද්‍රව්‍ය සහිත ඩ්‍රෝනයානයක් යවමින් ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රහාරකයින් උත්සහ දරා ඇති අතර එම මොහොතේ අග්‍රාමාත්‍යවරයා නිවසේ සිට නොමැති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් අදාළ ප්‍රහාරයෙන් ඉරාක අග්‍රාමාත්‍යවරයාගේ ආරක්ෂක අංශ සාමාජිකයින් 06 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය […]

FEATURE
on Nov 8, 2021
241 views 0 secs

දැඩි සංචරණ සීමා ලිහිල් කරමින් වසර එක හමාරකට පසුව අද (08) සිට විදේශීය සංචාරකයන්ට සිය දේශසීමා විවෘත කිරීමට අමෙරිකාව තීරණය කර තිබේ. බලධාරීන් පවසන්නේ විශාල සංචාරකයින් පිරිසක් රට තුළට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බවය. ඒ අනුව, එක්සත් රාජධානිය, චීනය, ඉන්දියාව, දකුණු අප්‍රිකාව ඉරානය, බ්‍රසීලය සහ යුරෝපීය රටවල් ඇතුළු රටවල් 33ක සිට පැමිණෙන පූර්ණ එන්නත්කරණයට ලක්වූ […]

FEATURE
on Nov 6, 2021
217 views 0 secs

ඊයේ දිනට (05) තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.අද දින (06) කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 339 දෙනෙකු පූර්ණ සුවය ලබා ඇති අතර කොවිඩ් ආසාදිතයින් 617ක් අද දින තුළ අලුතෙන් හඳුනාගෙන තිබේ. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,841කි.සුවය ලැබූ සමස්ත […]

FEATURE
on Nov 6, 2021
285 views 0 secs

අංක 7 දරණ විශේෂ ජනාධිපති කොමිෂන් සභා පනතේ දෙවන වගන්තියේ විධිවිධාන අනුව මෙම වසරේ ජනවාරි මස 28 වනදා විශේෂ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවක් පිහිටුවනු ලැබූ අතර එය සාමාජිකයින් තිදෙනෙකුගෙන් සමන්විත වේ.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ප්‍රියන්ත සමරකෝන් සහ ඛේමා කුමුදුනි වික්‍රමසිංහ මෙන්ම අභියාචනාධිකරණ විනිසුරු ආර්.එම්. සෝභිත රාජකරුණා යන මහත්ම මහත්මීන් මෙම කොමිෂන් සභාවේ සාමාජිකයින් විය. මෙම කොමිෂන් […]

FEATURE
on Nov 6, 2021
221 views 0 secs

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි සතොස මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීමේදී තවත් භාණ්ඩ මිලදී ගැනීමට පනවා තිබූ කොන්දේසි ඉවත් කර තිබේ.

FEATURE
on Nov 5, 2021
224 views 0 secs

බස්නාහිර ,සබරගමුව ,ඌව ,මධ්‍යම සහ වයඹ පළාත් හා ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථානය වලට මි.මි 75 පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව හා ජනතාව මෙම කාලගුණය නිසා ඇතිවිය හැකි අනතුරු වලින් ආරක්ෂා වී සිටින ලෙස දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.