Home > Articles posted by Admin (Page 255)
FEATURE
on Nov 25, 2021
258 views 0 secs

හැකි තරම් ණය ගත් යහපාලන රජය අවසානයේ කරපු දෙයක් නොමැති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. අගමැතිවරයා මේ බව පැවසුවේ බණ්ඩාරනායක ජාත්‍යාන්තර ගුවන්තොටුපොළ සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නව ගුවන් යානා අංගනය සහ උප ධාවන පථය විවෘත කිරීමට එක් වූ අවස්ථාවෙදීයි. එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, “2015 දී බලයට ආපු යහපාලන ආණ්ඩුව […]

FEATURE
on Nov 25, 2021
284 views 0 secs

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසා සිටියේ ඉදිරි දින 6 තුළදී සිය ඉල්ලීම් ඉටුකිරීමට රජය අපොහොසත් වන්නේ නම් සිය වර්ජනය අඛණ්ඩව සිදුකරන බවයි. සෞඛ්‍ය සේවයේ උසස්වීම් විෂමතා ගැටලු, සෞඛ්‍ය පරිපාලන සේවාවක් ඇති කිරීම සහ හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු සෞඛ්‍ය වෘත්තීය […]

FEATURE
on Nov 25, 2021
274 views 0 secs

කින්නියා නගරාධිපතිවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ත්‍රිකුණාමලය කින්නියා, කුරින්ජන්කේනි කළපුවේ පාලම් පාරුවක් පෙරළීයාමෙන් පාසල් දරුවන් ඇතුළු හයදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ සිද්ධිය සම්බන්ධයෙනි.

FEATURE
on Nov 25, 2021
337 views 0 secs

ස්වීඩනයේ පළමු අග්‍රාමාත්‍යවරිය පත් වූ මැග්ඩලීනා ඇන්ඩර්සන්, පත්වීමෙන් පැය 12කටත් අඩු කාලයකින් ඉල්ලා අස්වී තිබේ.ඒ, සභාග ආණ්ඩුව යටතේ ඉදිරිපත් කළ අය-වැය යෝජනාව පරාජයට පත්වීමත් සමගයි. අන්ත දක්ෂිණාංශ නියෝජිතයින් සමග පළමු වරට ඉදිරිපත් කළ අය වැය යෝජනාව පිළිගත නොහැකි බව ඇය පිහිටවූ ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සඳහන් කළේ ය. කතානායකවරයාට ඉල්ලා අස්වීම භාරදීමෙන් අනතුරුව ඇය සඳහන් කළේ, […]

FEATURE
on Nov 23, 2021
273 views 0 secs

අද දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 740ත් සමඟ මේ වන විට මෙරට සමස්ත ආසාදිතයින් ගණන 558,860 දක්වා ඉහළ ගොස් තිබේ.

FEATURE
on Nov 23, 2021
353 views 0 secs

25 වන බ්‍රහස්පතින්දා පෙරවරු 9.00 සිට පස්වරු 7.00 දක්වා පැය 10ක කාලයක් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. වාද්දුව, වස්කඩුව, පොතුපිටිය, කළුතර (උතුර/දකුණ ) කටුකුරුන්ද, නාගොඩ, බෙන්තොට, පයාගල, බෝම්බුවල, මග්ගොන, බේරුවල, දර්ගානගරය, අළුත්ගම, පිලමිනාවත්ත, කළුවාමෝදර , මොරගොල්ල යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බවයි ජාතික ජල […]

FEATURE
on Nov 23, 2021
298 views 1 sec

දිවයින ආසන්නයේ වර්ධනය වෙමින් පවතින පහළ වායුගෝලීය කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද (23) සිට දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි. උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. […]

FEATURE
on Nov 22, 2021
271 views 0 secs

පොහොර සහ කෘෂි රසායන සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය සම්බන්ධයෙන් රාජ්‍ය නායකයා සියලු පාර්ශ්වකරුවන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී සාකච්ඡා පැවැත්වීය. එහිදීඑළවළු, බඩඉරිඟු සහ අනෙකුත් ධාන්‍ය වගාවන් සඳහා පෞද්ගලික අංශය හරහා කෘෂි රසායන ආනයනය කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් ලබාදී තිබෙනවා.හරිත කෘෂිකාර්මික ආර්ථිකයක් රජයේ ප්‍රතිපත්තිය බව ජනාධිපතිතුමා සඳුදා (22) යළි අවධාරණය කළේය.

FEATURE
on Nov 22, 2021
341 views 0 secs

2022 වසර සඳහා වන අය-වැය යෝජනාව දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 වැනි සෙනසුරාදා සිට අද නොවැම්බර් 22 දක්වා දින හතක් පැවැත්විණි. දෙවන වර කියවීමේ වැඩි ඡන්ද 93කින් සම්මත වී තිබෙනවා.එහිදී පක්ෂව ඡන්ද 153 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 60 ක් ලැබී තිබුණා. අයවැය තුන්වන වර කියවීම හෝ කාරක සභා අවස්ථා විවාදය හෙට (23) ආරම්භ වීමට නියමිතයි.

FEATURE
on Nov 22, 2021
441 views 0 secs

එළවළු සහ ඒ ආශ්‍රිත අත්‍යාවශ්‍ය ද්‍රව්‍යවල මිල ඉහළ යාමත් සමඟ හෙට (23) සිට ක්‍රියාත්මක වන පරිදි දිවා ආහාර පැකට්ටුවක සහ ප්ලේන් ටී කෝප්පයක මිල ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ (AICOA) ප්‍රධානී අසේල සම්පත් මහතා පවසයි. ඔහු කියා සිටියේ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් ආපනශාලා හිමියන්, හෝටල් කර්මාන්තය සහ පාරිභෝගිකයන් […]