Home > Articles posted by Admin (Page 259)
FEATURE
on Nov 14, 2021
361 views 0 secs

සිය කුලුඳුල් 20යි විස්ස ලෝක කුසලාන කිරුළ දිනා ගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද (14) සමත් විය. කාසියේ වාසිය දිනාගැනීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ නායකයා සමත් වූ අතර ඔහු තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව නවසීලන්ත කණ්ඩායම ලබාදීමටය. නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවී ලකුණු 172ක් රැස් කළේය. පිළිතුරු ඉනිම ක්‍රිඩා කළ ඔස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 2ක් […]

FEATURE
on Nov 14, 2021
353 views 0 secs

මාරාන්තික විෂ සහිත ගෝනුස්සන් දෂ්ට කිරීම හේතුවෙන් ඊජිප්තුවේ අස්වාන් නගරයේ පුද්ගලයින් තිදෙනෙක් මියගොස් ඇති අතර ගෝනුස්සන් දෂ්ට කිරීම් හේතුවෙන් තවත් 450 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි. අධික වැසි සහිත අහයපත් කාලගුණය හේතුවෙන් ගෝනුස්සන් නගරයේ වීදිවලට ගසාගෙන ගොස් තිබීම මෙම තත්ත්වයට හේතුවී තිබේ.

FEATURE
on Nov 14, 2021
323 views 0 secs

ගුවන් සේවා ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි පළපුරුද්දක් ඇති විශේෂඥයෙකු හා බොහෝ ප්‍රමුඛ ගුවන් සේවා සහ ආයතන කිහිපයකම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ තනතුරු හෙබවූ රිචඩ් නට්ල් මහතා ශ්‍රී ලංකන් ගුවන් සමාගම සිය නව ප්‍රධාන වාණිජ නිලධාරී ලෙස පත්කර තිබේ. ගුවන් සේවා කළමනාකරණය, වර්ධනය, උපාය මාර්ග සංවර්ධනය, ඩිජිටල් උපාය මාර්ග, උපදේශනය, ගෝලීය නායකත්වය, ආදායම් කළමනාකරණය, ජාල සැලසුම්කරණය, ගුවන් සේවා […]

FEATURE
on Nov 14, 2021
328 views 0 secs

මන්නාරම ප්‍රාදේශීය සභාවේ සභාපති සාවුල් හමීඩ් මොහොමඩ් මුජාහීර් නිලබලය අනිසි ලෙස සහ වැරදි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමලත් අධිකරණ නිළධාරී කන්දයියා අරියනායගම් පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව අනුව සභාපතිවරයාව සභාපති ධූරයෙන් සහ සාමාජිකත්වයෙන් ඉවත් කිරීමට උතුරු පළාත් හිටපු ආණ්ඩුකාරවරිය කටයුතු කළා. මෙලෙස හිටපු ආණ්ඩුකාරවරිය නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කිරීමට උතුරු පළාත් නව ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා […]

FEATURE
on Nov 14, 2021
343 views 0 secs

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළ අන්දමට වයඹ, මධ්‍යම, උතුරු සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව ප්‍රකාශ කරයි. ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේත් තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර දිවයින හරහා විටින් විට හමන පැ.කි.මි. (40-50) පමණ තද […]

FEATURE
on Nov 14, 2021
352 views 0 secs

ගොඩකවෙල, කොස්වැටිය ප්‍රදේශයේ ගල්වැඩපොළක ගලක් පෙරළීමෙන් 28 හැවිරිදි පල්ලේබැද්ද ප්‍රදේශයේ තරුණයෙකු මියගොස් තිබේ. ඊයේ(13) දහවල් කාලයේ පෙරළුණු ගලට යට වූ පුද්ගලයා බරපතල තත්ත්වයෙන් පල්ලේබැද්ද රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බවයි පොලිසිය සඳහන් කළේ ය.

FEATURE
on Nov 14, 2021
366 views 0 secs

තවත් මාස 6ක් 7ක් යනතුරු වාහන ආනයනයට කඩිනමින් වෙළෙඳපොළ විවෘත නොවන බව මුදල් අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කර සිටී.

FEATURE
on Nov 14, 2021
361 views 0 secs

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පාසැල්වල අධ්‍යන කටයුතු සඳහා එල්ල වූ බාධා සැලකිල්ලට ගනිමින්මෙවර ශිෂ්‍යත්වය, උසස් පෙළ සහ සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න පත්‍ර සැකසීමේදී යම් සංශෝධනයක් සිදු කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ පාසැල් කටයුතු පිළිබඳ අතිරේක ලේකම් එල් එම් ඩී ධර්මසේන සඳහන් කළේ, ඊට අදාළ චක්‍රලේඛයක් ඉදිරියේදී නිකුත් කරන බවයි.

FEATURE
on Nov 13, 2021
382 views 0 secs

37 හැවිරිදි ඩැනී ෆෙන්ස්ටර් නම් වූ අමෙරිකානු මාධ්‍යවේදියා මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය විවේචනය කළ වෙබ් අඩවියක සේවයේ නිරතවී සිටි අතර මියන්මාර හමුදා අධිකරණයක් ඔහුට වසර 11ක සිරදඬුවමක් නියම කර තිබේ. සංක්‍රමණ නීති කඩකිරීම, නීතිවිරෝධී හැසිරීම් සහ හමුදා පාලනයට එරෙහිව අදහස් දැක්වීම ඔහුට එල්ලවී ඇති චෝදනාය.

FEATURE
on Nov 13, 2021
486 views 0 secs

ශ්‍රී ලාංකිය සංගීත ක්ෂේත්‍රයට සුවිශේෂී සේවයක් කළ නිර්මාණ රැසක් දායාද කළ ලාංකිය සංගීතය දයාද කළ , සංගීතවේදියකු හා ගායන ශිල්පියෙකු වන ලක්ෂමන් විජේසේකර අභාවප්‍රාප්ත වී තිබෙනවා.