Home > Articles posted by Admin (Page 257)
FEATURE
on Nov 19, 2021
351 views 0 secs

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව මගින් පැවැත්වෙන රියදුරු බලපත්‍ර ලබා ගැනිම සදහා වන ලිඛිත පරික්ෂණවලට අදාළ ලිඛිත පරික්ෂණ විභාග දෙපාර්තමේන්තුව මගින් පැවැත්වීමටයි සැලසුම් කර තිබෙන්නේ. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සුමිත් අලහකෝන් වැඩිදුරටත් සඳහන් කළේ අයදුම්කරුවන්ට තමා අයත් ප්‍රදේශය තුළම රියදුරු බලපත්‍ර ලබාගැනිමේ ලිඛිත පරික්ෂණ වලට සහභාගීවිමේ අවස්ථාව හිමිවන බවයි.

FEATURE
on Nov 17, 2021
602 views 0 secs

පසුගියදා පැවති දීපාවලි උත්සවයෙන් අනතුරුව නවදිල්ලි නගරය විෂ දුමාරයෙන් වැසී වායු දූශණය ඉහල යාම නිසා පාසල් සහ අධ්‍යාපන ආයතන නැවත දැනුම්දෙන තුරු වසා දැමීමට බලධාරීන් කටයුතු කර තිබේ. ලොව වායු දූෂණය වැඩිම නගරය වන නවදිල්ලියේ ගල්අඟුරු බලාගාර 11න් 5කට පමණක් ක්‍රියාත්මක කිරීමට අවසර දී ඇති අතර ඉදිකිරීම් කටයුතු නොවැම්බර් 21 වනදා තෙක් තහනම් කර ඇත […]

FEATURE
on Nov 17, 2021
332 views 0 secs

උගන්ඩා කම්පාලා අගනුවර මරාගෙන මැරෙන ප්‍රහාර කිහිපයක් එල්ලකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. යතුරුපැදි වලින් පැමිණි බෝම්බකරුවන් එරට පාර්ලිමේන්තුව සහ පොලිස් මූලස්ථානය අසලදී පුපුරුවාගෙන තිබූ අතර ඉන් පුද්ගලයින් තිදෙනෙක් මියගොස් තවත් 30කට ආසන්න පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා විය.

FEATURE
on Nov 17, 2021
433 views 0 secs

පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් නාය යෑමේ අවදානමක් හේතුවෙන් වසා දැමූ කොළඹ- මහනුවර ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අද (17) දහවල් 12.00 න් පසුව විවෘත කරන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසනවා.

FEATURE
on Nov 17, 2021
353 views 0 secs

ශ්‍රී ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ සභාපති මොහොමඩ් උවයිස් ප්‍රකාශ කරන්නේ මෙරටට ප්‍රමාණවත් ඉන්ධන තොග පවතින බවයි.ඒ අනුව ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි ඔහු පෙන්වා දෙන්නේ.මේ අවස්ථාවේ ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක් ගොඩබාමින් සිටින බවත් හෙට (18) දිනයේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 36,000ක් පැමිණෙන බවයි ඔහු සඳහන් කළේ.මීට අමතරව ලබන 19 වනදා තවත් ඩීසල් මෙට්‍රික් ටොන් […]

FEATURE
on Nov 17, 2021
299 views 1 sec

අද (17) දිනයේ උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ. ඇතැම් ස්ථානවලට මි.මී. 75ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවය.දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන […]

FEATURE
on Nov 17, 2021
333 views 1 sec

නව ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන ලෙස විපක්ෂ නායක සහ SJB නායක සජිත් ප්‍රේමදාස ජනතාවගෙන් ඉල්ලීමක් කළා. මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ සිට ගාලුමුවදොර දෙසට පා ගමනින් පැමිණි ජනතාව අමතමින් ඔහු පැවසුවේ “මේ වන විට ඔබ මුහුණ දෙන බරපතළ ප්‍රශ්න සියල්ල විසඳන සැබෑ ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට සූදානම් වන්න. “ජාතිය ගොඩනැගීමට, ජනතාව මුහුණ දෙන ප්‍රශ්න විසඳීමට […]

FEATURE
on Nov 17, 2021
319 views 0 secs

අද (17) සිට බූස්ටර් එන්නත් මාත්‍රාව වයස අවුරුදු 60 ඉක්මවූ පුද්ගලයින් සඳහා ලබාදීම ආරම්භ වෙයි.සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ ෆයිසර් කොවිඩ් මර්දන එන්නත බුස්ටර් එන්නත් මාත්‍රාව ලෙස ලබාදීමට නියමිත බව ය. බූස්ටර් එන්නත් මාත්‍රාව ලබාගැනීමේදී ඔවුන් දෙවන මාත්‍රාව ලබාගෙන මාස 3 ක කාලයක් සම්පූර්ණ කර තිබිය යුතු බව චන්න ජයසුමන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

FEATURE
on Nov 16, 2021
332 views 0 secs

අද (16) පෙරවරුවේ දෙවන දිනටත් ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.ඊයේ (15) පෙරවරුවේ මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර, එහිදී පැය අටකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් […]

FEATURE
on Nov 16, 2021
363 views 0 secs

දිවයින පුරා බොහෝ ප්‍රදේශවල ජනතාවඉන්ධන හිඟයක් ඇතිවේ යැයි බියෙන් ජනතාව ඉන්ධන ලබා ගැනීමට දිගු පොලිම්වල සිටින බව වාර්තා වනවා. ඊයේ (15) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි දින 50 ක කාලයක් සඳහා සපුගස්කන්ද බොරතෙල් පිරිපහදුවේ කටයුතු අත්හිටුවීමට තීරණය කළා. ඒ විදේශ විනිමය කලමණාකරනය කරගැනීමේ පියවරක් ලෙසයි. කෙසේ නමුත් ඊයේ (15) බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ, […]